ව්‍යායාම යන වචනය අප කාටත් ඉතා හොඳින් හුරු පුරුදුයි. ඒ වගේම අකමැත්තෙන් වුනත් ව්‍යායාම තමන්ගේ ජීවිතයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය බැව් අපි කවුරුත් දන්නවා.
- දෛනික ජීවිතයේ සිදු කරන ව්‍යායාම මගින් අපට ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.
- ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම
- ශරීරයේ හැඩය පවත්වා ගැනීම
- හෘදරෝග, දියවැඩියාව සහ රුධිරගත කොලස්ටරෝල් මට්ටම මනාව පාලනය කර ගැනීම
- ආහාර ජීරණ ක්‍රියාවලිය මෙන්ම ශරීරයේ පරිවෘත්තික ක්‍රියාවලිය යහපත් තත්වයක තබා ගැනීම
- රුධිරය පිරිසිදු කිරීම සහ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් වීම
ඉහත ප්රතිලාභ ලබා ගැනීම සඳහා බොහෝ දෙනා ව්‍යායමවල යෙදෙන අතර ඒ වෙනුවෙන් තෝරා ගන්නා ව්‍යායාම කීපයක් තිබෙනවා
- ඇවිදීම
- පිහිනීම
- සෙමෙන් දිවීම
- බයිසිකල් පැදීම
- සිරුර වෙහෙසන ක්‍රිඩාවන්හි යෙදීම
- යෝග වයායාම
- කරාටේ, ජිම්නාස්ටික් සහ නර්තනය වැනි විවිධ කටයුතු
ඉහත දැක්වූ විවිධ වයායාම ක්‍රම අතරින් ඔබට ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙන කිසිවක් නොව ඇවිදීමයි. නමුත් ව්‍යායාමයක් ලෙස ඔබ ඇවිදීම ආරම්භ කළත් ඇවිදීම ආරම්භයේදිම විශ්වකර්ම ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ව්‍යායාම කිරිමේදිත් ඒ වෙනුවෙන් වු ආරක්ෂිත පිළිවෙතක් තිබෙනවා. මෙහිදි ඇවිදිම වැනි ව්‍යායාම මගින් ඔබට කිසිදු අතුරු අන්තරාවක් ඇති වෙන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජොආන් මැක්සන් සඳහන් කරන අන්දමට දිනකට මිනිත්තු තිහක්වක් ප්‍රාණවත් ලෙසින් ඇවිදිනවා නම් හෘද රෝග තත්ත්ව අවදානමෙන් 30% ක පමණ නිදහසක් ලැබෙනවා. දිනකට එක් වතාවකදි මිනිත්තු දහය බැගින් තුන්වතාවක් හෝ හතර වතාවක් ඇවිදිමෙන් ඔබ නොසිතන තරම් සෞඛ්‍යමය වාසි ලබා ගැනිමේ හැකියාව ලැබෙන බවයි.
ඇවිදිමේදි ඒ වෙනුවෙන් පැතැලි අඩිය සහිත සැහැල්ලු පාවහන් යුගලක් පාවිච්චි කිරිම වැදගත් වෙනවා. එවිට මාංශ පේශි වේදනාවෙන් නිදහස් වෙනවා. ඇවිදිම සෙමෙන් පටන් ගත යුතු අතර ඇවිදීම සිරුර උණුහුම් වගේම සිරුර සිහිල් කිරීමේ ව්‍යායාම වෙනුවෙන් යොදා ගන්නත් හැකියාව තිබෙනවා. ඇවිදින විට ඔබ අද දවසට ගමන් කළ දුර සහ ඒ වෙනුවෙන් ගත වුන කාලය සටහන් කර තබන්න. මහන්සි ගතියක් දැනුනේ නම් එයද සටහන් කරන්න. සතියක් දෙකක් ගෙවෙන විට ඔබ ලබා ඇති ප්‍රගතිය හෝ ගැටළු පිලිබඳව අදහසක් ගොඩ නගා ගැනීමට හැකියාව ලැබෙනවා.
