Parent Pulse Blog සුව දිවිය වැඩිහිටියන්ගේ සුව දිවිය බිම වාඩි වුණාම නැගිටගන්න බැරිද? දණහිස් රිදෙනවද?
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

බිම වාඩි වුණාම නැගිටගන්න බැරිද? දණහිස් රිදෙනවද?

බිම හිඳ ගෙන නැගිටින විට දණහිස්වල වේදනාව දරාගන්න බැරි බොහෝ දෙනෙක් අපට හමු වෙලා ඇති. ඒත් ඒ වෙලාවට පමණක් ඒ ගැන හිතුවත් මේ කුමන හේතුවක් නිසා සිදු වෙන්නක්ද යන්න ඇතැම් අවස්ථාවදී නොදන්නවාත් විය හැකියි. මේ ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) තත්ත්වය නිසා විය හැකියි.

ශරීරයේ බර වැඩි වීම බොහෝ රෝග වලට හේතු වන බව අපි දන්නා කරුණකි. බර වැඩි වීම සිරුරේ බර උසුලා සිටින සන්ධි ඉතා ඉක්මනින් රෝගී වීමට හේතු විය හැකියි. ශරීරයේ බර උසුලා සිටින සන්ධි හා නිතර ගෙවීමට ලක්වන සන්ධිවල ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇති වේ. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය දණහිස් සන්ධිවල බහුලව ඇති වන බව දැකිය හැකිය.

  • සන්ධි වල දැනෙන වේදනාව
  • සන්ධි වල ඉදිමුම
  • ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, පඩිපෙලක් නැග යන විටදී වේදනාව වැඩි වීම
  • රාත්‍රියට සන්ධිවල වේදනාව වැඩි වීම
  • බිම හිඳගෙන සිට නැගිටීමට අපහසු වීම
  • මේ රෝගයේදී ඇති වන වේදනාව නිසාම ක්‍රම ක්‍රමයෙන් සන්ධිවල චලනය සීමා වීමෙන් සන්ධි අවට මාංශපේශීන් දුර්වල වී මාංශ පේශීන් සිහින් වීම සිදු වේ.
  • අවුරුදු 45 ට වඩා වැඩි කාන්තාවක් වීම (හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා)
  • අධි බර
  • දෙපාවල දිගෙහි වෙනස්කම් (ද්විතියිකව මෙම තත්ත්වය වර්ධනය විය හැක) පැවතීම.
  • සන්ධි අනතුරට පත් වීම – තරුණ වියේදී නම් සන්ධි අනතුරට පත්වීම මේ රෝගයට මූලික හේතුවයි. ස්නායු අනතුරට පත් වීම නිසා සන්ධි වල සංවේදන අඩු වී ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය වර්ධනය විය හැක.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගය සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස කෙටි තරංග ප්‍රතිකාරයත් සන්ධි අවට මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාමද අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගියාගේ වේදනාව, ඉදිමුම පහ වී ගොස් සන්ධි චලනය කිරීමට පහසු වේ. මෙම රෝගයට ප්‍රතිකාර නොකර සිටීමෙන් සන්ධිවල නොයෙකුත් විකෘතිතා ඇති විය හැකි අතර උදාහරණය වශයෙන් “හර්බන් නෝඩ්ස්” සහ “බූචාඩ්ස්” නම් වන ගැට ඇඟිලි පුරුක් සන්ධි වල ඇතිවේ.

  • උසට සරිලන බර මට්ටම පවත්වා ගැනීමට සැලකිලිමත් වෙන්න
  • පඩි පෙල නැගීම, බිම හිඳ ගැනීම, නැගීටීම වැනි දෑ අවම කරන්න
  • උඩක සිට බිමට පැනීම කිසිදු විටෙක නොකරන්න
  • දණහිස් සන්ධියේ ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය ඇත්නම් උඩුබැලි අතට දිගා වී දණහිස් සන්ධිය නොනැමෙන සේ පාදය අංශක 45 ක් පමණ ඔසවන්න. නැවත ඉතා සෙමින් පාදය පහත දමන්න.

දැනුවත් කිරීම සහ සටහන

ආචාර්ය ජාලිය උඩුවැල්ල
ප්‍රධාන භෞත චිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල

Exit mobile version