ජූනි 7, 2025
Parent Pulse Healthy Life Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවෙකුට කේන්ති යාම අසාමාන්‍ය ද….?

දරුවන් කියන්නෙත් අපි වගේම මස්, ලේ, ඇට වලින් සැදුන පිරිසක්. ඒ නිසා අපිට වගේම දරුවන්ටත් කේන්ති යෑම සාධාරනයි. බොහෝ අවස්ථාවලදී ඔවුන්ට තමන්ගේ අවශ්‍යතාවය හරිහැටියට සන්නිවේදනය කර ගැනීමට නොහැකි වුනාම ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවය ඔවුන්ට අවශ්‍ය විදිහට ඉටු නොවෙන විට බොහොම කේන්ති යනවා.

පුංචි කාලයේ දරුවන්ට කේන්ති යෑම සාධාරණ තත්වයක්. ඒත් වයසත් සමග ඔවුන්ගේ අදහස් කියාගන්න පුළුවන් වෙද්දී මේ තත්වය නොදැනීම මග හැරෙනවා.

එහෙමනම් අපි දරුවන්ගේ කේන්තිය සමග කටයුතු කරන්නේ කොහොමද?

බොහෝ අවස්ථාවලදී දෙමව්පියන් විසින් දරුවන්ට හැම දෙයක්ම එපා එපා කියන නිශේධනය ලබා දුන්නාම මේ තත්වය ඇති වෙනවා. ඇතැම් මව්පියන් දරුවන්ට කිසිම හේතුවක් නැතුව ඔවුන් කරන හැම දෙයක්ම එපා කියන තත්වයට පත් වෙනවා. මේ නිසා දරුවන්ටත් ඇති වෙන්නේ කෝපයක්. අම්මා තාත්තා එපා කියන දෙය ඇයි එපා කියන්නේ යන හේතුඵල සම්බන්ධතාවය දරුවන් දන්නේ නැහැ. ඔවුන්ට එය තේරුම්ගැනීමට තරම් හකියාවක්ද නැහැ. මේ නිසා දරුවන්ට ඇති වෙන්නේ කෝපයක්.
බොහෝ දෙමව්පියන් බාල කාලයේදී දරුවන්ට අනවශ්‍ය විදිහට නීති රීති පනවන්නේ ඔවුන් කුඩා කාලයේ පටන්ම මට්ටු කර ගෙන හදා වඩා ගැනීමට වුනත් එය දරුවාට මහත් අපහසුතාවයක්. විනයක් අවශ්‍ය වුනත් එය වෙහෙසක් නොවිය යුතුයි. විනය නීති රීති වුනත් බොහොම ප්‍රවේසමෙන් පනවා ගත යුතුයි. එහෙම නැති වුනොත් එයින් ඇති වෙන්නේ ඊට වඩා අපහසුතාවයක්. දරුවාගේ වයසට නොගැලපෙන විදිහට සීමා කරන්න ගියාම ඇති වෙන්නේ ආවේගයක්. මේ නිසා ඔහු නිතරම කේන්තියෙන් පසු වෙනවා.

සමහර දරුවන්ගේ කේන්තිය ඉතාම ආවේගශීලියි. බඩුමුට්ටු පොළවේ ගහන, අම්මා තාත්තා හපන, ඔවුන්ට පහර දෙන තරමටම බරපතලයි. මේ තත්වයේදී ඇතැම් දරුවන්ට දඬුවම් කළාම තත්වය ඊටත් බරපතලයි. ඒ නිසා මව්පියන් විදිහට ඔබ මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද යන්න තේරුම් ගත යුතුයි. ඇතැම් දරුවන්ට ඉතා හෙමින් ආදරයෙන් පැවසූ විට ඔවුන් ඇහුම්කන් දෙනවා. තවත් අයට හොඳින් කියනවාට වඩා ටිකක් සැරෙන් කියන්න අවශ්‍යයි. මේ දෙපාර්ශවයේදී දරුවා ප්‍රතිචාර දක්වන අන්දම ඔබ තේරුම් ගන්න ඕන. ඒ අනුව කටයුතු කලොත් කේන්තිය පාලනය කර ගැනීම අපහසුවක් වෙන්නේ නැහැ.

අම්මා තාත්තාගේ අවධානය නැති වුනාමත් දරුවන් මේ තත්වයට පත් වෙනවා. දරුවන් නිතරම බලන්නේ අම්මා තාත්තා තමාගේම බවට කර ගැනීමටයි. මේ නිසා අනවශ්‍ය විදිහට කේන්තියෙන් හෝ ඔවුන් තමන්ගේ කටයුත්ත ඉටු කර ගැනීමට උත්සාහ කරනවා. ඒ නිසා ඔබේ කාලවේලාව කෙසේ වුනත් දරුවාටත් යම් අවධානයක් දැක්වීම ඉතාම වැදගත් වෙනවා.

සමහර උදවිය දරුවන් කේන්ති ගන්වන්න ඉතාම කැමැතියි. දරුවාගේ ප්‍රතිචාර බලමින් ඔවුන් සතුටට පත් වෙනවා. ඒත් මේ තත්වය එතරම් හොඳ දෙයක් නාවේ. ඊට හේතුව දරුවාත් එය ආයුධයක් බවට පත් කර ගැනීමයි. වෙනත් අය ඔහුගේ කේන්තියට ප්‍රතිචාර දක්වන විට දරුවා හිතන්නේ එය ඉතා හොඳ දෙයක් බවයි. මේ නිසා අනවශ්‍ය විදිහට දරුවන් කේන්ති කිරීම එතරම් සුබවාදී නැහැ.

දරුවා බරපතල විදිහට කේන්ති ගන්නවා නම් එය බෙහෙවින් ආවේගශීලි නම් කාලයත් සමග මග හැරෙන්නේ නැත්නම් ටිකක් අවධානය දැක්වීම වැදගත්. මානසික ලෙසින් ඔවුන් සන්සුන් කිරීම මගිනුත් මේ තත්වයට පිලියම් ලබා ගන්න පුලුවනි. ආගමික පසුබිමක් තුළ යහගුණ කියා දෙමින් කටයුතු කරන්න. එවිට දරුවාගේ හිතේ ඇති වෙන හික්මීම නිසාත් මේ ආව්ගශීලිත්වය මග හැරෙන්න පුලුවන්.


Leave feedback about this

  • Quality