හාවර්ඩ් විහ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අශයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ සතියකට පැය හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇවිදිමේ යෙදුන උදවියගේ ආඝාතය වැළඳිමේ අවදානම 40 % කින් පහළ ගිය බවයි. මොළයට රුධිිරය සපයන නාළ අවහිර විම නිසා ඇතිවෙන ආඝාත තත්වයෙන් නිදහස් විමටත් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ස්ථුලතාවය හෙවත් තරබාරුවට තිබෙන එකම ඖෂධය ආහාර පාලනය කර ගැනීම යන සිද්ධාන්තයට වඩා ඇවිදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව දැන් හඳුනා ගෙන තිබෙනවා. දිනකට අවම වශයෙන් පැය භාගයක්වත් ඇවිදින්නේ නම් ඔබේ සිරුරෙන් කිලෝජුල් 1000 ක ශක්ති ප්‍රමාණයක් දහනය කර ගැනිමේ හැකියාව තිබෙනවා. දියවැඩියා රෝගයෙන් ආරක්ෂාව ලැබීමටත් අවස්ථාව උදා වෙනවා.
ඇවිදීම නිසා කාන්තාවන් පිලිකා රෝග තත්වයෙන් ආරක්ෂාව ලබන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අවසාන විමත් සමගම විවිධාකාර කායික හා මානසික අපහසුතාවයන් ඇති වෙනවා. ඒ වගේම මේ කාලය තුළ පිළිකා රෝගයට ගොදුරු විමේ සම්භවිතාවත් ඉහලයි. නමුත් ඇවිදිම මගින් මේ තත්වය මගහරවා ගන්න හැකියාවක් තිබෙනවා.
ඇට්ලන්ටාහි ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අල්පා පටෙල් මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට ආර්තවහරණයට පත් කාන්තාවන් 73 000 ක් සම්බන්ධ කර ගත්තා. මෙම පිරිස වයස අවුරුදු 50 සිට 75 අතර වයස පරාසයේ සිටි පිරිසක් වුනා. වසර දහහතක් මුළුල්ලේ මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනයේ මුල් අදියර 1992 සිට 1993 කාලයේදි පටන් ගෙන තෝරා ගත් පිරිසට ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. එහිදි ඔවුන්ගේ සාමාන්‍ය ගති පුරුදු පිලිබඳව විමසිමක් කලා. මේ පිරිසට සතියකට පැය හතක් ඇවිදිමේ යෙදෙන ලෙස උපදෙස් ලබා දුන්නා.
මේ ඇවිදිමේ පුරුද්ද සමග නැවතත් 1997 සිට 2009 අතර කාලයේදි ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. සතියකට පැය තුනක් ඇවිදිමේ යෙදුන කාන්තාවන්ට වඩා පැය හතක් ඇවිදිමේ යෙදුන කාන්තාවන්ට පිළිකා රෝගයට ගොදුරුවිමේ අවදානම 14% කින් අඩු වි තිබුනා. දිගු කාලයක් ව්‍යායාම්වල නිරත වෙනවාට වඩා ඇවිදිම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව අධ්‍යයනයේ ප්‍රධානි අල්පා පටෙල් පෙන්වා දෙනවා.
ඇවිදිම නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග තත්වයෙන් නිදහස් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. අද මිලියන ගණනක් මේ රෝග තත්වයෙන් පිඩා විඳිනවා. දණහිසට සම්බන්ධ අස්ථි ගෙවියෑම වගේම ඉරී යෑම නිසා ඇති වෙන වේදනාකාරි තත්වයට ඇවිදිමෙන් පහසුවක් ලැබෙන බව දැන් හඳුනා ගෙන තිබෙනවා.
මානසික අවපිඩනයට පත්ව සිටින පුද්ගලයන්ට ඇවිදිම මගින් ගොඩ නැගෙන සැහැල්ලු මානසිකත්වය නිසා ජිවිතයට අලුත් ගොඩනැගිමක් ලබා දෙන්නට තරම් ඇවිදිමේ ශක්තිය ප්‍රබලයි.
ඇවිදීමෙන් මේ තරම් ප්රතිලාභ ලැබෙනවා නම් ඔබට හැකි හැම අවස්ථාවකදීම ඇවිදීම වෙනුවෙන් යම් කාලයක් වෙන් කර ගන්න. එය කොටින්ම නීරෝගී ජීවිතයක් වෙනුවෙන් ඔබ විසින් ලබා දෙන ආයෝජනයක් බැව් කිව හැකියි.
සටහන
පුන්‍යා චාන්දනි දසිල්වා
