ඔක්තෝබර් 23, 2025
Kids Social Life Parent Pulse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

දරුවාගේ සමාජමය කුසලතා ගොඩනැංවීමේ වැදගත්කම ගැන ඔබ දැන සිටියාද?

දරුවෙකුගේ ජීවිතයේ අධ්‍යාපනික සාර්ථකත්වයටත්, පසුකාලීන රැකියාවටත්, සමාජය තුළ සතුටෙන් ජීවත් වීමටත් සමාජමය කුසලතා අතිශය වැදගත්ය. කුඩා දරුවාට ආරම්භයේ සිටම නිවැරදි සමාජ හැසිරීම් සහ සම්බන්ධතා ගොඩනගාගැනීමේ හැකියාවන් ඉගැන්වීම ඔහුගේ සම්පූර්ණ ජීවිත ගමනටම ආශිර්වාදයකි.
අද අප ජීවත් වෙන්නේ තාක්ෂණය හා වේගවත් ජීවිත රටා අතර ගැටෙන සමාජයකය. දරුවා විද්‍යුත් උපාංග සමග වැඩි කාලයක් ගතකරන අවස්ථා බහුලයි. එම නිසා සෘජු සමාජ සම්බන්ධතා, මිතුරන් සමග සෙල්ලම් කිරීම, සහයෝගයෙන් වැඩ කිරීම වගේ මූලික අත්දැකීම් මඟ හැරීමේ අවදානමක් ද පවතිනවා. මේ නිසාම දෙමාපියන්, ගුරුමාපියන් සහ ආදරණීය වැඩිහිටියන් දරුවාගේ සමාජමය කුසලතා සවිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

සමාජමය කුසලතා යනු අනෙක් පුද්ගලයන් සමග මනා සම්බන්ධතා ගොඩනගාගැනීමේ හැකියාවන් ය. මෙහි ඇතුළත් වන ගුණාංග කිහිපයක් නම්,

  • මිතුරන් සොයාගැනීමේ හැකියාව
  • විවේකයෙන් සෙල්ලම් කිරීම සහ එකට ක්‍රියා කිරීම
  • තම අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව
  • වෙනත් අයගේ අදහස් අගය කිරීමේ හැකියාව
  • ගැටළු සාමකාමීව විසඳීමේ හැකියාව
  • කරුණාව, දයාව සහ උනන්දුව පෙන්වීමේ හැකියාව

මෙම හැකියාවන් දරුවාගේ අනාගත සම්බන්ධතා සහ සමාජ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන අත්‍යවශ්‍ය මූලික ගුණාංග වේ.

කුඩා වියේදී දරුවන්ගේ මනස ඉතා සුන්දරව හැඩගැන්විය හැකි නිසා, ඔවුන්ට මේ වියේදීම සමාජ හැසිරීම්, සහයෝගය, කරුණාව වැනි ගුණංග හඳුන්වා දීම ඉතාමත් වැදගත් වෙනවා. මෙවැනි ගුණාංග ඔවුන්ගේ ජීවිතයේ ආරම්භයේ සිටම ස්ථාපිත කළ යුතු වන්නේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වයට මූලික පදනමක් ලෙසටයි.

  • මිතුරන් හමුවේ සබඳතා ගොඩනගා ගැනීම අසීරු වේ.
  • කණ්ඩායම් වැඩ, සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව අඩුවේ
  • ගැටලු සාමකාමීව විසඳීමේ හැකියාව අඩුවෙයි.
  • තම අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අඩු වේ.
  • දරුවාගේ සමාජ ජීවිතය සාර්ථක වේ.
  • මිතුරන් සමග කටයුතුවදී සහයෝගයෙන් කටයුතු කළ හැකි වේ
  • අන් අය සඳහා කරුණාව, ගෞරවය දැක්වීමට හුරු වේ
  • අනාගතයේදී මුහුණ දීමට සිදුවන ගැටලු මෙන්ම පීඩාකාරී අවස්ථා මනාව හැසිරවීමේ හැකියාව ඇති වේ
  • සමාජ, මානසික සහ අධ්‍යාපනික සාර්ථකත්වයේ මූලික අඩිතාලම වේ
  1. පවුල් පරිසරය සමාජ පාසලක් වැනි කරන්න
දරුවාට පවුලේදී අලුත් අදහස් හුවමාරු කරගැනීමේ, එකට සෙල්ලම් කිරීමේ සහ එකිනෙකාගේ අදහස්වලට සාවදානව සවන් දීමේ පුරුදු ගොඩනගන්න. පවුල තුළ එක් වී කතාබස් කිරීම්, එකට ආහාර ගන්නා අවස්ථා දරුවාට සමාජ සම්බන්ධතා ගොඩනගන්න ඉතා හොඳ අත්දැකීම් වේ.
  2. සෙල්ලම් මගින් ඉගැන්වීම
කුඩා දරුවන්ට සෙල්ලම් ඔවුන්ගේ භාෂාවයි. එකට සෙල්ලම් කිරීමෙන් බෙදාගැනීම, ඉල්ලීම, සහයෝගය සහ නීති රැකීම වගේ සමාජමය ගුණාංග ඉගෙන ගනී.
  3. උදාහරණයක් වන්න
දෙමාපියන් ලෙස ඔබගේ හැසිරීම දරුවාට සෘජුවම බලපායි. ඔබ ගෞරවාන්විතව කතා කරනවා නම්, දරුවාද එය අනුගමනය කරයි. ඔබ මිතුරන්ට සහය දක්වන ආකාරය ඔහුට හොඳම පාඩමක් වේ.
  4. දරුවාගේ උත්සාහය අගය කරන්න
ඔහු මිතුරෙකුට උදව් කරන විට, හෝ තම අදහස හොඳින් කියන විට, ඉහලින්ම අගය කරන්න. මෙය ඔහුට තවත් වරක් ඒ හැසිරීම නැවත කිරීමට දිරිගන්වයි.
  5. ගැටලු විසඳීමේ හැකියාවන් ඉගැන්වීම
දරුවාට කාලය ගත වන විට අනිවාර්යයෙන්ම ගැටළු මතුවේ. ඒවාට උදාහරණ සහිතව සාමකාමී විසඳුම් යෝජනා කරලා, කෝපයට හෝ අහිතකර හැසිරීම්වලට පිළියමක් ලබා දීම ඉතා වැදගත් වෙනවා.
  6. සමාජ අවස්ථා ලබා දීම
දරුවාට පාසලෙන් පිටත ක්‍රීඩා, සංගීත කණ්ඩායම්, දරැවන්ගේ හමුවීම් වැනි අවස්ථා ලබා දීම ඔහුට සමාජ සම්බන්ධතා පුහුණුවක් වේ.
  7. කරුණාව සහ දයාව ඉගැන්වීම
අනෙකුට උදව් කිරීම, හොඳ මිතුරෙකු ලෙස සිටීමේ වැදගත්කම කතා කරන්න. මෙය ඔහුට අනාගතයේ යහපත් සම්බන්ධතා ගොඩනගාගැනීමට වැදගත් වේ.
  8. සමාජ නීති සහ ආචාර ඉගැන්වීම
කරුණාකර, ස්තූතියි වැනි වචන මෙන්ම විනයානුකූලව ජීවත් වීම, සමාජයේ මූලික නීති දරුවාට පුරුදු කරන්න.

කුඩා දරුවෙකුට සමාජමය කුසලතා ගොඩනගා දීම, ඔහුට පාසලේ, මිතුරන් අතරත්, පවුලේද සාර්ථකව ජීවත් වීමට උපකාර කරන සම්පත් එකතුවකි. දෙමාපියන්, ගුරුවරුන් සහ සමාජය එකට උත්සාහ කළොත්, දරුවා අනාගතයේ පරිපූර්ණව සමාජ ජීවිතයට සූදානම් වෙයි.


Leave feedback about this

  • Quality