අප්‍රේල් 4, 2025
Parent Pulse Category Home Article Featured Image
විශේෂී ලිපි

වැඩිය වටින්නේ දුව ද ? පුතා ද?

පෙර දිග සංස්කෘතිය තුළ ගැහැණු දරුවන්ට තිබුනේ නොවටිනා බවක්. මේ නිසාම ඉන්දියාව වැනි රටවල් දරු කලලයේදි ගැහැණු දරුවෙකු බව හඳුනා ගත් විට ඇයට ජිවත්විමට තිබෙන අයිතිය නැති කරන්න තරම් දරුණු වුණා. සිංහල ජන සමාජය තුළත් පිරිමි දරුවාට තිබුනේ ඉහළ වටිනාකමක්. පුතෙක් යනු ඇතෙක් යන තරමටම වටිනාකම ප්‍රබල වුණා. පිරිමි දරුවා පවුලකට මොන තරම් ශක්තියක්ද කිවහොත් විවාහ සම්බන්ධතාවයන්හිදි පිරිමි දරුවන් සිටින පවුල් වෙනුවෙන් ලකුණු ලැබුන අතර ගැහැණු දරුවන් පමණක් සිටින පවුලකින් විවාහයක් කර ගැනීමටත් පසුගාමි බවක් තිබුනා. ගැහැණු දරුවා වෙනුවෙන් පවුලට එකතු වෙන පිරිමි දරුවා තමන්ගේ කුසෙන් වැදු දරුවෙකු තරමටම ආදරයෙන් සලකන්න මව්පියන් බැඳී සිටියත් සමාජගත ආකල්ප නිසා පිරිමි දරුවන් නැති පවුලක් ගැන තක්සේරුව ටිකක් අඩු වුනා.
මව්පියවරුන් විදිහට දුවක වුනත් පුතෙකු වුනත් තිබුනේ සැබෑම ආදරයක් සෙනහසක්. නමුත් පිරිමි දරුවා පරම්පරාව බෝ කරන්නාය යන සංකල්පය නිසා මේ අන්දමින් වටිනාකම් ගොඩ නැගුනා.

නමුත් කාලාන්තරයක් මුලුල්ලේ පිරිමි දරුවා උත්තමයි යන සංකල්පයට දැන් ලබා දී තිබෙන සමාජ වටිනාකම අඩුවෙන තැනට පත්ව තිබෙනවා. 1984 සිට 2011 දක්වා අතර කාලයේදි තමන්ගේ පවුලට එකතු වෙන දරුවන් අලලා සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙනි ගොස් තිබෙන්නේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ කැමැත්ත ඉදිරියෙන් ඇති බවයි. එහිදි ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ගේ ආර්ථිකය විෂයෙහි ගැහැණු දරුවන්ගෙන් ලැබෙන දායකත්වය නිසා ඔවුන්ගේ මනාපය ගැහැණු දරුවන් වෙනුවෙන් ඉහල යමින් පවතින බවයි.

ඉන්දියාව වැනි රටවල් ගැහැණු දරුවන් බරක් ලෙස සලකන ලද්දේ ඔවුන්ගේ විවාහයන් සිදු වෙන විට විශාල ලෙස දායාද ලබා දෙන්නට සිදු විම නිසයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ කළමණාකාරණය පිලිබඳ විද්‍යාලය සහ ව්‍යාපාරික පාසල සඳහන් කරන්නේ පවුලේ ආර්ථික ගැටුම් පිලිබඳ ඇති පරිසරය නිසා පිරිමි දරුවන්ගේ තැන දැන් ගැහැණු දරුවන් වෙතට යොමු වෙමින් ඇති බවයි. ශ්‍රි ලාංකික ජනසමාජය තුළ පවා පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා වෙනුවෙන් වූ ප්‍රාර්ථනයක් මව්පියන්ගේ සිත් තුළ පැවැතුනා. පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා ගැනීම සහ බාල දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවුලේ වැඩිමහල් ගැහැණු දරුවාගෙන් ලැබෙන ශක්තිය ඇගයිමට ලක් වුනා. මේ නිසාම කුළුඳුලේ ලබන ගැහැණු දරුවාට ලබා දුන් සමාජ වටිනාකම බටහිර රටවලටත් සන්නිවේදනය වුනා.

