අද වන විට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකා අපගේ දෛනික ජීවිතයේ සහ ව්‍යාපාර කටයුතුවල අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇත. කෙසේ වෙතත්, මේ සමඟම පෞද්ගලිකත්වයට සහ දත්තවලට ඇති අවදානම ද වැඩි වී තිබේ. ඔබේ ඩිජිටල් ජීවිතය ආරක්ෂා කර ගැනීමට සහ මාර්ගගත අවදානම් අවම කර ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රායෝගික පියවර ගැන දැනුවත් වීම වඩාත් වැදගත් වේ.
ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් අනවසරයෙන් ප්‍රවේශ වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ ගත යුතු මූලික සහ වැදගත්ම ක්‍රියාමාර්ග මෙන්න.
- ශක්තිමත් සහ අනන්‍ය මුරපද
එක් එක් සමාජ මාධ්‍ය ගිණුම සඳහා වෙනස් සහ අක්ෂර 12කට වඩා දිගු මුරපදයක් භාවිත කරන්න. ඔබේ නම, උපන් දිනය හෝ පොදු වචන මුරපද ලෙස භාවිත කිරීමෙන් වළකින්න. විශාල සහ කුඩා අකුරු, ඉලක්කම් සහ සංකේත මිශ්‍ර කරන්න. ඔබගේ සියලු මුරපද මතක තබා ගැනීමට අපහසු නම්, ආරක්ෂිත මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (Password Manager) භාවිත කරන්න.
- 2FA එනම් ද්වි-සාධක සත්‍යාපනය (Two-Factor Authentication) සක්‍රිය කරන්න
2FA යනු ඔබේ මුරපදය හැරුණු විට, ඔබට පමණක් ලැබෙන දෙවන සත්‍යාපන කේතයක් (සාමාන්‍යයෙන් SMS හෝ ඇප් එකක් හරහා) ඇතුළත් කිරීමට සිදුවන ආරක්ෂක ක්‍රමයකි. ඔබේ මුරපදය කවුරුන් හෝ සොරකම් කළත්, ඔවුන්ට ඔබේ දුරකථනය නොමැතිව ගිණුමට ඇතුළු විය නොහැක. සියලුම ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවල මෙන්ම, ඔබගේ ප්‍රධාන ඊමේල් ගිණුම සඳහාද 2FA සක්‍රිය කරන්න.
2FA වඩාත් ඵලදායී වන්නේ ශක්තිමත් මුරපදයක් තිබුණද, සමහර විට දත්ත කඩවීම් (Data Breaches) හරහා හෝ ෆිෂින් (Phishing) හරහා මුරපදයක් සොරකම් විය හැකියි. නමුත් 2FA සක්‍රිය කර ඇති විට, ප්‍රහාරකයාට මුරපදය තිබුණද, ඔබේ දුරකථනයට හෝ සත්‍යාපන යෙදුමට (Authenticator App) එන දෙවන කේතය නොමැතිව ගිණුමට ඇතුළු විය නොහැකි නිසා වගේම මෙය ඔබේ අනන්‍යතාවය සනාථ කරන දෙවන ස්ථරයක් (Second Layer of Verification) ලෙස ක්‍රියා කරන නිසයි. (ඔබ දන්නා දෙයක් – මුරපදය) සහ (ඔබ සතු දෙයක් – දුරකථනය) යන දෙකම මෙහිදී අවශ්‍ය වේ.
- පැරණි සැසි (Old Sessions) අවලංගු කරන්න
ඔබගේ ගිණුමේ Settings > Security and Login වැනි කොටස් වෙත ගොස්, ඔබ දැනට භාවිත නොකරන හෝ හඳුනා නොගන්නා උපාංගවලින් (Devices) සිදු කර ඇති ප්‍රවේශයන් වරින් වර ඉවත් කරන්න. පොදු පරිගණකයකින් හෝ මිතුරෙකුගේ දුරකථනයකින් පිවිසියේ නම් මෙය අත්‍යවශ්‍ය වේ.
2. පෞද්ගලිකත්ව සැකසුම් සහ දත්ත කළමනාකරණය
ඔබ මාර්ගගතව බෙදාගන්නා දේ කළමනාකරණය කිරීම ඔබේ ආරක්ෂාවට සෘජුවම බලපායි.
- පෞද්ගලිකත්ව සැකසුම් නිරන්තරයෙන් පරීක්ෂා කරන්න
ඔබගේ සෑම සමාජ මාධ්‍ය ගිණුමකම Privacy Settings වෙත ගොස්, ඔබේ පළ කිරීම්, ඡායාරූප සහ පුද්ගලික තොරතුරු දැකිය හැක්කේ මිතුරන්ට පමණක් (Friends Only) හෝ පෞද්ගලික (Private) බවට සකසන්න. බොහෝවිට ඔවුන්ගේ සැකසුම් වෙනස් කරන නිසා, මාස කිහිපයකට වරක් මෙම සැකසුම් පරීක්ෂා කරන්න.
- අධික ලෙස තොරතුරු බෙදාගැනීමෙන් වළකින්න
ඔබේ නිවසේ ලිපිනය, දුරකථන අංකය, නිශ්චිත නිවාඩු දිනයන් හෝ දරුවාගේ පාසල වැනි සංවේදී තොරතුරු ප්‍රසිද්ධියේ පළ කිරීම අනන්‍යතාවය සොරකම් කරන්නන්ට හෝ අපරාධකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකිය.
- ලොකේෂන් අක්‍රිය කරන්න
ඔබ ඡායාරූප පළ කරන විට, ඔබ සිටින ස්ථානය ස්වයංක්‍රීයව සටහන් වීම වළක්වා ගැනීමට ඔබගේ දුරකථනයේ කැමරා යෙදුමේ ස්ථාන සේවා (Location Services) අක්‍රිය කරන්න.
- තෙවන පාර්ශවීය යෙදුම් පිරිසිදු කරන්න
ඔබ අත්සන් කළ මෙම යෙදුම ඔබේ ෆේස්බුක් ගිණුමට ප්‍රවේශ වීමට ඉඩ දෙන්න වැනි අවසරයන් ඇති යෙදුම් (Third-party Apps) නිතිපතා සමාලෝචනය කර, ඔබ තවදුරටත් භාවිත නොකරන ඒවායේ ප්‍රවේශය අවලංගු කරන්න.
මාර්ගගතව සිදු විය හැකි වංචා සහ ප්‍රහාර හඳුනා ගැනීමෙන් ඔබට ආරක්ෂා විය හැකිය.
- ෆිෂින් (Phishing) උත්සාහයන් ගැන සැලකිලිමත් වන්න
ඔබේ සමාජ මාධ්‍ය වේදිකාවෙන් (Facebook, Instagram) පැමිණියා යැයි පෙනෙන, නමුත් ඔබේ මුරපදය හෝ පෞද්ගලික තොරතුරු ඉල්ලන සැක සහිත පණිවිඩ හෝ ඊමේල් ගැන අවධානයෙන් සිටින්න. කිසිම විටෙක මුරපද හෝ වෙනත් සංවේදී තොරතුරු ඊමේල් හෝ කෙටි පණිවිඩ හරහා නොයවන්න. එවැනි පණිවිඩවල ඇති සැක සහිත සබැඳි (Suspicious Links) ක්ලික් කිරීමෙන් වළකින්න.
- ව්‍යාජ ගිණුම් සහ මිතුරු ඉල්ලීම්
ඔබ දැනටමත් මිතුරන් වී සිටින පුද්ගලයෙකුගේ ව්‍යාජ ගිණුමකින් (Fake Profile) නැවත මිතුරු ඉල්ලීමක් ලැබුණහොත්, එය පිළිගැනීමට පෙර ඔවුන් අමතා සත්‍යතාව පරීක්ෂා කරන්න. බොහෝ විට මෙම ගිණුම් වංචනික ක්‍රියා සඳහා යොදා ගනී.
- යමක් පළ කිරීමට පෙර සිතන්න
සමාජ මාධ්‍යයේ ඔබ පළ කරන සෑම දෙයක්ම (අදහස්, ඡායාරූප, තොරතුරු) ඔබේ කීර්ති නාමයට සහ අනාගත අවස්ථා (රැකියා, අධ්‍යාපනය) වලට බලපෑම් කළ හැකිය. ප්‍රකෝපකාරී හෝ ප්‍රචණ්ඩකාරී අන්තර්ගත පළ කිරීමෙන් වළකින්න.
සමාජ මාධ්‍ය යනු ප්‍රබල මෙවලමකි. නමුත් එහි ඇති පහසුකම භුක්ති විඳීමට නම්, ආරක්ෂාව ඔබේ ප්‍රමුඛතාවය විය යුතුය. මෙම සරල පියවර නිරන්තරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට විශ්වාසයකින් යුතුව ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වී සිටීමට හැකියාව ලැබේ.
සඳමාලි හේරත්
මෘදුකාංග ඉංජිනේරු
Webaholic Technologies (Pvt) Ltd
Leave feedback about this