අපේ ජීවිතය සුරැකෙන්නේ පරිසරය නිසාය. පිරිසිදු වාතය, ජලය, ගස්, සත්වයෝ සහ ස්වභාවික සම්පත් නොමැතිව අපේ ජීවිතය පවත්වාගෙන යාමට නොහැකිය. එය එසේ වුවද අද වන විට අපේ පරිසරය අපද්‍රව්‍ය, වනාන්තර විනාශය සහ දූෂණය මගින් අවදානමට පත් වී තිබේ. අන්න ඒ නිසාම පරිසරය සුරැකීමේ වැදගත්කම අපේ දරුවන්ට කුඩා වියේ සිටම තියා දිය යුතු පාඩම් අතරින් එකක් බවට පත්ව තිබේ. එය අපේ දරුවන්ගේ මෙන්ම මුළු මහත් ලෝකයාගේම අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයකි. ඔබේ දරුවාටත් සරල පුරුදු සහ ක්‍රියා මගින් පරිසරයට ආදරයෙන් සුරැකීමට හුරු කළොත්, ඔවුන් අනාගතයේ පරිසර හිතකාමී පුරවැසියන් බවට පත් වේ.
- ගස් සිටුවීමේ අගය
දරුවාට පැලයක් සිටුවා ඒ ගසට ජලය දැමීම සහ පිරිසිදු තබා ගැනීමේ වගකීම ලබා දෙන්න. ගසක් කියන්නේ හුස්මක්” යන සරල සත්‍යය දරුවන්ට හුරු කරන්න.
- අපද්‍රව්‍ය වෙන් කිරීම.
ප්ලාස්ටික්, ලෝහ, කඩදාසි, කාබනික ද්‍රව්‍ය වෙන්කර තැබීමට දරුවන්ට උගන්වන්න. භාජන කිහිපයක් තබා ඒවා භාවිතා කරන ආකාරය හුරු කරන්න.
- ජලය හා විදුලිය ඉතිරි කිරීම
ජල කරාම අනවශ්‍ය විවෘත කර තබමින් ජලය නාස්ති නොකිරීම, කාමරයෙන් පිටවෙන විට බල්බ නිවීම, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට දරුවන් හුරු ක යුතුය.
- නැවත භාවිතය සහ Recycle කිරීම
නැවත භාවිත කළ හැකි බෝතල්, රෙදි බෑග් භාවිතයට දරුවා හුරු කරන්න. එක්වරක් භාවිත කර විසි කරන දේ පරිසරයට එක් වීම අහිතකර බව ඔවුන්ට වටහා දෙන්න.
- ආදර්ශයෙන් ඉගැන්වීම
දරුවන් දෙමාපියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර ඉගෙන ගන්නා බැවින්, දෙමාපියන් පළමුවෙන්ම පරිසරය සුරැකීමට හිතකර ක්‍රියාවන් ක්‍රියාත්මක කළ යුතුය. අපද්‍රව්‍ය වෙන් කර තැබීම, විදුලිය, ජලය ඉතිරි කිරීමේ සරල නීති පැනවීම මගින් ගෙදර පරිසරය සිතුගන්නා ලෙස ගොඩනැඟීම.
- සරල කතා මගින් දැනුවත් කිරීම
ගස් නැත්නම් අපට හුස්ම ගන්න බැහැ, වැනි සරල උදාහරණ භාවිත කරන්න. කතා මඟින් දරුවන්ට පරිසරය සමඟ ආදර සහ ගෞරවයේ සම්බන්ධය ගොඩනගන්න.
- දරුවන්ගේ දායකත්වය අගය කිරීම
දරුවෙක් පරිසරයට හිතකර කටයුතුවල නිරත වුවහොත් ඔවුන් අගයන්න. කුඩා ත්‍යාගයක් ලබා දෙන්න වගේම ඔබේ උපරිම දායකත්වය ලබා ගත හැක.
- පොදු වැඩසටහන්ට සම්බන්ධ කිරීම
පාසල් පැල සිටුවීම, පිරිසිදු කිරීමේ වැඩසටහන්, සත්ව ආරක්ෂණ වැඩසටහන් වැනි වැඩසටහන් සඳහා දරුවන් එක්කර ගනිමින් ඔවුන්ට පුරුද්ද ඇති කළ යුතුය.
දරුවන්ට පරිසරය සුරැකීමට උපදෙස් දීම යනු ඔවුන්ගේ අනාගතය සුරැකීමට කරන විශාලම ආයෝජනයකි. දෙමාපියන්ගේ ආදර්ශය, උපදෙස් සහ දිරිගැන්වීම මගින් දරුවන්ට පරිසරය ආදරයෙන් සුරැකීම ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය කොටසක් බවට පත් කළ හැක. අද අපේ දරුවන්ට ලබා දෙන උපදෙස්, හෙට දින ලොව සුරක්ෂිතව තබා ගන්නා වටිනා ආයෝජනයක් වනු ඇත.
Leave feedback about this