ඔක්තෝබර් 24, 2025
Kidney Stone Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

මුත්‍රා ගල් කියන්නේ මොනවද?

වකුගඩු ගල්, මුත්‍රා ගල් නමින් එක එක විදියට කිව්වට මේක වෛද්‍ය විද්‍යාවෙදි හඳුන්වන්නේ රීනල් කැල්කියුලයි (Renal Calculi) කියලයි. ඒවා හරිම පුංචි, හයිය ඛනිජ වලින් හැදිච්ච ගල් ජාතියක්. ඔයාගේ වකුගඩු අස්සේ මේ ඛනිජ සාන්ද්‍රණය අධික උනහම ඒවා එකතු වෙලා කැටි ගැහිලා හදන ගල් වලට තමයි අපි මේ විදිහට කතා කරන්නෙ. තියෙන තැන අනුව අපි ඒකට වකුගඩු ගල් එහෙම නැත්නම් මුත්‍රාශයේ තියෙන ගල් එහෙම නැත්නම් මුත්‍රවාහිනියෙ තියෙන ගල් කියලා කියනවා.

අපේ මුත්‍රාවල කැල්සියම්, ඔක්සලේට්, යූරික් අම්ලය, ෆොස්පේට් වගේ ඛනිජ වර්ග තියෙනවා. අපේ ඇඟ විජලනයට ලක්වුනාම, එහෙම නැත්නම් අපිට පෙවෙන වතුර ප්‍රමාණය අඩු වුනාම, එහෙමත් නැත්නම් විවිධ අසාමාන්‍ය හේතු හින්ද, ඇඟේ ඛනිජ වල සාන්ද්‍රණය වැඩි වුණහම සමබරතාව බිදිලා මුත්‍රා ගල් හැදෙන්න පටන්ගන්නවා. මුලින් ඒවා කැටිති විදියට එකතුවෙලා පස්සේ එකට එකතු වෙලා හයි වෙලා ගලක් විදියට හදනවා.

අපිට බහුලව හම්බවෙන මුත්‍රා ගල් අතර කැල්සියම් ඔක්සලේට් සහ යූරික් ඇසිඩ් වලින් හැදූනු ගල් හඳුනාගන්න පුළුවන්.
ඒව සමහරවිට පුංචි වැලිකැට වගේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ලොකු ජිල් බෝල වගේ ලොකු ඒවා වෙන්නත් පුළුවන්. ඒ වගේම කාටවත් නොදැනී හීන්සීරුවේ පාස් වෙලා යන්නත් පුළුවන් සමහර අයට වගේ මුළු ලෝකෙම අවධානය දිනාගෙන අධික වේදනාවක් ඇති කරලා යන්නෙ නැතිව හිරවෙලා තියෙන්නත් පුළුවන්.

එක්වරම කොන්දේ හෝ යටිබඩේ ඇතිවෙන තදබල වේදනාව. ඒක හරියට අනිනවා වගේ.
යටිබඩ හරහා ශ්‍රෝණිය දෙසට දිවෙන වේදනාවක්
ලේ පාටට මුත්‍රා පිටවීමක්
නිතරම නිතරම මුත්‍රා කරන්න යන්න සිද්ධ වීමක් හෝ එහෙම නැත්නම් මුත්‍රා දැවිල්ලක්
වේදනාව එක්ක එන වමනය, එහෙම නැත්නම් ඔක්කාරය
ඇඟ ගැහිලා එන උණ වගේ වෙන්නත් පුළුවන්.

ඒකට අපි කියන්නේ කොලිකි පේන් කියලා. මුත්‍රා ගල්වලදී අපිට එන වේදනාව නිකන් තරංගාකාරව තමයි එන්නේ. ඒක එනවා- උච්චකම තැනට එනවා- ආයෙ අඩුවෙලා යනවා- ආයේ ආයේ එනවා- උඩට යනවා -ආයෙ අඩුවෙලා යනවා -ඒ වගේ.
ඒ කැක්කුම කොන්දේ පිටිපස්සෙ ඉඳන් යටි බඩ ප්‍රදේශයට යනවා වගේ තමයි දැනෙන්නේ
ඒ වේදනාව ඉතාම තියුණු වේදනාවක්. ඒක කොච්චර වේදනාවක්ද කියලා කියනවා නම් ඔයාට නිශ්චලව ඉන්න පුළුවන් වෙන්නෙ නැහැ. සමහර විට වේදනාවේ ප්‍රමාණය මත කලන්තෙ දාන්න- සිහි නැති වෙන්න- දාඩිය දාන්න- වමනය යන්න -කෑගහන්න – අඬන්න- ඕනම දෙයක් වෙන්න පුළුවන්.

