ජූනි 7, 2025
Parent Pulse Child Health Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබේ දරුවාටත් හැමදාම හෙබිරිස්සාවද?

දරුවන් අතර දක්නට ලැබෙන සෙම ආශ්‍රිත රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ඉතා සුලබව දැක ගත හැකි තත්ත්වයකි. පෙණහලු අශ්‍රිතව ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට වෛරස වර්ග 200කට පමණ ආසන්න ප්‍රමාණයක් විය හැකි අතරම බහුල වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛදරස වන්නේ රයිනෝ සහ කොරෝනා යන වෛරසයි. ස්වසන පද්ධතියේ ඇතිවන රෝගයක් වන සෙම්ප්‍රතිශ්‍යාව එක් දරුවෙකුට වසරකට කිහිපවතාවක්ම වැළඳීමට ද හැකියාව ඇත. ඇතැම් මව්පියන් සිතන්නේ මෙය පීනස තත්ත්වයක් ලෙස වුවද පීනස යනු බාහිර පරිසර තත්ත්ව මත ඒ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමක් මිස ආසාදිත තත්ත්වයක් නොවේ.

  • කිවිසුම් යාම
  • නාසය, උගුර, ඇස් කැසීම
  • සොටු දියර ගැලීම
  • මස් පිඬු වේදනාව
  • අතපය වේදනාව/හිසරදය
  • සිරුරේ මද උණුසුම් ගතිය
  • දින කිහිපයකින් පසුව සොටු දියර ඝනත්වයෙන් යුතු වීම
  • රස, ගඳ, සුවඳ නොදැනීම (ආසාදන තත්ත්වය නිසා උගුර, කන, නාසය ප්‍රදේශවල ස්නායු ක්‍රියාකාරීත්වය තාවකාලිකව වෙනස් වීම මෙයට හේතුවයි)

වෛරස ආසාදන තත්ත්වයකදී ඒ සඳහා ඖෂධ ලබා දීමක් සිදු නොවන අතර දින 5 – 7 අර කාලය තුළ දී ආසාදන තත්ත්වය කෙමෙන් පහව යයි. ඇතැම් මව්වරුන් සිතන්නේ ප්‍රතිජීවක ඖෂධ මගින් වෛරස ආසාදනත් සුව ක හැකි බවයි. නමුත් ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කරන්නේ වෛරස ආසාදන තත්ත්ව නොව. බැක්ටීරියා මිගන් ඇති වන රෝග තත්ත්වයි. වෛරස ආසාදනයක් වන සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම කිසිසේත්ම ඵලදායී නොවේ. ඔබේ දරුවාට උණ සහ ඇති වන අපහසුතා වළක්වා ගැනීමට දරුවාගේ බරට නියමිත පරිදි අදාල පැරසිටමෝල් මාත්‍රාව ලබා දීමට මව්වරුන්ට හැකියි.

  • නාසය සිරවීමෙන් ආහාර ගැනීම, කිරි උරා බීමට මෙන්ම නින්දට බාධා ඇති වන අවස්ථා
  • කනේ වේදනාවක් ගැන දරුවා පවසන අවස්ථා
  • සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට මැද කන ආසාදනය වීම, කන් අගුල් වැටීම, කන් ඇසීම අඩුවීම වැනි තත්ත්වයන් ගැන දරුවා පවසයි නම් හෝ ඔබ දරුවා තුළ එවැනි අවස්ථා නිරීක්ෂණය කරයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • හුස්ම ගන්නා වාර ගණන වෙනස් වීම
  • සෙම්ප්‍රතිශ්‍යාව වැලදුණු විට මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි නමුත් ඒවා කාලයත් සමගම මගහැරී යා හැකි වුවද දරුවා හුස්ම ගන්නා වාර ගණන වැඩි බවක් පෙන්නුම් කරනවා නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න
  • ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම
  • දිගින් දිගටම කැස්ස පැවතීම

සෙම්ප්‍රතිශ්‍යාව වැළදුණු දරුවෙකුට ඇදුම රෝගය ඇති විය හැකි බවට මව්වරුන් තුළ බියක් පවතින අතරම එය අනිවාර්යෙන්ම සිදු විය නොහැක. ඔබේ දරුවාට ඇදුම රෝග ඇති දරුවෙක් නම් එවැනි දරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළදීම හේතුවෙන් ඇදුම රෝගය ඇති වීමට අවදානමක් ඇති නිසා එවැනි දරුවෙකු මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් මත රැක බලා ගැනීම වඩාත් උචිතය.

  • නිසි විවේකයක් ලබාදෙන්න
  • සැමවිටම උණුසුම් ආහාර වේලක් ලබාදී ආහාර රුචිය ඇති කරන්න
  • අමතර ආහාර වේල් කිහිපයක් ලබා දෙන්න
  • හොඳින් දියර වර්ග ලබා දෙන්න
  • මව් කිරි ලබාදීමේදී හෝ නින්දට ගිය විට නාසය සිරවී ඇත්නම් හිස මදක් කෙලින් වනසේ දරුවා තබන්න
  • උණ සහ ශරීරයේ අපහසුතා අවම කිරීමක නියමිත බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව නිවැරදි වාර ගණන පමණක් ලබා දෙන්න
  • දරුවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී අවශ්‍ය අවස්ථාවක් වේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න.

සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල.

Leave feedback about this

  • Quality