පොටෑටෝ චිප්ස් එහෙමත් නැත්නම් අල තීරු කියන්නේ බාල මහලු අපි කවුරුත් ගොඩක් ප්‍රියකරන ආහාරයක්. ඒත් අද වෙද්දී ආහාරවල රසය පවත්වා ගන්න එක්කරන දේවල් නිසාම දෝ ඒ ආහාරවල රසය උපරිමයෙන් පැවතුණත් සෞඛ්‍යාරක්ෂිත ද පෝෂණයෙන්න අනූන ද කියන දේ ගැටලුවක්. අන්න ඒ නිසාම අපි, අපි ආහාරයට ගන්නා දේ ගැනි අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි.
අල තීරු එහෙමත් නැත්නම් පොටෑටෝ චිපිස් නිසා ඇති විය හැකි අහිතකර තත්ත්ව
- අධි රුධි පීඩනය
අර්තාපල් අල පෙති තීරුවල සෝඩියම් ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. මේ නිසා දැනට අධි රුධි පීඩනය රෝග තත්වයෙන් පසු නොවන පුද්ගලයෙක් වුනත් ප්‍රමාණයට වඩා අර්තාපල් අල පෙති තීරු ආහාරයට ගැනීම නිසා අධි රුධිර පීඩනය ඇති වීමට තිබෙන අවදානම ඉහළ යන බැව් හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.
- පිළිකා තත්ත්ව
පෝෂණවේදීන් පෙන්වා දෙන අන්දමට අර්තාපල් අල පෙති තීරුවල ඇති සෝඩියම්, රස කිරීම වෙනුවෙන් යොදා ගන්නා රස කාරක සහ වර්ණ කාරක මගින් එකතුවන රසායනික සංයුතිය නිසා පිළිකා ඇති වීමේ අවදානම වැඩි වීමටත් ඉඩ තිබෙනවා. අපි සිගරැට්ටුවක් පානය කිරීම නිසා සිරුරට පිළිකා කාරක සංයෝග එකතු වෙන බව පැවසෙනවා. ඔබ නොදැන සිටියත් අර්තාපල් අල පෙති තීරු මල්ලක් අනුභව කිරීමෙන් ඔබට ඇති වෙන හානිය සිගරට්ටුවක් බීමට සමාන බවත් දැන් පර්යේෂකයන්ගේ පිළිගැනීම වී තිබෙනවා.
- මද සරු බව
අද පරම්පරාවන් අතර මද සරු බව ඉතාම සුලබයි. දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳව ඇති ගැටලු නිසාම ඔවුන් මානසිකවත් පීඩාවට පත් වෙනවා. සමාජයෙන් ගැරහුම් ලබනවා. මේ මදසරු බව ඇති වීමට බොහෝ විට අපි ගන්නා කෘතිම ආහාර වර්ග හේතු විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා කට ප්‍රවේසම් කර ගැනීමෙන් අනාගතයේදී අපට මුහුණ දිය හැකි බොහොමයක් ගැටලු විසඳා ගත හැකි විය හැකියි. එවැනි ආහාර වර්ග අතරින් එකක් ලෙස අර්තාපල් තීරු හැඳින්වෙන අතරම එය මදසරු බවට බලපාන බව ද අමතක නොකළ යුතුයි. එහෙමනම්… කටට රසට අර්තාපල් අල පෙති තීරු අනුභව කළත් එයින් ඇති වන සෞඛ්‍යමය අවදානම ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් බැව් අමතක කරන්න එපා.
