භෞත චිකිත්සාව යනු බොහොමයක් රෝග තත්ත්වයන්වලදී නැතුවම බැරි ප්‍රතිකාර ක්‍රම ඇතුළත් චිකිත්සාවක් ලෙස හැඳින්වීම නිවැරදය. ශ්වසන රෝග සඳහා ද එලෙසින්ම භෞත චිකිත්සාවේදී ප්‍රතිකාර ක්‍රම පවතී. මූලිකවම හ්වසන රෝග මොනවාද යන්න හඳනා ගනිමු.
ශ්වසන රෝග යනු ශ්වාසනාල පද්ධතිය සම්බන්ධව ඇති වන රෝග වන අතරම මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් (නියුමොකොකස් නියුමෝනියේ, ස්ටෙරප්ටොකොකස්) වැනි විෂබීජයක් ශ්වසන නාල පද්ධතියට ඇතුළු වීමයි. දූවිලි ආඝ්‍රාණ වීමෙන්ද මේවා ශරීර ගත වේ. තවද රෝගියෙකු මගින්ද තවත් කෙනෙකුට ද ඇතුළු විය හැක. තවද නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, විෂ වායු සහ ආසාත්මිකතා නිසාද ශ්වසන රෝග ඇති වේ.
- අනතුරුවලට මුහුණ දී එක්තැන් වී (අංශභාගය, කැඩුම් බිදුම්වලට ලක්වීම, ශල්‍යකර්මවලට බදුන් වීම)
- ශ්වසන පද්ධතියේ ඇති අර්බුද Tumour
- ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍ය
- මානසික හේතු
- නිව්මෝනියාව Pneumonia – විෂබීජයක් හෝ යම් විෂක් පෙනහලු කරා ගොස් එම පෙනහලු පටක ආසාදනය වීම
- බ්‍රොන්කයිටීස් Bronchitis – ශ්වාසනාල ආසාදනයකට හෝ ආසාත්මිකතාවයට ලක්වීම
- බ්‍රොන්කියෝලයිටිස් Bronchiolitis – විශේෂයෙන් මාස ගණන්වල කුඩා ළඳරුවන්ට වැලදෙන අතර අනුශ්වාසනාලික ආසාදනයට පත්වවීම
- බ්‍රොන්කියෙක්ටේසිස් Bronchiectasis – ශ්වාසනාලවල අසාමාන්‍ය පලල් වීම නිසා ඇති වන නිදන්ගත රෝග තත්ත්වයකි
- ඇදුම Asthma – විවිධ දේවලට ඇති වන ආසාත්මිකතා නිසා ශ්වාසනාලවල පේශී දරදඬු වී එම නාල සිහින්වීම
- ප්ලුරල් එෆියුෂන් Plural effusion – පෙනහලු වටා ඇති හිස් අවකාශය නැතහොත් ප්ලුරල් කුහරය ආසාදනයට ලක් වී තරලයකින් පිරී යාම
- පෙනහලු හැකිලීම Atelectasis – ස්‍රාවයන් නිසා හෝ වෙනත් සිරවීමකදී හෝ ප්ලුරල් එෆියුෂන් තත්ත්වය නිසා පෙනහලු හැකිලී යාම සිදු විය හැක
පවතින රෝගී තත්ත්වය අනුව රෝග ලක්‍ෂණ වෙනස් වන අතරම ප්‍රතිකාරද විවිධය.
රෝග ලක්‍ෂණ
- වියළි හෝ බුරුල් කැස්ස
- හතිය නැතහොත් මහන්සිය
- හුස්ම ගැනීමේදී පපුවේ ඇති වන වේදනාව
- උණ
- වමනය
- කෑම අරුචිය
- බඩේ වේදනාව
- හිසේ කැක්කුම
මෙම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ. භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස Postural drainage ක්‍රමය ඉතා වැදගත් වේ. එනම් රෝගියා ගුරුත්වාකර්ෂණය උපයෝගී වන ලෙස ඉරියව්වල තබා පෙනහලුවල සෙම තිබෙන තැන අනුව එම ස්ථානයට අතින් තට්ටු කර සෙම ඉවත් කිරීමයි. රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ස්ථානය අනුව වෙනස් වේ. මෙම ප්‍රතිකාරයට පෙර සමහර රෝගීන්ට වතුර වාෂ්ප අඝ්‍රාණයද අත්‍යවශ්‍ය වේ.
භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස මෙම රෝග සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමද ඉතා වැදගත් වේ. බොහෝ දෙනෙක් අතර බහුලව දක්නට ලැබෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් පාලනය කර ගත හැක. ඔවුන් සඳහා හුස්ම පිට කිරීමේ ව්‍යායාම වැදගත් වේ.
හුස්ම පිටකරන වේගය මනින උපකරණ උපයෝගී කරගෙන දල මිනුමක් ලබා ගනිමින් හුස්ම ගැනීමේ ව්‍යායාම වෙනස් කරමින් සිදුකළ යුතු වේ. පෙනහලුවල ඇති එක් එක් කණ්ඩිකා පිම්බෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞත චිකිත්සකවරු අතින් සිදුවේ. සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර සමහර රෝග සඳහා කෙටි හුස්ම ගත යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇත.
ශ්වාස නාලිකා සිහින් වී ඇති අවස්ථාවල හුස්ම පිට කිරීම රෝගියාට අපහසුය. එවිට රෝගියාගේ ඇතුළත කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වී ශ්වසන වේගය වැඩි වේ. රෝගියාගේ පපු කූඩුව ඇතුළට තෙරපීම මගින් පෙනහලුවල ඇති වැඩි කාබන්ඩයොක්සයිඩ් පිට කළ හැක. තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කිහිපයක්ද භෞත චිකිත්සාවේදී උගන්වනු ලැබේ. භෞත චිකිත්සක ප්‍රතිකාර කෑමට පෙර කල යුතුය. නැතහොත් වමනය ඇති විය හැකිය.
කුඩා දරුවන්ට අධික ලෙස සෙම ඇති විටදී ඒවා ඉවත් කිරීමට කැස්ස ඇති කළ යුතුය. ඒ සඳහා උත්තේජන ක්‍රම තිබේ. දරුවාට කැස්සක් ඇති වූ විට කලබල නොවිය යුතුය. එය ශරීරයේ ඇති මහඟු ප්‍රතික්‍රියාවකි. එමගින් පෙනහලුවල ආරක්‍ෂාව සැලසෙන බව සිහි තබා ගත යුතුය. බොහොමයක් දෙමාපියන්ගේ මතය වන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා රෝගී තත්ත්වය අඩු නොවන බවයි. දරුවා කැස්සත් සමග සෙම ගිල දැමූ විට ඒවා ආමාශයට ගොස් මල සමග පිටවේ. ඒ නිසා කුඩා දරුවන් ඒවා ගිල දැම්මාට බිය විය යුතු නැත. දරුවා සෙම ශ්‍රාවයන් ගිල දමන නිසා ආමාශය ඒවායින් පිරී ගෙස් කෑම රුචිය අඩු වීයයි. තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැකිය.
කුඩා දරුවන්ගේ නහස් කුහර ශ්‍රාවයන්ගෙන් පිරී යා හැකිය. එවිට හුස්ම ගැනීමට මුඛය විවෘත කරයි. එවිටද දරුවා කිරි උරා බීම ප්‍රතික්‍ෂේප කරයි. මෙවැනි අවස්ථාවලදී සක්ෂන් උපකරණයක් මගින් සෙම ශ්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරුවී යයි.
දැනුවත් කිරීම සහ සටහන
ජාලිය උඩුවැල්ල
ප්‍රධාන භෞත චිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ
Leave feedback about this