ඔක්තෝබර් 24, 2025
Online Shopping Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

ඔන්ලයින් ෂොපිං කරන්න කලින් මේ ගැටලු විසඳගන්න

සාප්පු ගානේ රස්තියාදු නොවී තමන්ට අවශ්‍ය වෛවාර්ණ බඩු භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ ඔන්ලයින් ෂොපිං දැන් අපි කා අතරත් ඉතාම ජනප්‍රියයි. ඒ වුනත් මේ ස්පර්ශ නොවන සාප්පු සවාරියේ යම් යම් ගැටළු සහගත අවස්ථාවන් ඇති නොවෙනවාත් නොවෙයි. ඒ නිසා හැම දෙයකදීම වගේම ඔන්ලයින් ක්‍රමයට අවශ්‍ය දේ ඇනවුම් කිරීමේදී ඔබ විසින් දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා.

යම් දෙයක් ඇහැට මොන තරම් ප්‍රිය වුනත් එය ලබා ගැනීමේදී ආරක්ෂාවක් නැත්නම් අදාල භාණ්ඩය නොලැබෙනවා විතරක් නොවෙයි, ඔබේ මිල මුදල් පවා අනාරක්ෂිත තත්වයට පත් වෙන්න පුලුවනි. ඒ නිසා ඇනවුම්ට පෙරාතුව සූදානම වඩාත් වැදගත්. ඔබ තෝරා ගත් වෙබ් අඩවියේ සුරක්ෂිත බව දැන ගැනීමට නම් HTTP encryption යනුවෙන් වූ සටහන තිබේදැයි මුලින්ම බලන්න. මේ ආරක්ෂාව ඇත්නම් ලිපිනය සටහන් කරන තැන padlock හෙවත් ඉබි යතුරක සටහනක් තිබෙනවා. එයින් තේරුම් යන්නේ මේ වෙබ් අඩවිය සුරක්ෂිත බවයි. තවත් අවස්ථාවකදී ලිපිනය සටහන් කරන address bar ස්ථානයේ not secure යනුවෙන් සඳහන් කර තිබේ නම් එයින් අදහස් වෙන්නේ මෙම වෙබ් අඩවියේ සුරක්ෂිතතාවය ගැන සහතිකයක් නොමැති බවයි. ඒ නිසා මුලින්ම වෙබ් අඩවිය සුරක්ෂිතද යන්න ගැන ඔබ තහවුරුවක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත් වෙනවා.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමට දිනෙන් දිනම ආයතන ඒකාරාශී වුනත් මෙම ආයතනයන්හි ඉතිහාසය ගැනත් විපරම් කිරීම වැදගත්. සමහර විට ඔබ ඇසුරේ සිටින උදවිය මේ ආයතන සමග හොඳින් ගනුදෙනු පවත්වා ගෙන යන අය වීමට හැකියි. එසේ විශ්වාසය තහවුරු වුන ඩිජිටල් වෙළඳපොළක් හැර පෙන්වන ආකර්ශනයට මුලා නොවීමටත් වග බලා ගැනීම අපිටම අයිතියි.

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මවන ආකර්ශනය සැබෑ තත්වයේදී නැති වෙන්න පුලුවන්. ඒ නිසා අපේ ඇස් ඉදිරියේ මැවෙන විසිතුර භාණ්ඩය අපේ අතට පත් වූ විට ඔබ දුටු තත්ත්වය නොමැති වීමේ අවදානමත් තිබෙනවා. ඒ නිසා ඔබ ආයතනයේ විශ්වසනීයත්වය පිලිබඳව about us ඔස්සේ ගවේශනාත්මකව අධ්‍යයනය කරන්න. ඇතැම් විට ජනප්‍රිය සන්නාම ඔස්සේ ව්‍යාජ නාම අලෙවි කිරීමට තරම් මාර්ගගත වෙළඳ ප්‍රෝඩාවන්ට ඔබ මුලා වීමට ඉඩ තිබෙනවා. දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග යන තත්වයට පත් නොවී බොහොම ගවේශනාත්මකව මේ සන්නාමයන් සහ ආයතන ගැන ස්වයං සහතිකයක් ලබා ගෙන මිසක කිසිම අන්දමකින් භාණ්ඩ හෝ සේවාවන් මිලයට ගැනීමට උනන්දු වෙන්න එපා.

මාධ්‍ය ඔස්සේ මවන වට්ටම් සහ විවිධ ආකර්ශනයන් එම භාණ්ඩ හා සේවාවන් ඔබ අතට පත් වෙන විට ගිලිහී තිබෙන්න පුලුවනි. වට්ටම තුළ සමහර විට සැඟවුන ගාස්තු තිබීමට පුලුවනි. එසේම ප්‍රවාහන ගාස්තු ගැන සඳහනක් නොවුනොත් ඒ මිලත් ඔබේ අවසාන බිලට එක් විය හැකියි. වෙබ් අඩවියේ සඳහන් මිල සහ ඔබ ගෙවන මිල අතර නොගැලපීම් නොවන්නට නම් ඇනවුම් කිරීමට හදිසි නොවී මිල, වට්ටම්, දීමනා සහ ප්‍රවාහන ගාස්තු ගැනත් ස්වයං විශ්වාසයකින් අනතුරුව ඇනවුම් කිරීමට අත තැබුවොත් හොඳයි.

සේවාවට පසුව යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් වගකීම් සහතිකයක් එසේත් නැත්නම් පසු විපරමක් නැත්නම් පාරිබෝගිකයන් ලෙසින් අපි ඉතා අසීරුවට පත් විය හැකියි. ඒ නිසා මේ ගැනත් විමසිලිමත්ව ගනුදෙනුව සිදු වීම ඉතාම වැදගත්. අලෙවියෙන් පසුව සේවාවක් නොමැති විටෙකදී ඒවා පරිහරණය, නඩත්තුව සහ අලුත්වැඩියාවන් ඉදිරියේ වගකිව යුත්තෙක් නොමැති නිසා පාරිභෝගිකයන් වශයෙන් ඔබ මහත් අසීරුතාවයට පත් විය හැකියි. මේ වෙනුවෙන් වෙනත් ආයතන වෙත යෑම අනාගතයේදී ඔබට ගැටලුවක් මෙන්ම අසීරුතාවයක් විය හැකි නිසා ඇනවුම් කිරීමට පෙරාතුව ඒ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.


සටහන

අමන්දි චාරුන්ද්‍යා

Leave feedback about this

  • Quality