- තරබාරුව
අර්තාපල් අල පෙති තීරු වගේ පිෂ්ට වර්ග ආාහරයට ගැනිමෙන් ශරීරයේ බර වැඩිවීම වගේම තරබාරුවට හේතුවක් බැව් අපි දන්නවා. මේ තත්වය සමග අර්තාපල් අල පෙති තීරු කොතරම් සම්බන්ධතාවයක් දක්වනවාදැයි වූ අධ්‍යයනයක් හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරනු ලැබුවා. මෙම අල තීරු අධික ලුණු රසයකින් යුක්තයි. අපි මේ රසයට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අධික ලෙසින් අල පෙති තීරු ආහාරයට ගැනීමට යොමු වෙනවා. මේ අධ්‍යයන වාර්තාවට අනුව අල පෙති තීරු සහ ශරීර බර වැඩිවීම අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති බැව් පැහැදිළි ලෙසින්ම තහවුරු වී තිබෙනවා.
- මානසික සෞඛ්‍ය
අද බොහෝ දෙනෙක් විවිධ මානසික ගැටලු වලින් පීඩාවට පත්ව සිටිනවා. නීරෝගී මානසිකත්වයක් ඔවුන්ට නැහැ. National Library of Medicine හි අදහසට අනුව පමණට වඩා අර්තාපල් අල තීරු/පෙති පරිභෝජනය කිරීම නිසා මානසික අවපීඩනය වැනි රෝග තත්වයන් ඇති වීමට වැඩි අවදානමක් තිබෙනවා.
- හදවත ආශ්‍රිත රෝග
හදවත් රෝග පිළිබඳ අවදානම දැන් තරුණ මහලු යැයි වෙනසක් නැහැ. Science Daily සගරාව මගින් 2009 වසරේදී අර්තාපල් අල පෙති/තීරු සහ හදවත් රෝග අතර පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා. එහිදී ලබා ගත් දත්ත විශ්ලේෂණයන්ට අනුව අර්තාපල් අල පෙති/තීරු සහ හදවත් රෝග වැළඳීමට සමීප සම්බන්ධතාවයක් ඇති බව තහවුරු වුණා. මේ අධ්‍යයන වාර්තාව National Library of Medicine මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආඝාත තත්වය (stroke) අපට නිතරම ඇසෙන රෝග තත්වයක්. ආඝාත රෝග තත්වය නිසා පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක බව සම්පූර්ණයෙන්ම අහිමි වීමට පුළුවනි. අර්තාපල් අල පෙති/තීරු ප්‍රමාණය ඉක්මවා ආාහරයට ගැනීම නිසා අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. Mayo චිකිත්සාගාරයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මෙම ආහාරවල ඇති අධික මේද සංයුතිය නිසා කොලස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ වැඩි අවදානමක් තිබෙනවා. දීර්ඝ කාලයක් අර්තාපල් අල පෙති/තීරු පරිභෝජනය කිරීම නිසා ඇති වන ට්‍රාන්ස් මේදය සෘජු වශයෙන්ම ආඝාත රෝග තත්වයට හේතු වෙන බැව් සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.
පොටෑටෝ චිප්ස් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් පරිභෝජනය කරන ස්නැක් වර්ගයයි. ඇමරිකා එක්සත් ජනපදයේ National Consumer Survey (NHCS) වාර්තාවට අනුව 2011 වසරේ සිට 2020 වසර දන්වා පොටෑටෝ චිප්ස් මිලියන 287. 37 ක් පරිභෝජනය කර තිබෙනවා. මෙම සංඛ්‍යාව 2024 වසර වන විට මිලියන 292.95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ක්‍රිස්පි ගතියෙන් යුක්ත පොටෑටෝ චිප්ස් එහෙම නැත්නම් අර්තාපල් අල පෙති/තීරු කන්න ලොකු කුඩා කවුරුත් කැමැත්තක් දක්වනවා. නමුත් මේ අර්තාපල් අල පෙති/තීරුවල අප නොදකින පැත්තක් ගැනත් දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඔබත් මේ කරුණු ගැන අවධානය යොමු කරන්න. අපේ ඉදිරි පරපුර බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බව සැමවිටම සිත්හි තබා ගන්න.
තොරතුරු මූලාශ්‍ර
www.eatthis.com