ඔක්තෝබර් 24, 2025
Parent Pulse Article Featured Image Kids Vitamin Deficiency
සුව දිවිය

මාන්දම ගැන ඔබ දන්නේ මොනවද?

යුද්ධයක් තියෙන අවධියේදි දරුවන් මුහුණ දුන් මානසිකත්වය අද නැති වුනත් දරුවන් අලළා බලන කොට තවමත් ඔවුන් අතර නිරෝගිතාවයෙන් යුක්ත පරමිපරාවක් ඉන්නවා කියන්න බැහැ .මිහිපිට සුරපුර වගේ නා නා ප්‍රකාර තෙලෙන් කිරෙන් ආහාර පිරුන අවන්හල් තිබුනට අපේ දරුවන් තවමත් 1940 යුද්ධ කාලයේ වගේම විවිධාකාර රෝගාබාධයන්ගෙන් පෙලෙනවා. ඒත් මෙතැන එක වෙනසක් තියෙනවා යුද්ධ කාලයේ පොඤු එවුන් අතර මාන්දම රෝගය බහුලව තිබුනා. ආර්ථික තත්වය වගේම ආහාර සපයා ගැනිමට තිබුන අපහසුතාවය තුල මේ තත්වය ඉතාම සාමාන්‍යයි. ඒත්…..අද ආහාර විවිධාංගිකරනය තුල අපේ දරුවන්ට මාන්දම කිව්වොත් අදහන්න බැරි තරමටම සැකයක් ඇති වෙනවා.

අද එදාටත් වඩා ඒ කියන්නේ යුද්ධ කාලයටත් වඩා දරුවන් අතර මාන්දම රෝගය බහුලයි . ඊට එකම හේතුව විදිහට විශේෂඥයන් පෙන්වා දෙන්නේ අද දරුවන් අතර තිබෙන ලුණු අධික ආහාර හින්දා එදාටත් වඩා මාන්දම් දරුවන් වැඩි බවයි.

අද ඉතිං අම්මලා අප්පච්චිලාත් පුරුදු වෙලා ඉන්නේ නයිට් කඩ වන්දනාවට එහෙම නැත්නම් මයික්‍රෝ උඳුනෙන් පිසපු රස දිව පිනන ආහාර වලින් දරුවන් සප්පායම් කරන්නයි. මේ විදිහට සංග්‍රහ කළත් දරුවන්ගේ දුස්පෝෂණය නම් මග ඇරිලා නැහැ. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ තරබාරුව දවසෙන් දවස ඉහල ගිහින්……
අධ්‍යයනයේ ප්‍රධානි මාක් ටෙම්පල් සඳහන් කරන්නේ මේ තත්වය අද විශාල ඛේදාන්තයක් බවයි. බොහෝ පවුල්වල දරුවන්ට නිසි පෝෂණය නොමැත්තෙන් අද ඔවුන් මාන්දම් රෝගයට ගොදුරුව සිටින බවයි. කිසිදු ප්‍රමිතියක් නැති ආහාර දරුවන්ට ලබා දීම හින්දා මේ තත්වය ගෙඩනැගුන අතර එය යුද්ධ කාලයටත් වඩා බරපතලයි. මෙම අධ්‍යයන මගින් පෙන්වා දෙන අන්දමට අද දරුවන්ගෙන් 10 % ක්ම පාසල් අධ්‍යාපනය ආරම්භ කිරිමට පෙරාතුවම තරබාරුවට පත් වෙනවා. ද්විතියික අධ්‍යාපනය ආරම්භ වෙන විට මෙම තත්වය 20 % දක්වා වර්ධනය වෙනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ මහජන සෞඛ්‍ය පිළිබඳ කමිටුව සඳහන් කරන්නේ තරබාරුව ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් බවයි. මහා බ්‍රිතාන්‍ය පෝෂණ සංගමයේ Sioned Quirke පවසන්නේ 20 වන ශතවර්ෂයේ ආරම්භය සමග සංසන්දනාත්මකව බලන විට දරුවන් තරබාරු විමේ ප්‍රවනතාවය සිඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි. ඇය සඳහන් කරන්නේ තමා දකුණු වේල්සයේ සේවය කරන කාලය තුළ දරුවන් ගොදුරු වෙන රෝග හඳුනා ගත් අතර ඒවා මුලිනුපුටා දැමිමේ අවශ්‍යතාවය අද ඉතා දැඩිව දැනෙන බවයි. අදින් අවුරුදු දහයකට එපිටදි දරුවන් අතර වැඩි වශයෙන් දක්නට නොලැබුන පළතුරු සහ පලා ආහාරයට නොගැනිම නිසා වැළඳෙන ශීතාද රෝගය සහ මාන්දම යලිත් හිස ඔසවා තිබෙනවා.