ආහාර පිළිබඳ සංස්කෘතියේදි පවා අතිතයේදි පිරිමි දරුවාට විශාල වගකීමක් තිබුණා. පිසින ලද බතෙන් මුදුන්බත පවුලේ පියාටත් එතැනින් පසු පිරිමි දරුවන්ටත් බෙදා දුන්නා. අගහිගකමක් ඇති වුනොත් ගැහැණු දරුවා ඒවා ඉවසාගෙන සිටිම හික්මිම විදිහට සැලකුනා. නමුත් මෙම අධ්‍යනයේ ප්‍රධානී Vladas Griskevicius සඳහන් කරන්නේ දරුවන් බිහිකිරිමේ යාන්ත්‍රණය තුළ ගැහැණු දරුවාටත් නව යොවුන් වියේදි පෝෂණය ලබා දිම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු බවයි. හැදෙන වැඩෙන වයසේදි පිරිමින්ට සාපේක්ෂව ගැහැණු දරුවාටත් පෝෂණය අවශ්‍යයෙන්ම ලැබිම ඔවුන්ගේ අයිතිය බවයි.

මව්පියන් විදිහට ගැහැණු සහ පිරිමි දරුවන් අතර ආදරයේ වෙනසක් නැතැත් සමාජගත ආකල්ප සහ සමාජ හැසිරිම් තුළ දරුවන් වෙනුවෙන් අද වටිනාකම් නොදැනුවත්වම ගොඩ ඇති බවයි. දරුවන් යනු දරුවන්ය. එහි වෙනස ඇත්තේ ස්ත්‍රි පුරුෂ බව මත නොව දරුවා සමාජගත කිරිමේදි මව්පියන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මතයි. ආහාර සහ අධ්‍යාපනය වෙනුවෙන් පිරිමි දරුවන් වෙනුවෙන් වූ වැය පාර්ශවය ඉහළ වීම සාමාන්‍ය තත්වයකි. පිරිමි දරුවාගේ ජෛව රිද්මය අනුව ඔහුගේ ආහාර අවශ්‍යතාවය ගැහැණු දරුවාට වඩා ඉහලය. අනාගත පවුලක් නඩත්තු කිරිම වෙනුවෙන් වූ වගකීම නිසා නිසි අධ්‍යාපනයක් ලබා දී රැකියා මාර්ගයක් වෙත අනිවාර්යෙන් යොමු කළ යුතුය. නමුත් ගැහැණු දරුවා වෙනුවෙන් මෙම වගකිමෙන් මව්පියන් ඉතා පහසුවෙන් මිදෙන්නේ දරුවන් හදා ගෙන උයා පිහා ගෙදර දොර වැඩකටයුතු කිරිමට ඉගෙන ගැනීම ප්‍රමාණවත් නිසා උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් වූ අනිවාර්ය යොමු කිරිමක් අවශ්‍ය නොවන නිසාය. අපේ ජන සමාජයේ වුව අතීතයේ ගැහැනු දරුවාගේ අධ්‍යාපනය තමන්ගේ නම ලියා ගැනීමට හැකියාවට තරම් වු පටු සීමාවකින් අවසාන කරන ලදි. අද පරිපාලනයේ පවා ඉහල තැන්වල කාන්තාවන් සිටියද, මේ ගැන එදා ඔවුන් කතා බහ කලේ ඉගෙන ගෙන ඒජන්තකම් කරන්නද?…යන සෘණාත්මක ආකල්පයකින්ය.

ලෝකය මොනතරම් ඉදිරියට ගියත් ගැහැණු දරුවා සඳහා අධ්‍යාපනය අනිවාර්යෙන්ම ලබා දිය යුතුය යන පෙළඔවිමක් නොමැති නිසා ඉතා පහසුවෙන් මව්පියන් එම වගකිමෙන් නිදහස් වෙනු ඇත. නමුත් පිරිමි දරුවෙක් මුල් කර ගෙන මේ අන්දමේ සැහැල්ලුවකින් කටයුතු කිරිමේ හැකියාවක් මව්පියන්ට නොමැත. පිරිමි දරුවන් මුල් කර ගෙන මව්පියන්ට දැරිමට සිදු වෙන වැය පාර්ශවයන් දැරිමත් අපහසු අතර එම වගකිමෙන් මිදෙන්නට ඔවුන්ට හැකියාවක් ද නැත. මේ නිසා වර්මානය තුළ ගැහැණු දරුවන්ට තිබෙන කැමැත්ත පිරිමි දරුවාට වඩා පවුලක ඉහළ වටිනාකමක් ලබා ගෙන ඇත.

Leave feedback about this

  • Quality