දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය වැඩිවීමත් සමඟ ඔවුන් විෂාදය තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව 2025 වසරේ ජූනි මාසයේදී, කැලිෆෝනියාවේ සන් ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යාලය (UCSF) විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව පැවසේ. ලොව පුරා දරුවන් සමාජ මාධ්‍ය ජාලා වටා එක්රොක් වී සිටිම ඉහළ ගොස් ඇති නිසාම මෙහිදී හෙළි වී ඇති කරුණු ලෝකය පුරා සෑම දරුවෙකුටම වැදගත් වේ. මෙය අද වන විට ඉතාම දරුණු තත්ත්වයක් බවට පත්ව ඇති බව කිව යුතුය. දෙමව්පියන් මෙන්න පාසැල් ගුරුවරුන් පවා දරුවන්ගේ මෙම තත්ත්වය මත දැඩි පීඩනයට පත්ව සිටියි.
වසර තුනක කාලයක් පුරා වයස අවුරුදු 9 – 10 පමණ වූ වයස් සීමාවේ දරුවන් 12,000කට අධික ප්‍රමාණයක් අධීක්ෂණය කරමින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර මෙහිදී ආවරණය වී ඇති කරුණු අතර ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය දිනයකට මිනිත්තු 7 – 74 දක්වා විශාල වශයෙන් වැඩි වී ඇති බවත් ඒ සමඟ විෂාද ලක්ෂණ 35%කින් වැඩි වී තිබෙන බවත් අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණය පෙන්වා දී ඇති පරිදි විශේෂයෙන්ම වැදගත් කරුණ වන්නේ, සමාජ මාධ්‍ය භාවිතයම විෂාදය ඇති කරන බවයි. එනම් විෂාදයෙන් පීඩා විඳින ළමුන් සමාජ මාධ්‍යට යොමු වීමක් නොව එය වැඩිපුර භාවිතයෙන් ඔවුන් විෂාද මානසික අසහනකාරී තත්ත්වයන්ට පත්වෙන බවයි.
සමාජ මාධ්‍ය භාවිතයට නීතිමය රාමුව වන්නේ ඒ සඳහා අවම වයස අවුරුදු 13ක් වත් සපිරි තිබීම වුවත් අද වන විට වයස අවුරුදු 9 – 10 අතර දරුවන්ගෙන් 20%ක් පමණ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන බව හෙලි වී ඇත. එසේම විවිධ සමාජ මාධ්‍ය ක්‍රීඩාවලට යොමු වීමෙන් විවිධ සාපරාධී මානසික සිතිවිලි ද දරුවන් තුළ ජනිත විය හැකිය.
දරුවන්ගේ මානසික සෞඛ්‍ය යනු අද වන විට ලොව පුරාම පවතිවන විශාල ගැටලුවක් බවට පත්ව ඇත. දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය ඔවුන්ගේ අද්‍යාපනය නිසි අයුරින් පවත්වාගෙන යාමට සහය වන අතරම මානසික තත්ත්වයේ ගැටලු පැමිණීම අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරගෙන යාමට බාධාවකි. එමගින් බොහෝ දරුවන් ගේ අනාගතය අඳුරු වීමට ඉඩකඩ තිබේ. මෙම පර්යේෂකයින්ගේ අනාවරණය වී ඇති කරුණු දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නිසි පියවර සහ තීරණ ගැනීමට මග පෙන්වනු ඇත.
- පවුලේ සියලු දෙනාම විශේෂයෙන් දරුවන් මෙන්ම දෙමව්පියන් ද සමාජ මාධ්‍ය තුළ හැසිරීමේ දී සැලැස්මක් සකස් කරන්න. නිවසේ සිටිනා සෑම මොහොතකම සමාජ මාධ්‍ය තුළ සැරි සැරීම වෙනුවට ඒ සඳහා කාලයක් වෙන් කර ගැනීම හා පවුලේ අනෙකුත් දේවල්වලටද ඉගෙනීමේ කටයුතු සඳහා ද සැලසුමක් සකස්කර ගැනීම මෙයින් අදහස් කරයි.
- නිදා ගැනීමට පෙර ජංගම දුරකථන භාවිතය හා තිර භාවිතය අඩු කිරීමෙන් නින්දේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගත හැකිය.
- හුස්ම ගැනීමේ වේගය, කේන්තිය, හදිසි කෝපය, නොමනා හැසිරීම් වැනි දේ දරුවන් තුළ දිගින් දිගටම වැඩි වන්නේ නම් ඒ ගැන දෙමව්පියන් විමසිලිමත් වෙන්න.
- සයිබර් බුලිං සහ සයිබර් ගේම් පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්වීමත් එවැනි දේ ගැන ඇසීමට දැකීමට හැකි වූයේ නම් ගුරුවරු දෙමව්පියන් ඒ පිළිබඳ දැනුවත් වීමටත් වග බලා ගත යුතුය. රටක වගකිව යුතු පිරිස් ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු අතරම අවශ්‍ය නීති සකස් කිරීම ද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට පියවර ගත යුතුය.
සටහන
උදානි ජයසේන
Leave feedback about this