තමන්ගේ පාසලේ දරුවන්ගේ පින්තූර සමාජ මධ්‍යයේ දමන්න සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් ගුරුවරුන්ට තියෙනවද ? නෑ ඔවුන්ට කිසිම අයිතියක් නෑ. මේ සම්බන්දයෙන් මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය.
එහෙම වීඩියෝ ජායාරූප දැමීම දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක් නොවේද ?
ඔව් එය පුද්ගලිකත්වයට හානි කිරීමක්!
ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ඕනෑම පුද්ගලයකුගේ ඩිජිටල් දත්තවල සුරක්ෂිතභාව්‍ය වෙනුවෙන් නොයෙකුත් නීති රීති (Personal Data Protection ACT No. 9, Computer crimes Act No. 24, Online safety act No.9) පවතී. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය යෙදවුම් භාවිතය වෙනුවෙන් මාර්ගෝපදේශ ප්‍රමාණයක් ලිඛිතව 2024 නොවැම්බර් මස ඉදිරිපත් කළ බවද මතක් වෙනවා.
දරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව වැඩිහිටියන් විසින් ඔවුන්ගේ අනාගත ඩිජිටල් පැවැත්ම හැඩගස්වමින් සිටිනු දක්නට ලැබෙන මේ කාලයේ දරුවන්ගේ පින්තූර හෝ වීඩියෝ ඩිජිටල් අවකාශ තුළ බෙදා ගනිද්දී ඒ සෑම ඡායාරූපයක්ම දරුවෙකුගේ ඩිජිටල් අනන්‍යතාවයට දායක වෙන බව මතක තබා ගත යුතුයි. එසේ නිරාවරණය වීම ඔවුන් තෝරා නොගත් එකකි. අනාගතයේ මේ දත්ත කෙලෙස ඔවුන් කෙරෙහි බලපානු ඇතිදැයි ඔබ හෝ මා නොදන්නා නිසා මේ ගැන දැනුවත්වීම සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වටිනවා යැයි සිතෙනවා. විශේෂයෙන්ම පාසැල් ගුරුවරුන් මේ ගැන සිහි කැඳවාගත යුතුයි.
ලංකාවේ වත්මන් ආණ්ඩුව, රාජ්‍යය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලපැවැත්වෙන නීති රීතී සංශෝදනය කරමින් ඉන්න බවට පුවත් දුටුවා. ගුරුවරුන් තම පන්ති කාමරයේ සිට පවා වීඩියෝ උඩුගත කරන නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන වඩා යුහුසුළුව කටයුතු කිරීම වටිනවා.
ඔබේ දරුවාගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන සිතා මේ කියන දේවල් ගැන උරණ වෙන්න එපා. දැනුවත් වෙන්න. ස්කැන්ඩිනේවියානු රටවල් බොහෝමයක දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව ගැන හිතනවා. නීති තියෙනවා. පිළිපදිනවා. සමස්ත සමාජයටම මේ ගැන කිසිම අදහසක් හෝ දැනුමක් නෑ කියල පෙනෙනවා එනිසා ඔබට හැකිනම් මේ සටහන් බෙදාගෙන දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.
වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මියගේ මුහුණු පොතෙන් උපුටා පල කරන ලදී.
Leave feedback about this