දෙසැම්බර් 5, 2025
Fibroid Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

මොනවද මේ ෆ්‍රයිබ්‍රොයිඩ්

ෆ්‍රයිබ්‍රොයිඩ් යනුවෙන් හැඳින්වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශිවල ඇති වන ගෙඩි විශේෂයක්. මෙය පිළිකා නොවන ගෙඩි වර්ගයක් නිසාම අහිංසක ගෙඩි වර්ගයක් යනුවෙන් හැඳින්වෙනවා. මෙම ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියක් පිළිකාවක් බවට පත් වන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා ගර්භාෂයේ ඇති වන ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ගැන අනවශ්‍ය අන්දමින් පිළිකාවක් යැයි බිය විය යුතු නැති වුනත් ඉතාම කලාතුරකින් පිළිකාවක් බවට පත් වීමටත් ඉඩක් තිබෙනවා. ඒ වගේම මේ අන්දමින් ගර්භාෂයේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වීමටත් නිශ්චිත හේතුවක් තවම හඳුනා ගෙන නැහැ. නමුත් වයස්ගත වීම, දරුවන් ලැබීම ප්‍රමාද කළ හෝ ප්‍රමාදයන් සිදු වුන කාන්තාවන්ට මේවා ඇති වීමට වැඩි ඉඩකඩක් තිබෙන බැව් පෙනී ගොස් තිබෙනවා.

ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියක් ගර්භාෂයේ පවතින විට බොහෝ විට පැහැදිළි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් වෙනත් රෝග තත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණවලලදී මේ ගෙඩි ඇති බැව් හඳුනා ගන්නවා. ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියේ ප්‍රමාණය සහ එය පිහිටි ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් විය හැකි අතරම ෆ්‍රයිබ්‍රොයිඩ් නිසා පහත දැක්වෙන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.

  • මාසික ඔසප් වීමේදී අධික රුධිර වහනය
  • දරු පිළිසිඳ ගැනීමේ ප්‍රමාදයන් හෙවත් මද සරුබව
  • උදරය ස්පර්ශ කරන විට ගෙඩියක් මෙන් අතට දැනීම

මේ තත්ත්වය තහවුරු ගැනීම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් සිදු වේ. මෙම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය යෝනි මාර්ගය ඔස්සේ ඇතුළු කරන උපකරණයක් මගින් සිදු කරන පරීක්ෂණයකි. ගෙඩිය විශාල නම් උදර ප්‍රදේශයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම කළ හැක.

සමහර කාන්තාවන්ගේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුනත් රෝග ලක්ෂණ නැහැ. ඒ වගේම ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඔවුන්ට අපහසුවක් නොදැනෙන විට ප්‍රතිකාර අවශ්‍යත් නැහැ. ඔවුන් ෆ්‍රයිබ්‍රොයිඩ් සමග ජීවත් වෙනවා. මේ ගෙඩියක ප්‍රමාණය සෙ.මි 5 කට වඩා වැඩි නම් ඒවා ඉවත් කිරීමට සලකා බලනවා. ඇතැම් අවස්ථාවන්හිදී ඖෂධ මගින් ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියේ ප්‍රමාණය තාවකාලිකව අඩු කරන්න පුළුවනි.

ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් අවශ්‍ය වේ. පිහිටි ස්ථානය සහ විශාලත්වය අනුව තෝරා ගන්නා ශල්‍ය කර්මය කුමක්ද යන්න තීරණය වේ.

ෆ්‍රයිබොයිඩ් ගෙඩිය පමණක් ඉවත් කිරීමට

උදරය හරහා සිදු කරන විවෘත ශල්‍ය කර්මය (Open Myomectomy නැමැති උපකරණයක් යොදා සිදු කරන Key Hole ඝනයේ ශල්‍ය කර්මය)
යෝනි මාර්ගය හරහා සිදු කරන ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍ය කර්මය Hysteroscopic myomectomy නැමැති උපකරණය යොදා ගර්භාෂ කුහරය තුළ පිහිටි කුඩා ගෙඩි ඉවත් කිරීම)

ගර්භාෂය සමග ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කර ඇත්නම් අදාල සැත්කම කුමක්ද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරයි.

  • උදරයේ කැපුමක් යොදා සිදුකරන විවෘත සැත්කම
  • ලැපරොස්කෝප් උපකරණයක් යොදා සිදු කරන key hole සැත්කම
  • යෝනි මාර්ගය හරහා සිදු කරන ශල්‍ය කර්මය (Vaginal hysterectomy)

වයස්ගත එනම් ආර්තවහරණයට පත් වූ සහ මතුවට දරුවන් ලැබීමට බලාපොරොත්තුවක් නැති කාන්තාවන්ට ගර්භාෂය සමගම ගෙඩි ඉවත් කරන සැත්කම ඇතැම් විට නිර්දේශ විය හැකියි.

ගර්භණී කාලයේදී ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුනොත් වේදනාව ඇති වීමට පුළුවනි. එවැනි අවස්ථවක වේදනාව කළමනාකරණය වෙනුවෙන් වේදනා නාශක ලබා දෙනවා.

විශාල ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වුනොත් දරු ප්‍රසුතිය අවහිර වීමට පුළුවනි. යම් ලෙසකින් සීසේරියන් සැත්කමක් වෙනුවෙන් භාජනය කරන ලද ගර්භණී කාන්තාවකගේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුනත් ඒ අවස්ථාවේදී මේ ගෙඩි ඉවත් කරන්නේ නැහැ.

සිසේරියන් සැත්කමක් නිසා රුධිර වහනයක් සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි වෙනුවෙන් තවත් සැත්කමක් සිදු කලොත් රුධිර වහනය පාලනය කර ගැනීම අපහසු විය හැකියි.

ඔව්.. බොහෝ විට කීපයක් හට ගනී. ඉවත් නොකල ගෙඩි පසු කාලයකදි වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මෙම ගෙඩි නැවත ඇති වෙන අවදානමක් තිබෙනවා.

ඉතා කලාතුරකින් ඕනෑම ශල්‍ය කර්මයක අතුරු සංකුලතාවයන් ඇති විය හැකියි. අධික රුධිර වහනය, ගර්භාෂය ආසන්නයේ ඇති අනෙක් අවයවවල ඇලීම (adhesion) වැනි සංකුලතාවයන් ඇති වීමට පුළුවනි.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality