ඔක්තෝබර් 24, 2025
Senior Couple Parent Pulse Featured Image Article
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබ නොදැනුවත්වම නිවසේ සිටින වැඩිහිටියන් අපයෝජනය විය හැකි බව දන්නවාද?

වියපත් වීම එසේත් නැත්නම් වයසට යෑම අප කාටත් මුහුණ දීමට සිදු වෙන අඛණ්ඩ ක්‍රියාවලියකි. වයස අවුරුදු 60 හෝ 60 ඉක්මවන ලද පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සලකනු ලැබේ. වැඩිහිටියන්ගේ පියවර මන්දගාමීය. කටහඬ මෘදුය. නමුත් ඔවුන් අප කෙරෙහි දක්වනු ලබන ආදරය ස්ථාවර හා සත්‍යය. පෙරදා අපව රැක බලාගත් නමුදු දැන් ඔවුන්ට අපේ රැකවරණය අවශ්‍ය වී තිබේ. ඔවුන් ආදරයෙන් හා ගෞරවයෙන් රැකබලා ගන්නා විට, ඹබ ඔවුන්ට ගරු කරනවා පමණක් නොව, ඔබ අනුගමනය කරන ඊළග පරම්පරාවත් මෙම පුරුදු බෙදා හදා ගැනීම සිදු කරනු ලැබේ. ඒ නිසා කිසිදු දිනක කිසිදු ආකාරයකින් වැඩිහිටියන් අපයෝජනය කිරීම නොකළ යුතුය.

වැඩිහිටි අපයෝජනය යනු ඕනෑම පුද්ගලයෙකු විසින් හිතා මතා හෝ නොදැනුවත්ව වැඩිහිටියෙකුට හානියක් හෝ බරපතල හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවකි. වැඩිහිටියන් අපයෝජනයට පත් වෙන ආකාර කීපයක් වේ.

  • ශාරීරික අපයෝජනය

වැඩිහිටියන්ට හානියක් වන පරිදි පහර දීම, තල්ලු කිරීම වැනි ක්‍රියාවන් මගින් ශාරීරික අපයෝජනයක් ඇති කිරීම

  • චිත්තවේගීය අපයෝජනය

වැඩිහිටියෙකුගේ මානසික තත්වයට අහිතකර ලෙස බලපාන ක්‍රියාවන් චිත්තවේගීය අපයෝජනය ලෙස හැඳින්වේ. එනම් තදින් බැන වැදීම, අපහාස කිරීම, තර්ජනය කිරීම, නින්දා කිරීම, හුදෙකලා කිරීම හෝ නොසලකා හැරීම වැනි ක්‍රියාවන් වේ.

  • මුල්‍ය අපයෝජනය

වැඩිහිටියෙකුගේ මුදල් දේපළ හෝ වත්කම්, නීති විරෝධී හෝ අනිසි ලෙස භාවිත කිරීම

  • නොසලකා හැරීම

වැඩිහිටියෙකුට ලැබිය යුතු ආහාර, සනීපාරක්ෂාව නවාතැන් ඇතුළු අත්‍යවශ්‍ය සියලු සත්කාර සැපයීමට අපොහොසත් වීම හෝ අතහැර දැමීම, අනවශ්‍ය ස්පර්ශ කිරීම්, ලිංගික අතවර කිරීම , බලහත්කාරකම් කිරීම, නිරුවත පෙන්වීම වැනි වැඩිහිටියන් සමග එකගතාවයකින් තොරව සිදු වෙන ඕනෑම ලිංගික ක්‍රියාවක් සිදු කිරීම

  • ස්වයං නොසලකා හැරීම

වැඩිහිටියෙකුට කායික හෝ මානසික දුර්වලතා හේතුවෙන් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපොහොසත් වීම
ඔබේ නිවස වැඩිහිටි අපයෝජයෙන් තොර ස්ථානයක් බවට පත් කීරීමේ ශුරයෙකු වෙන්න.

වැඩිහිටියන්ට ගරු කිරීම හා රැකබලා ගැනීම තුලින් ඔබ පවුලේ වටිනාකම ඔප් නැගෙන බවට ඔබේ දරුවන් දැණුවත් කරන්න. ඔබේ දරුවන් සහ වැඩිහිටියන් අතර දිනපතා සාමකාමී සංවාද පවත්වන්න. වැඩිහිටියන් ඔබේ දරුවන්ට සම්පතක් වීමට ඉඩ දෙන්න. නමුත් වැඩිහිටියන්ට වැඩි බරක් නොදීමටත් වග බලාගන්න. ඔබේ නිවසේ ආහාර ගන්නා අවස්ථාව, ආගමික වතාවත් සිදු කරන අවස්ථා වැඩිහිටියන් සමග එක්ව සිදු කිරීමට ඉඩ සලසන්න. ඔබ වැඩිහිටියන්ගෙන් ඈත්වී ජීවත් වන්නේ නම් ඔවුන් සමග සම්බන්ධ වීමට තාක්ෂණය භාවිත කරන්න. ඔබේ දුරස්ථ ජීවිතය ඔවුන් සමග සම්බන්ධ නොවීමට නිදහසට කරුණක් සේ නොසලකන්න. වැඩිහිටියන්ගේ මුල්‍ය අවභාවිතය වැඩිහිටි අපයෝජනයේ එක් අවස්ථාවක් වේ. ඔබේ වැඩිහිටියාගේ මුදල් අනිසි ලෙස භාවිත නොකිරීමට වග බලාගන්න.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality