දරුවෙක්ට පුංචි හෙබිරිස්සාවක් හැදුනත් අම්මලා ගොඩක් කලබල වෙනවා. ඒ දරුවන්ට තියෙන ආදරේ නිසාම තමයි. ඉතිං ඒ වගේ හිතන අම්මා කෙනෙකුට දරුවෙක්ගේ නොනවතින කැස්ස අහගෙන, බලාගෙන ඉන්න බෑ කියන්නේ පුදුමයක් නෙවෙයි. කැස්ස කියන්නේ බාල මහලු වැඩිහිටි අපි කොයි කාවත් පීඩාවට පත් කරන තත්ත්වයක්. කැස්ස ඇති වෙන්න හේතු වෙන කරුණු කිහිපයක්ම තිබෙනවා.
- පීනස
- ඇදුම රෝගය (රාත්‍රියට/ එළිවෙන පාන්දර කැස්ස ඇතිවන්නේ ඇදුම රෝගයේ මූලාරම්භයක් ලෙස විය හැක)
මේ තත්ත්වයේදී සාමාන්‍ය කැස්සට වඩා වෙනස් වන අතරම එය දරුවාගේ දෛනික වැඩකටයුතුවලට බාධා පමුණුවයි. ඉතා පීඩාකාරී තත්ත්වයක් ඇති විය හැකි අතරම එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ. මන්ද එවිට පෙනහලුවලට වාතය ගමන්කරන මාර්ග තාවකාලිකව ඇහිරීම සිදු වන නිසා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගැනීමෙන් එය යථා තත්ත්වයට පත්කවනවා. ඇතැම් විට වෛද්‍ය උපදෙස් මත දරුවා නෙබියුලයිස් (දුම ඇල්ලීම) කිරීමට සිදු විය හැක. එවිට හුස්ම ගැනීමේ අපහසුව මගහැරී යයි.
- වෛරස් තත්ත්ව
සාමාන්‍යයෙන් වෛරස ආසාදන අප සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් පාලනය කරනවා. වෛරස් ආසාදනයක් හේතුවෙන් ඇතිවන කැස්සට වෛද්‍යවරු ප්‍රතිකාර නිර්දේශ කරන්නේ ඇති වන අපහසුතා මගහරවා ගැනීමට පමණයි.
- යම් අසාත්මිකතාවයන් (දුම් පානය කරන වටපිටාව/දූවිලි/නොයෙක් සෙල්ලම් බඩු – Soft Toys)
මෙවැනි අවස්ථාවකදී ඖෂධ ලබාදීමට අමතරව දරුවා සිටින වටපිටාව ගැන වෛද්‍යවරු සොයා බලන අතරම ආසාත්මිකතා ඇති විය හැකි වටපිටාවක දරුවා ජීවත් වෙනවා නම් එවැනි සාධක ඉවත් කිරීමට මව්පියන්ට උපදෙස් ලබා දේ.
දරුවන් තුළ ඇති වන කැස්ස තදබල එමෙන්ම පීඩාකරී තත්ත්වයක් ඇති කරයි නම් එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයාගේ පූර්ණ නිරීක්‍ෂණය මත දරුවාට ඉන්හේලර් එකක් නියම කිරීම සිදු විය හැකිය.
ඉන්හේලර් වර්ග
- ප්‍රිවෙන්ටර් – දිනපතා උදේ සවස මාස හයක් හෝ ඊට වැඩි කාලයක් වෛද්‍ය උපදෙස් මත ලබා දේ.
- රිලීවර් – අවශ්‍ය වූ විට පමණක් භාවිතයට වෛද්‍යවරු උපදෙස් ලබා දේ
ඉන්හේලර් ලබා ගැනීමේදී ඔබේ දරුවා නියමිත දිනට වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ. ඉන්හේලර් භාවිතයේදී ස්වසන අපහසුතා මගහැරෙන අතරම දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම වලක්වා ගත හැකිය.
ඔබේ දරුවාත් කැස්ස නිසා පීඩාවට පත්ව සිටිනවා නම්,
- යම් යම් ආහාර වර්ග ගැනීමෙන් පසු දරුවාගේ රෝගී තත්ත්වය වැඩි වන බවක් හැගී ගියේ නම් එවැනි ආහාර දරුවාට දීමෙන් වලකින්න
- රෝගී දරුවාට ශිත කළ ආහාර/බීම දීමෙන් වලකින්න
- දරුවන් එදිනෙදා ක්‍රියාකාරකම්වලින් ඈත්කිරීමෙන් වලකින්න (වෛද්‍ය උපදෙස් මත තීරණය කළ යුතුය)
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
Leave feedback about this