ජූනි 7, 2025
Parent Pulse Kids Sleep Health Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවාගේ නිසි වර්ධනයට සුව නින්දක් අවශ්‍යමද?

වර්ධනය යනු සංකීර්ණ ක්‍රියාවලියකි. දරුවෙකු වර්ධනය වීමේදී රුධිරය, අවයව, මාංශපේශී හා අස්ථිවල ජීව විද්‍යාත්මක සිදුවීම් උත්තේජනය කිරීම සඳහා හෝමෝන බොහොමයක් දායක කරගනී. මේ සඳහා වර්ධක හෝමෝන විශාල කාර්යභාරයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් සිරුරේ වර්ධක හෝමෝනය දවස පුරා ශ්‍රාවය වුවත් එම හෝමෝනය ශ්‍රාවය තීව්‍ර වන්නේ නිසි පරිදි නින්නදකට දරුවා අවතීර්ණ වීමෙන් පසුවයි. නින්ද යනු දරුවෙකුගේ සිරුරේ වර්ධනයටම පමණක් නොව ශක්තිය නැවත ගබඩා කරගැනීමේ සිට මොළයේ වර්ධනය තෙක් වන ක්‍රියාවලියේදී ද නින්ද අත්‍යවශ්‍ය සාධකයකි.

වැඩිහිටි අප සිතනවාට වඩා අපේ දරුවන්ට නින්ද අවශ්‍ය වන අතරම වාහනයකට ගොඩ වූ වහාම නින්දට වැටීම, නැවත අවධි කරවීම ඉතා අපහසු වීම, දරුවෙක් ඉතා උදාසීන අලස බවක් පෙන්නුම් කිරීම, මහන්සි ගතිය නිසි නින්දක් නොලැබූ දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ ලෙස දැක්විය හැකියි.

සාමාන්‍යෙයන් වයස අවුරුදු දෙක, තුන වියේ පසුවන දරුවෙකුට දිනකට පැය 12 – 14 ක පමණ අවශ්‍ය වන අතරම එය රාත්‍රී කාලය තුළ පැය 12 පමණ දිගු නින්දක් ද දිවා කාලයේ පැය 1 – 3 අතර කෙටි නින්දක් ද වශයෙන් ලබා දීම වඩාත් සුදුසුය. වයස අවුරුදු හතර පමණ වන විට එය දිනකට පැය 11 – 13 ක් පමණ විය යුතු අතර රාත්‍රී කාලයේ පැය 11 පමණ දිගු නින්දක් දරුවාට අවශ්‍ය වේ.

  • නිසි ලෙස ශරීර වර්ධනය සිදු නොවීම/ දරුවා උසින් අඩු වීම
  • වර්ධක හෝමෝනය නිපදවීමට බාධා වීම
  • පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා බාධා ඇති වීම
  • ඉන්සියුලින් නිපදවීමට බාධා ඇති වීම නිසා දියවැඩියා තත්ත්ව ඇතිවීමට අවදානම
  • දිවා කාලයේ දී අලස බව
  • අවධානය අඩු වී යාම නිසා හැකියාවන් ඔප්නැංවීමට අපහසු විය හැකි අතරම අනතුරුවලට මුහුණ දීමට සිදු වීම
  • නින්දට සුදුසු අඳුරු සහ නිහඬ වටපිටාවක් දරුවාගේ කාමරය තුළ ගොඩනඟන්න. ඔබේ දරුවා අඳුරට පියක් දක්වනවා නම් මෘදු ආලෝකයක් ලබා දෙන්න
  • දරුවා නින්දට යැවීම ප්‍රමාද නොකරන්න. දෛනිකව එක් වේලාවක දරුවා නින්දට යොමු කරවන්න. සති අන්තවල මෙන්ම හා පාසැල් නිවාඩු කාලයේදී වුවද එම වේලාව අඛණ්ඩව පවත්වා ගන්න.
  • දරුවාගේ නින්දට බාධා නොවන අයුරින් කටයුතු කිරීමට දෙමාපිය වැඩිහිටියන් වගබලාගන්න
  • දරුවා නිදිකරවීමට මෘදු නැලවීමකින් එහා ගිය අනවශ්‍ය ලෙස දරුවා සෙලවීමෙන් වළකින්න. එවැනි සෙලවීමකින් දරුවාට සුවදායී ගැඹුරු නින්ද අහිමි වනවා සේම එය එතරම් සෞඛ්‍යයට හිතකර නොවන බවද සිහි තබාගන්න
  • ඩිජිටල් උපාංග,තොටිල්ල වටා එල්ලා ඇති වර්ණවත් ආලෝකය විහිදුවන නොයෙක් ආකාරයේ සෙල්ලම් බඩු සමගින් දරුවා නිදි කරවීම උත්සාහ කිරීම කිසිසේත්ම සාර්ථක නොවන බව වටහා ගන්න. මන්ද ඩිජිටල් තිරවල වර්ණ පරාසය මගින් දරුවා උත්තේජනය වන අතරම නින්දේ අවශ්‍යතාවය නැතිව යනු ඇත.
  • නින්දට පෙර දරුවා පිරිසිදු කර, සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. නින්දටයොමු කිරීමේදී කුඩාම දරුවන් නම් සන්සුන් කරගැනීමට කතන්දර, නැළවිලි ගී ගැයීම කළ හැකියි.
  • වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට තනිව ඇඳක නිදාගැනීමට ස්වයං පාලනයක් නැහැ. ඒ සඳහා සුදුසු වයස අවුරුදු තුන පමණ වේ. නිසි වයසට පෙර තනිව ඇඳට හුරු කිරීමට යාමත් දරුවාට නිසි නින්දක් නොලැබීමට හේතු විය හැකියි.

Leave feedback about this

  • Quality