වේදනාව, මුත්‍රා ගල් තියෙන තැනත් එක්ක වෙනස් වෙනවා. මුත්‍රාගල් ඇවිල්ලා මුත්‍රාවාහිනියක හිර වුණොත් මේ වේදනාව ඉතාම තියුණුව ඔයාට අත්දකින්න සිද්ධ වෙනවා. බටයක හිරවිච්ච බෝලයක් වගේ එකක්ද බටේ විසින්ම එළියට තල්ලු කරලා දාන්න කරන ව්‍යායාමය වගේ දෙයක් ඔයාගේ මුත්‍රාවාහිනී වලින් මේ හිරවිච්ච ගල් මත ඇති කරනවා. අන්න එතකොටයි මේ අධික වේදනාව එන්නේ.

ඔව්. තදබල කැක්කුමට අමතරව හරියටම කියාගන්න බැරි කැක්කුමක් වගේ එකක් එනවා.
මුත්‍ර වාහිනීවල ගල් හිර වුණහම එතනට ඉහළින්, වකුගඩු වලින් පෙරෙන මුත්‍රා එකතු වෙනවා. මේ එකතු වීම නිසා ඒ මුත්‍රානාල හා වකුගඩු ප්‍රමාණයෙන් විශාල වෙනවා වගේම ඒ මත උඩු අතට තෙරපුමක් ඇති කරනවා. මේක හයිඩ්‍රොනෙෆ්රෝසිස් (Hydronephrosis) කියලා හඳුන්වනවා. ඒ කියන්නේ වකුගඩු වල එහෙම නැත්නම් මුත්‍රනාලවල මුත්‍රා පිරිලා, ඒවා ගල හින්ද බ්ලොක් වෙලා පල්ලෙහාට ගිහිල්ලා මුත්‍රාසය හරහා පිට වෙන්න බැරිව තියෙන තත්වය.

ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. ලොකු වේදනාවක්. මුත්‍ර පිරෙනවා- ඒක ඇතුළෙන් තෙරපුමක් ඇති කරනවා. වේදනා වැඩිකමට වමන යන්නත් පුළුවන්. සමහරවිට උණක් හැදෙන්නත් ඉඩකඩක් තියෙනවා.

මේ මුත්‍ර මගින් කරන පීඩනය ඉවත් නොකළොත් වකුගඩු හානි වෙන්න ඉඩ කඩකුත් තියෙනවා. ඒ හැරෙන්න විෂබීජ පැතිරීම සහ වකුගඩු අකර්මන්‍යතාවයට පත්වීමේ හැකියාවකුත් තියෙනවා.

ඒ හින්දා මුත්‍රා ගල් කියන්නේ ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්.

පරීක්ෂණ නැතත් ඔයාගේ රෝග ලක්ෂණ අනුව ඔයාව පරීක්ෂා කරන වෛද්‍යවරයෙක්ට මුත්‍රා ගල් හඳුනාගන්න පුළුවන්.
ඒ හැරෙන්න රෝග ලක්ෂණ කිසිවක් නැතිව UFR පරීක්ෂණයකදී ලේ පරීක්ෂණයකදී වකුගඩු වල අකර්මණ්‍යතාවය බලන serum creatinine පරීක්ෂණවලදී මේ ගැන යම් හෝඩුවාවක් එන්නත් පුළුවන්.

අල්ට්‍රා සව්න්ඩ් ස්කෑන් එකකින් අපිට මේක නිශ්චය කර ගැනීමේ හැකියාව තියෙනවා.
එක්ස්‍රේ (X ray) එකක් අරගත්තොත් සමහර ගල් අපිට පේන්න ගන්නවා.
ඒ ඇරෙන්න CT පරීක්ෂණ වලිනුත් ගලේ ප්‍රමාණය- තියෙන තැන- ඝණත්වය වගේ වැඩිදුර විස්තර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා.

