ඔක්තෝබර් 28, 2025
Pregnant Women in Sunshine Parent Pulse Article Featured Image
ගැබිණි මව

අධික උෂ්ණත්වයට නිරාවරණය වීම ගැබිනි කාන්තාවන්ට සුදුසු නැහැ

ගර්භණී අවධියේදී අධික උෂ්ණත්වයට නිරාවරණය වන කාන්තාවන් මළ දරු උපත් සහ ගබ්සාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැව් ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා. 2017 වසරේදී චෙන්නායිහි රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණායතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් මේ බැව් පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යයනය වෙනුවෙන් කාන්තාවන් 800 ක් සම්බන්ධ කර ගත් අතර ඔවුන් අධික උණුසුම් කාලගුණ තත්වයන්හිදී එයට නිරාවරණය වෙමින් රැකියාවන්හි නිරත කාන්තාවන් විය.

මෙම අධ්‍යයනය වෙනුවෙන් පර්යේෂකයන් විසින් තෙත් බල්බ ගෝලීය උෂ්ණත්වය (WBGT) යන මිනුම් ක්‍රමය භාවිත කරන ලදී. මෙහිදී උෂ්ණත්වය පමණක් නොව ආර්ද්‍රතාවය, සුළගේ වේගය, මිනිස් සිරුර මගින් අවශෝෂණය කර ගන්නා තාපයේ බලපෑම මනිනු ලබනවා. එක්සත් ජනපදයේ වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය පරිපාලන ආයතනයට අනුව බර වැඩ කරන පුදග්ලයෙකුගේ ආරක්ෂිත උෂ්ණත්ව සීමාව 27.5C WBGT ලෙස නම් කර තිබෙනවා.

මෙම අධ්‍යයනය ඉන්දියාව මුල් කර ගෙන සිදු වුනත් මේ තත්වය ඉන්දියාවට පමණක් සීමා නොවන බව එක්සත් රාජධානියේ ප්‍රසව වෛද්‍ය උපදේශක පර්යේෂණායතනයේ ගෝලීය කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය හර්ස්ට් විසින් සඳහන් කර තිබෙනවා. අද වන විට පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙම උණුසුම් කාලගුණ තත්වය නිසා අනාගතයේදී ගැබිණි කාන්තාවන්ට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

පාරිසරික සාධක වෙනස් වුනත් කාන්තාවක් විසින් මවක වීමේ අනාගත සිහිනය අත හැර දැමීමට හැකියාවක් නැහැ. ඒ නිසා උණුසුම් පාරිසරික තත්වයක් තුළ ගර්භණී කාන්තාවක විසින් තමාගේ වගේම කුසයේ සිටින දරුවාගේ සෞඛ්‍ය තත්වය ගැනත් සැලකිළිමත් වීම වැදගත් බැව් මහාාචර්ය හර්ට්ස් සඳහන් කරනවා. ඒ වෙනුවෙන් ගර්භණී කාන්තාවක් කටයුතු කළ යුතු අන්දම ගැනත් ඇය මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

  • උණුසුම් පරිසරයක් තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් වැලකීම
  • උණුසුම් දිනවල වැඩ කරනවා නම් සෙවණ ඇති තැනකට ගොස් විවේක ගැනීම
  • දීර්ඝ වේලාවක් උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක ව්‍යායාම කිරීමෙන් වැලකී සිටීම
  • නිතර ජලය පානය කිරීම

නමුත් බොහෝ කාන්තාවන් නිරන්තරව මුත්‍රා කිරීමට ඇති වන අවශ්‍යතාවය නිසා ජලය පානය කිරීමට මැළි කමක් දක්වනවා. වැඩ කරන අතරවාරයේ වැසිකිලි යෑම හිරිහැරයක් ලෙසින් සැලකීම ඊට හේතුවක් . මේ නිසා බොහෝ ගර්භණි කාන්තාවන් උණුසුම් කාලගුණයට නිරාවරණය වීමට අමතරව මුත්‍රා ආසාදන ඇතුළු විවිධ රෝග තත්වයන්ටත් මුහුන දි සිටින බැව් මෙම අධ්‍යයන වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා. මෙවැනි තතත්වයන් තමන්ගේ ගැබිනි සමයේදී පමණක් නොව සාමාන්‍ය තත්ත්වයේ සිටියදී වුවද මගහරවා ගැනීම වඩාත් වැදගත් බව කිව යුතුමය.


බී.බී.සී පුවත් ඇසුරිනි

සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality