දරුවෙකු පිහිනීම හෝ මොනයම් ජල ක්‍රීඩාවක යෙදවීම ඉතා වැදගත් වුවද, ජලය ආශ්රිත අනතුරු සහ දියේ ගිලීම්වල අවදානම කළමනාකරණය කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමකි. පිහිනීම ඉගෙනීම යනු ජීවිතාරක්ෂක කුසලතාවයක් වුවත් දරුවෙකු එයට යොමු කිරීමේදී ආරක්ෂාව සහතික කළ යුතමය. දරුවන් ජලයේ සිටින විට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දෙමාපියන් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය ආරක්ෂිත උපදෙස් ගැන දැනුවත් වීම මෙහිදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.
පිහිනුම් ආරක්ෂාවේ මූලික රීතිය වන්නේ කිසිවිටෙක දරුවෙකු ජලයේ තනි නොකිරීමයි.
- විශේෂයෙන් කුඩා දරුවන් (අවුරුදු 5ට අඩු) ජලයේ සිටින විට, ඔබ ඔවුන්ගේ අතේ දුරින් සිටිය යුතුය.
- දුරකථන භාවිතය, පොත් කියවීම හෝ වෙනත් වැඩිහිටියන් සමඟ කතා කිරීම වැනි දෙයින් වැළකී සිටිය යුතු වන්නේ ජලයේදී අනතුරක් වීම නිශ්ශබ්දව සහ තත්පර කිහිපයක් තුළදී සිදුවිය හැකි නිසාය.
ජලයට උඩින් පාවීමට උපකාරී වන ආම්-බැන්ඩ්, පිම්බෙන සෙල්ලම් බඩු වැනි උපකරණ ආරක්ෂිත ආම්පන්න ලෙස සලකා රැවටෙන්න එපා. ඔබ විවෘත ජලයේ (මුහුද, ගංගා, විල්) හෝ බෝට්ටු ගමනක යෙදී සිටිනවා නම්, දරුවාගේ වයසට සහ බරට ගැලපෙන, අනුමත කරන ලද ජීවිතාරක්ෂක කබායක් අනිවාර්යයෙන්ම පැළඳිය යුතුය. පිම්බෙන මුදු, ඩෝනට්ස් හෝ පාවෙන සෙල්ලම් බඩු ආරක්ෂක උපකරණ නොවේ. ඒවා පෙරළීමට හෝ සිදුරු වීමට ඉඩ ඇති අතර, දරුවාට නිසි ආරක්ෂාවක් ඒවායෙන් හිමි නොවිය හැකිය.
ජීවිත ආරක්ෂක කුසලතා ඉගෙනීම ඕනෑම දරුවෙකුට අත්‍යවශ්‍ය වේ. මාස 12 – 36 අතර සිටින කුඩා දරුවන් ජලයට හුරු කිරීමේ සහ මූලික ආරක්ෂිත පාඩම් ආරම්භ කිරීම සුදුසුය. අවුරුදු 4ට පසු විධිමත් පිහිනුම් පාඩම් අරඹන්න. පාඩම් කඩින් කඩ නතර නොකර අඛණ්ඩව පවත්වාගෙන යන්න. දරුවෙකුට පිහිනීමට හැකි බව පැවසීමෙන් අදහස් වන්නේ දියේ ගිලීමේ අවදානම අවම වී ඇත යන්න මිස නැති වී ඇත යන්න නොවේ.
දෙමාපියෙකු ලෙස හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැන සිටීම අත්‍යවශ්‍ය වේ. දෙමාපියන් සහ පිහිනුම් පුහුණුකරුවන් අනිවාර්යයෙන්ම ළමා CPR සහ ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ලබා තිබිය යුතුය. හදිසි අවස්ථාවකදී ජීවිතය බේරා ගැනීමට ගතවන පළමු මිනිත්තු කිහිපය තීරණාත්මක විය හැකිය. තටාකය හෝ ජල මූලාශ්‍රය ආසන්නයේ හදිසි සේවා දුරකථන අංක පහසුවෙන් දැකිය හැකි ස්ථානයක තබා ගන්න.
ඔබේ නිවසේ හෝ ඔබ නිතර යන ස්ථානයක තටාකයක් තිබේ නම්, භෞතික ආරක්ෂිත බාධක අත්‍යවශ්‍ය වේ. තටාකය වටා, දරුවෙකුට නැගීමට හෝ විවෘත කිරීමට අපහසු අඩි 4කට වඩා උස වැටක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. වැටෙහි දොරටු ස්වයංක්‍රීයව වැසී අගුළු වැටිය යුතුය (Self-closing and self-latching). දරුවන් වැටට නැගීමට භාවිතා කළ හැකි පුටු හෝ මේස ඉවත් කරන්න.
දරුවන්ට ජලයේ සිටින විට පිළිපැදිය යුතු නීති මොනවාදැයි පැහැදිලිව කියා දෙන්න.
- තටාකය වටා ඇති තෙත් මතුපිට ලිස්සන සුළු බැවින් දිවීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.
- කිමිදීමට අවසර ඇත්තේ ගැඹුරු කෙළවරේදී පමණක් බවත්, නොගැඹුරු ජලයේ කිමිදීමෙන් හිසට තුවාල විය හැකි බවත් ඔවුන්ට කියා දෙන්න.
- යහළුවෙකු හෝ සහෝදරයෙකු සමඟ ජලයට පිවිසීම සහ එකිනෙකා බලා ගැනීම අත්‍යවශ්‍ය වේ.
දරුවෙකුට පිහිනීමට ඉගෙන ගත හැකි වුවද, අනතුරක් සිදුවන විට දරුවාගේ ආරක්ෂාව රඳා පවතින්නේ දෙමාපියන්ගේ විනයානුකූල අධීක්ෂණය මතය. ජීවිතාරක්ෂක කබාය සහ වැටවල් යනු ආරක්ෂක ක්‍රම දෙකකි. මෙම සෑම ආරක්ෂිත උපදෙසක්ම අනුගමනය කිරීමෙන් ඔබේ දරුවාට පිහිනීමෙන් සහ ජල ක්‍රීඩාවෙන් ලැබිය හැකි සතුට සහ ප්රතිලාභ ආරක්ෂිතව භුක්ති විඳීමට ඉඩ සලසයි.


Leave feedback about this