මේ පරීක්ෂණවලදී එක එක විදියට රෝගියාව සූදානම් කරවිය යුතු වෙනවා. උදාහරණයක් විදිහට ස්කෑන් පරීක්ෂණයේදී ඔයා හොදට වතුර බීලා මුත්‍රා බර ඇතිව යන්න ඕනේ. අපි කියනවා ෆුල් බ්ලැඩර් එන්න කියලා. ඒ වගේම X ray එකක් ගන්නකොට බඩවැල් වල තියෙන මලපහ ආදී ඉවත් කිරීමෙන් අනතුරුව තමයි මේ පරීක්ෂණ සිද්ධ කරන්නේ. නැත්නම් ගල පේන්නැතිව යනවා.

ඒක ගලේ ස්වභාවය මත වෙනස් වෙනවා.
සාමාන්‍යයෙන් ගලේ ප්‍රමාණය ඉතාම කුඩා නම් උදාහරණයක් විදිහට 5mm ට විතර වඩා අඩු වෙනවා නම් දිනපතා වතුර ලීටර් තුනක් පමණ පානය කිරීමෙන් මේ ගල් පහව යාමේ හැකියාවක් තියෙනවා. ගල් කුඩා නිසා ඒවා මුත්‍ර මාර්ගය දිගේ අවහිරතාවයකින් තොරව පාස් වෙනවා කියන එකයි ඒ කියන්නේ. සමහර වෙලාවට මුත්‍ර මාර්ගයේ තියෙන මාංශ පේශී තව චුට්ටක් ඉහිල් කරලා ඒ හරහා ඉඩ කඩ වැඩිපුර හදලා දෙන්න එක එක විදියේ බෙහෙත් වර්ග වෛද්‍යවරයා නිර්දේශ කරනවා. ඊට අමතරව වේදනානාශක අවශ්‍ය වේවි.

මධ්‍යම ප්‍රමාණයේ ගලක් නම් ඒ කියන්නේ 5mm – 1mm විතර සයිස් එකේ ගලක් නං සමහර වෙලාවට ඒ විදිහට යන්නේ නැති වුණොත් ඔයාට ගල කුඩු කරල ඉවත් කරන්න සිද්ධ වේවි.

විශාල ගල් ඒ කියන්නේ සෙන්ටිමීටරයට වඩා වැඩි නම් රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම ලක් වෙන්න.
මේ ගල් වලින් ඇති කරන වේදනාවත් එක්ක ඒක නිකම්ම යයි කියලා බලාගෙන ඉන්න අමාරු වෙනවා. ඒ හින්දා ඔයාට ආකාර කීපයකින් මේ ගල ඉවත් කරන්න සිද්ධ වෙනවා. එක්කෝ ගල කුඩු කරලා එහෙම නැත්නම් ඔපරේශන් එකක් කරලා ගල ඉවතට අරගෙන එහෙමත් නැත්නම් එන්ඩස්කොප් එකක් හරහා ගිහිල්ලා ලේසර් වලින් ගල කුඩු කරලා ඉවත් කිරීමකින් වගේ . ඒවා ඔපරේශන්. ඒත් ගල කුඩු කරන එක ඔපරේශන් එකක් නෙවේ.

ඒකෙදි කරන්නෙ කම්පන තරංග වලින් ඇඟ ඇතුළට හානියක් නොකර ඇතුළෙ තියෙන ගල කඩලා කුඩුකරලා මුත්‍රවලින් ඉවත් වෙන්න සලස්වලා යවන එක.
ESWL – Extracorporeal Shock Wave Lithotripsy කියලයි කියන්නෙ. මේකෙදි කම්පන තරංග ඇති කරනවා. ඒවා කොහේ හරි තැනක තියන හයිය ගලක වැදුනහම ගල අනුනාද වෙන්න පටන් අරගෙන එක වෙලාවකදි ගල කුඩුවෙලා යනවා.

මේ තරංග, කුඩු කරන්න නියමිත ගල මත එක ළඟ එක ළඟ ෂූට් කරනවා. ඒකෙන් ඒ ගල එක්කො වැලි වගේ කුඩුවෙලා යනවා. එහෙම නැත්නම් ගලේ ඝනත්වය මත ගල කැබලි වලට කැඩීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඝනත්වය වැඩි ගල් මේ ක්‍රමයේදී නොකැඩී තියෙන්න හරි ලොකු කෑලි වලට කැඩෙන්න හැකියාවක් තියෙනවා.

