ඔක්තෝබර් 23, 2025
Muddaraspalam parent Pulse Article Featured Image
විශේෂී ලිපි

මුද්දරස්පලම් ඔය කියන තරම්ම රසයිද? ගුණයිද?

මේ දවස්වල මුද්දරස්පලම් ගැන රටේ හැමෝම කතා වෙනවා. ඉතිං අපිත් කල්පනා කළා රටම කතා වෙන මුද්දරස්පලම් ගැන හරියටම දැන ගත්තොත් නරකද කියලා.

මුද්දරස්පලම් (මුද්දරප්පලම්/වියළි මිදි) කියන්නේ රසය වගේම ගුණයත් පිරිපුන් ආහාරයක්. සාමාන්‍යයෙන් මුද්දරස්පලම් සෑදෙන්නේ මිදි වියළීමෙන් නිසා, එහි මිදිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සහ ස්වභාවික පැණි රසය සාන්ද්‍රණය වී තිබෙනවා.

මුද්දරස්පලම් වල ස්වභාවික සීනි (ග්ලූකෝස් සහ ෆෲක්ටෝස්) ඉහළ මට්ටමක පවතින නිසා එය ඉතාමත් පැණි රසයි. වියළි පලතුරක් ලෙස රස කැවිලිවලට සහ විවිධ ආහාරවලට රසයක් එක් කරන්න එයට පුළුවන්. එය මෘදු, තරමක් ඇලෙනසුළු සහ හපන්නට පහසු වයනයකින් යුක්තයි.

ඒ වගේම මුද්දරස්පලම් යනු පෝෂ්‍ය පදාර්ථවල හොඳ ප්‍රභවයක් වන අතර, මෙහි සෞඛ්‍යයට හිතකර ගුණාංග රැසක් අඩංගුයි. මෙහි ආහාර තන්තු (Fiber) බහුල නිසා මලබද්ධය වළක්වා ගැනීමට සහ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය පවත්වා ගැනීමට උදව් වෙනවා. බඩ පිරුණු ගතියක් ඇති කරන නිසා ආහාර පාලනයටත් යෝග්‍යයි.

  • ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් පොහොසත් මුද්දරස්පලම් ශරීරයට හානි කරන නිදහස් රැඩිකලුන් (Free radicals) උදාසීන කිරීමට උදව් වන අතර, එමගින් ඇතැම් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ඒ විතරක් නෙවෙයි යකඩ (Iron) අඩංගු නිසා මුද්දරස්පලම් ආහාරයට ගැනී රුධිරයේ හිමොග්ලොබින් අඩු පුද්ගලයන්ටත් වැදගත් වෙනවා.
  • රුධිර පීඩනය පාලනය කිරීමටත්, හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටත් වැදගත් වෙන පොටෑසියම් (Potassium) මුද්දරස්පලම්වල අන්තර්ගතයි.
  • අස්ථි සෞඛ්‍යයට සහ කැල්සියම් අවශෝෂණයට සහාය වන ක්ෂුද්‍ර පෝෂකයක් (micronutrient) වන බෝරෝන් (Boron) අඩංගුයි.
  • මුද්දරස්පලම්වල ඇති කාබෝහයිඩ්‍රේට් (සීනි) සාන්ද්‍රණය නිසා ක්ෂණික ශක්තියක් ලබා දෙනවා.

මුද්දරස්පලම් ඉතා ගුණදායක වුවත්, වියළි පලතුරක් බැවින් එහි ස්වභාවික සීනි සහ කැලරි ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. එම නිසා, විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සහ බර පාලනය කිරීමට උත්සාහ කරන්නන් විසින් මධ්‍යස්ථ ප්‍රමාණයකින් ආහාරයට ගැනීම වැදගත් වේ.

මුද්දරස්පලම් යනු එහි ඇති පැණි රසය නිසා ඕනෑම කෙනෙකුට ප්‍රිය කරන, ආහාරවලට පහසුවෙන් එකතු කළ හැකි ආහාරයකි. එසේම, එහි අඩංගු තන්තු, යකඩ, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක නිසා එය සෞඛ්‍යයට ඉතා ගුණදායක වේ. නමුත්, එහි ඉහළ සීනි ප්‍රමාණය නිසා ඕනෑවට වඩා නොගෙන, සමබර ආහාර වේලක කොටසක් ලෙස සීමා සහිතව පරිභෝජනය කිරීම වඩාත් සුදුසුයි.


අන්තර්ජාලය ඇසුරෙනි.

Leave feedback about this

  • Quality