අපේ මතකෙ හරි පුදුමයි. උගන්වන දේ ඒ මොහොතෙ 100% ක්ම ඇහුනට මොකද දවසක් යනකොට 80% ක් වෙනකන් අමතක වෙලා යනවා. පැය 24න් විභාගෙට පාඩම් කරන අයට සාමාන්‍යයෙන් මේ මතකෙ හරි යනවා. ඒත් ලොකු සිලබස් එකක් එක දවසෙන් පාඩම් කරන්න බෑ. ඒ නිසා සමහර විභාගවලට මේ ක්‍රමේ සාර්ථක නෑ. ඩ්‍රයිවින් ලයිසන් ගන්න කලින් මාර්ග සංඥා ටික බලාගන්නවා වගේ සරල මතකයකට ඒක ප්‍රමාණවත්.
එතකොට ඔහොම යද්දි දවස් තුනක් යනකොට උගන්නපු ඒවායින් 60% යි මතක. මාසයක් යද්දි 20% යි. මාසෙකින් පාඩම් කරන්න හැදුවොත් මතක හිටින්නෙ අන්න ඒ 20% න් 80% යි . ඒකයි ඒක අසාර්ථක.
උගන්නපු දේ මතක තියෙන්නම ඕන නම් පාඩම් කරන්නම වෙනවා. අධික මතක ශක්තියක් තියන, කිව්ව දේ හරියටම මතක තියන අය ගැන නෙවේ මන් මේ කියන්නෙ. අපි වගේ සාමාන්‍ය මොලේ – සාමාන්‍ය මතක ශක්තියක් තියන අය ගැනයි මේ කතාව.
අමතක වෙලා යන ටික අල්ල ගන්න නම් ඒ ටික ආපහු ආපහු බලන්නම වෙනවා. රිවිශන් කියන්නෙ ඒකට .
ඒක මෙහෙම කියනවා.
උගන්නපු එක පැය විසි හතරක් ඇතුලත පාඩම් කරොත් ආපහු අමතක කරුණු ටික මතකෙට එනවා. දෙවෙනි වතාව නිසා අමතක වෙන්න ඉස්සෙල්ලා වතාවට වඩා කාලයක් යනවා. ඒ ටික අමතක වේගෙන යනකොට තව දවස් දෙකකින් ඒ කියන්නෙ මුල් පාඩමේ ඉදන් තුන්වෙනි දවසෙ පාඩම් කලොත් ආපහු මුලට එනවා. තුන්වෙනි වතාවටත් ඒ පාඩම දවස් හතකින් පාඩම් කරොත් මතකයෙ රැදෙන කාලෙ හුගක් වැඩියි.
ළමයින්ට සතියෙ උගන්නපු පාඩම් සති අන්තයේ පාඩම් කර ගන්න කාලෙ ඕනෙ. ඒකයි ඉස්කෝල වල මාසික පරීක්ෂණ වාර පරීක්ෂණ පවත්වන්න ඕන. ළමයි ඒවාට පාඩම් කරද්දි අමතක වේගෙන ගිය ඒවා මතක් වෙනවා.
ඒ කියන්නේ අද දේ අද පාඩම් කරා. ඊලග දවසෙ ආයෙත් කියෙව්වා. සති අන්තයේ නැවත පොත් පෙරලල අලුත් වුනා. මාසික පරීක්ෂණ වලට මුලක ඉදන් පාඩම් කරා. වාර පරීක්ෂණ වලටත් පාඩම් කරලම ලිව්වා. පාඩමක් පලවෙනි පාර මතක් කරගන්න පැයක් ගියාට තුන්වෙනි පාර මතක් කර ගන්න විනාඩි පහක්වත් යන්නෙ නෑ. මතකෙ ඒම තමා. පිටුවත් එක්කම කොතනද කොහොමද තිබ්බෙ කියලා කියන්න පුළුවන්.
විභාගෙකට තව මාස තුනක් ඉතුරුයි නම් ඔයාල දිනුම්.
එක පාඩමක් කියවන්න වෙන්නෙ වාර හතරයි.
- පැය 24 න්
- දවස් තුනකින්
- සතියකින්
- මාසෙකින්
ඊලගට විභගෙට ලියල එන්න. ප්‍රශ්නෙ කියවද්දි උත්තරේ සම්බන්ධ හැමදේම පේලියට මතකෙට ඒවි. මතකෙ හැටි ඒම තමා.
සටහන

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය
Leave feedback about this