ජූනි 7, 2025
New Mom Health Parent Pulse Article Featured Image
පෝෂණීය සුව දිවිය සුව දිවිය

කිරි මවගේ පෝෂණය පිළිබඳව මේ කරුණු ඔබ දැන සිටියාද?

මෙලොවට බිහි වූ කිරි කැටියාට මවක් ලබා දිය යුතු උතුම්ම දායාදය මව්කිරිය. මුල් මාස හය පුරාවට දරුවාගේ වැඩිමට අවශ්‍ය සම්පූර්ණ පෝෂණය මව්කිරි හරහා ලැබේ. දරුවාගේ පෝෂණය පමණක් නොව දරුවා ලෙඩ රෝගවලින් හා ආසාත්මිකතාවලින් ආරක්ෂා කිරීමට මව්කිරි තුළ ඇති ප්‍රතිදේහ මහඟු පිටුවහලක් වේ. එනිසාවෙන් ස්වභාව ධර්මයේ දායාදයක් වූ මව්කිරිවලින් තම දරුවා පෝෂණය කිරීම මවකගේ වගකීම මෙන්ම යුතුකම ද වේ. ඒ වගකීමත් යුතුකමත් ඉටුකිරීමට නම් අම්මා පෝෂණයෙන් පිරිපුන්ව ශක්තිමත් විය යුතුය. එනිසාවෙන්ම අපි කිරිදෙන මවගේ පෝෂණය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට සූදානම්.

ගර්භණී සමයේ මවට ලැබෙන සැලකිල්ල හා විශේෂ අවධානය දරුවා ප්‍රසුත කළ පසුද අත්‍යවශ්‍යය. ගර්භණී සමයේදී ගැබිනි මව පමණක් නොව ඇගේ පවුලේ සියලු දෙනා ඇගේ පෝෂණය හා නිරෝගී බව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන්නේ ගැබ තුළ සිටින කිරි කැටියා ඇගෙන් පෝෂණය වන බැවින්ය. එහෙත් දරු ප්‍රසුතියෙන් පසු මවගේ පෝෂණය දෙවැනි තැනට පත් වන්නේ නිරායාසයෙන්මය. මතක තබා ගන්න කිරි දෙන මවකගේ ශක්ති අවශ්‍යතාවය ගර්භණී සමයටත් වඩා ඉහළය. මන්දයත් දරුවාගේ පෝෂණයට ඇවැසි මව්කිරි නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පෝෂණ කොටස් සැපයීම සිදුවන්නේ මවගේ පෝෂණ තත්ත්වය හරහා වීමය. දරුවාගේ නිරෝගී බව මෙන්ම මවගේ නිරෝගී බවද තීරණය කරන සාධකය වන කිරි දෙන මවගේ පෝෂණය පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම වඩා වැදගත් වන්නේ එනිසාය.

ආහාරවල විවිධත්වය ඇති වන පරිදි සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතා වැදගත්ය. සෑම කාණ්ඩයකම ආහාර වර්ග අඩංගු වනසේ දිනපතා ආහාර ගැනීමෙන්, ඔබේ ශරීරයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට හැකියාව ලැබේ.

කිරි මවගේ ආහාර වේලට,

■ කාබෝහයිඩ්‍රේට්
■ ප්‍රෝටීන්
■ මේදය
■ විටමින්
■ ඛණිජ ලවණ
■ තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ඇතුළත් විය යුතුය.

කබෝහයිඩ්රේට් – පිෂ්ටය අඩංගු ආහාර කිරි නිෂ්පාදනයටත් ඔබේ කාර්ය බහුලත්වය වැඩි වූ ජීවිතයටත් ශක්තිය සපයයි.
ප්‍රෝටීන – ප්‍රෝටීන් විශේෂයෙන්ම මව්කිරිවල ප්‍රධාන සංඝටකයක් වේ
කැල්සියම්කි – කිරිවල බහුලව පවතින එසේම දරුවාගේ වර්ධනයට ඉතා අවශ්‍ය සංඝටකයකි. යම් ලෙසකින් කිරි දෙන සමයේදීද මවට නිසි පරිදි කැල්සියම් නොලැබුනහොත් දරුවාගේ අවශ්‍යතාවය සපයා ගැනීම සඳහා මවගේ අස්ථිවල තැන්පත්ව ඇති කැල්සියම් ලබා ගනියි. එම නිසා පසු කලෙකදී මවගේ අස්ථි දුර්වල වීම හේතුවෙන් පහසුවෙන්ම අස්ථි බිදීම්වලට ලක්වේ. එසේම කැල්සියම් ඌනතාවය හේතුවෙන් මවගේ කෙස් හැලීයෑම ද සිදුවේ. එම නිසා කිරි දෙන මවගේ ආහාර වේලට අනිවාර්යයෙන්ම කැල්සියම් බහුලව අඩංගු ආහාර ලබා දෙන්න.

කැල්සියම් බහුල ආහාර
■ කූනිස්සන්, කුම්බලාවන්, හාල්මැස්සන්
■ කිරි ආහාර
■ තද කොළ පැහැති එළවළු හා පලා වර්ග
■ දිවුල්
■ තල
■ කඩල ආදිය

■ මවගේ ශරීරයේ ලේ ධාතුව වර්ධනයටත් ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයටත් වැදගත් වේ
■ දරුවාගේ සම්පූර්ණ වර්ධනයටත් මොළයෙහි මනා ක්‍රියාකාරිත්වයට ඉවහල් වේ

යකඩ බහුල ආහාර වර්ග

■ සත්ව ආහාර
■ තද කොළ පැහැති එළවළු
■ කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග

ආහාරවලට අමතරව මේ දේත් මතක තියාගන්න, ගර්භණී සමයේ ලබා ගත් කැල්සියම් හා යකඩ පෙති දරුවා ඉපදී මාස හයක් යන තුරු නොකඩවා ලබා ගන්න.

■ රසායනික ද්‍රව්‍ය බහුලව අඩංගු සොසේජස්
■ හැම් – බේකන්
■ ටින් කළ ආහාර
■ අජිනමොටෝ අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න
මන්ද ඔබ ගන්නා ආහාරවල බලපෑම ඔබෙන් ස‍්‍රාවය වන කිරිවලට ද සෘජුවම බලපාන බව තරයේ සිහි තබා ගන්න.

එනිසා දිනකට ජලය ලීටර 2 හෝ 2.5 පමණවත් දවස මුළුල්ලේම බෙදී යන ලෙස පානය කරන්නග නැතිනම්,
■ මව් කිරිවලින් 75% ක් පමණ ජලය අඩංගු වන අතර ශරීරයට අවශ්‍ය පරිදි ජලය නොලැබුනහොත් කිරි අඩුවිය හැකිය
■ මවගේ සම වියළිමට ලක් වී සුන්දරත්වයට ද හානි විය හැකිය

කිරි දෙන මවක් සමබල ස්වභාවික ආහාර රටාවකට පුරුදු විය යුතුය. වෙළෙඳපොලේ ඇති නොයෙකුත් විශේෂිත ආහාර වර්ග සමබල ආහාර වේලකට සම කළ නොහැකිය. තම ආහාර රටාව තම දරුවාගේත් තමන්ගේත් අනාගත සෞඛ්‍ය සම්පන්න බවෙහි මුලිකම අඩිතාලම බව අවධාරණය කරගන්න


දැනුවත් කලේ,

රූපා පෙරේරා
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
අත්තිඩිය

Leave feedback about this

  • Quality