මේ ප්‍රතිකර්මය ඔපරේෂන් එකක් නොවන නිසා ඒක එදාම කරලා එදාම රෝහලෙන් පිටවීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාට ඊට පස්සේ මේ ගල් කෑලි ඉවත් කිරීම සඳහා අධික විදියට වතුර පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ වේදනාවට වේදනානාශක ගන්නත් ඕන. ඒ වගේම ස්කෑන් එකකින් ගල කැඩුනද නැද්ද කියන එක තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ටික දවසක් යනකන් මුත්‍ර එක්ක ලේ යන්න පුළුවන්. ගලට මොන ප්‍රතිකර්මයද කරන්න ඕනේ කියලා තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින්. ගලේ ඝනත්වය ප්‍රමාණය සහ තියෙන තැන තීරණය කරලා.
ලංකාවේ තියෙන හැම රෝහලකම මේ ප්‍රතිකාර ක්‍රමය නැහැ. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ටම ගල කුඩු කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.

එතනින් එහාට තියෙන ගල් ඉවත් කරන්න කරන ක්‍රමවේද වලට ඔපරේෂන් එකක් එහෙම නැත්නම් ශල්‍යකර්මයකට භාජනය වෙන්න වෙනවා. ලෙසර් මගින් ගල කුඩු කරලා ඒ ගල් කෑලි අයින් කරන එකක් හෝ එහෙම නැත්නම් කෙලින්ම වකුගඩු ඇතුලට ඔපරේෂන් එකකින් ගිහිල්ලා වකුගඩු ගල් අයින් කිරීම වගේ එකක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම තීරණය කරන්නේ ශල්‍ය වෛද්‍යවරයා.

පුළුවන්. දවසකට වතුර ලීටර් තුනක් වත් බොන්න කියල කියන්නෙ මෙන්න මේ කාරණය නිසා.
මීට කලින් ගල් හැදිලා තියෙනවා නං නිරන්තරයෙන් ඔයාට ගල් ඇතිවෙනවද කියලා පරීක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේම සමහර ආහාර වර්ග -එළවළු වර්ග -පලතුරු වර්ග වලින් මුත්‍රා ගල් ඇතිවීම වළක්වනවා. හුඟක් අය අක්කපාන ,කටු වනෝදා, රාබු වගේ ආහාර වර්ග උත්සාහ කරලා තියෙනවා. ඔයාලා අත්දැකපු ප්‍රතිකර්මත් තියෙනවා නම් මේක යටින් මැසේජ් එකක් දාගෙන යන්න.

සමහර ලුණු අධික එහෙම නැත්නම් කාබනිකෘත බීම ජාති වලින් හැදෙන්න පුලුවන් .
ඒ වගේම ඔක්සලේට් වලින් හදන ගල් ඔක්සලේට් බහුල ආහාර වර්ග වලින් හැදීමේ අවධානමක් තියෙනවා. උදාහරණයක් විදිහට නිවිති, චොක්ලට්, වගේ.

මේ ගල් හරිම චූටි උනාට ඒ වලින් එන කැක්කුම නම් මේ ලෝකයේ මනුස්සයෙකුට දරන්න බැරි තරම් මහා විශාලයි. අපි මේක ගණන් ගන්නේ නැතුව හිටියොත් සමහර වෙලාවල් වලට වකුගඩුව හානි වෙන්නත් පුළුවන්. ඒ හින්දා වෛද්‍ය උපදෙස් ඉක්මනින්ම ගන්න.

මුත්‍රා ගල් හැදිච්ච කෙනෙකුට වතුරම බොන්න, වතුරම බොන්න කියලා කියන්නේ විශේෂ වැදගත් හේතුවක් නිසා. ඒ හින්දා වතුරම බොන්න. වතුර අඩුවෙන්ම බොන මිනිස්සුන්ටත් කියන්න තියෙන්නේ වතුරම බොන්න කියන එක තමයි.

මුත්‍ර ගලක් පිටවීමෙන් පස්සේ දැනෙන සහනය මේ ලෝකේ මනුස්සයෙක් ජීවිතේ අත්දකින්න බලාගෙන ඉන්න සහනයක් හොයන ලොකුම ලොකු බලාපොරොත්තුවක් වෙනවා.


දැනුවත් කිරීම 

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ

Leave feedback about this

  • Quality