මෙම රෝග තත්වයන්ගෙන් දරුවන් දිගින් දිගට ගොදුරු වුනොත් විටමින් ඌනතාවය නිසා අස්ථි දුර්වල විමෙන් දරුවන්ගේ අනාගතයද ආබාධිත බවට පත් වන්නට ඉඩ ඇති අතරම ළමා සෞඛ්‍ය සහ ළමා රෝග පිළිබඳ රාජකිය විද්‍යාලය සඳහන් කරන අන්දමට 1995 /96 කාලයේදි වාර්තා වු ළමා රෝගීන්ගේ සංඛ්‍යාව 183 ක් වන අතර 2011 වන විට එය 762 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2008 දි දරුවන් 94 දෙනෙක් මාන්දම රෝගයට ප්‍රතිකාර ලබා ගෙන ඇත. බොහෝ වෛද්‍ය අධිකාරින් විසින් මාන්දම වෙනම රෝග කාණ්ඩයක් ලෙස පෙන්නුවත් මේ සඳහා එක එල්ලේම බලපා ඇත්තේ දරුවන්ගේ දුර්වල ආහාර පුරුදු බව අමතක කළ යුතු නැහැ.
එදා සහ අද කියන කාලයට සමානව බලන විට මෙතැන ඇත්තේ තෝරා ගැනීම පිලිබඳ ගැටලුවකි. එලවළු, පළතුරු තමන්ගේ ආහාරයට එකතු කර නොගැනිමේ අඩුව විතරයි .මාන්දමට බලපාන්නේ විටමින් D ඌනතාවයයි. බිත්තර සහ තෙල් මත්ස්‍ය විශේෂයන්ගෙන් අස්ථි ශක්තිමත් වෙනවා . විටමින් D හිඟ වූ විට අස්ථි දුර්වල වනවා පමණක් නොව විකෘතිතා ඇති වීමටත් ඉඩ තියෙනවා. විටමින් වර්ග ආහාර වලට එකතු විමේ අවශ්‍යතාවය සොයා ගත්තේ සර් එෆ්. ජි. හොප්කින්ස් විසිනි. ශිතාද රෝගයට හේතු වන්නේ ගබඩා කර තිබු ආහාර පරිභෝග කිරිමයි. වර්ෂ 1498 දි වස්කෝද ගාමා සමග ගිය නාවිකයන් 160 කින් සියයක්ම මිය ගියේ ශීතාද රෝගයට ගොදුරු විමෙන්.

ශීතාද රෝගයට හේතුවන්නේ විටමින් C ඌනතාවයයි. මෙම විටමින් C හිඟ වූ විට පටක දුර්වල වීම, සන්ධි සහ මස් පිඩු වේදනාව පමණක් නොව විදුරු මස් ඉදිමිම, විදුරු මසෙන් ලේ ගැලිම වැනි රෝග තත්වයන්ද ඇති වෙනවා. විටමින් C ශරීරය තුළ නිපදවිය නොහැකි අතරම ඒවා ලබා ගත යුත්තේ ආහාරයන්ගෙන් විම විශේෂයි. විටමින් C හෙවත් ඇස්කොබික් අම්ලය අලුත් එළවලු පළතුරු වලින් ලබා ගන්න පුළුවන්. වියළි එළවළු, පළතුරුවලින් මෙම හැකියාව ලැබෙන්නේ නැත. දොඩම්, දෙහි වැනි පළතුරුවල විටමින් C ප්‍රභවය බහුලව තිබෙනවා.

මාන්දම ගැන ලෝකයට වැඩියෙන් අහන්න ලැබුනේ 1940 දශකයේදියි. මේ කාලයේ මාන්දම වැලඳුණු රෝගියෙකුට ආහාර වෙනුවෙන් දිමනාවක් බවා ලබා දුන් අතරම විටමින් ඌනතාවය සහ රෝග ලක්ෂණ පිළිබඳවත් රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවත් ජනතා දැනුවත් කරන අත්පත්‍රිකා දැන් බෙදා දී තිබෙනවා. අදටත් අපේ රට තුළිත් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල මගින් මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදු වෙනවා.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Daily Mail ඇසුරෙනි.

Leave feedback about this

  • Quality