දෙසැම්බර් 21, 2025
Parent Pulse Healthy Life Category Article Blog Post
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබේ පවුලේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සදහා භෞත චිකිත්සාව වැදගත් බව දැන සිටියාද?

භෞත චිකිත්සාව, නූතන සෞඛ්‍ය සේවාවේ මූලික අඩිතාලමක් වන අතර, එය කායික වේදනාවන් අවම කිරීම, සංචලතාව වැඩි දියුණු කිරීම සහ සමස්ත ශාරීරික යහපැවැත්ම වැඩි දියුණු කිරීම සදහා යොදාගතහැකි නමුත් ලාංකීය සමාජය තුල එතරම් ප්‍රචලිත නොවූ ප්‍රතිකාර ක්‍රමයකි. ඖෂධ වලින් ජයගත නොහැකි බොහොමයක් කායික අපහසුතා ජය ගැනීමට, තුවාල වලින් සුවය ලැබීමට හෝ වෙනත් රෝග තත්ත්ව නිසා ඇතිවන කායික ආබාධ සුව කර ගැනීමට මෙන්ම එදිනෙදා ක්‍රියාශීලී, තෘප්තිමත් ජීවිත ගත කිරීම සදහා ඖෂද භාවිතයෙන් තොරව සිදුකළහැකි මෙම චිකිත්සනය තුලින් සෞඛ්‍ය ගැටලුවට වඩා සමීප මූලික හේතුව කෙරෙහි අවධානය යොමු කරන නිසා , භෞත චිකිත්සාව රෝග සමනය කරනවා පමණක් නොව දිගුකාලීන සෞඛ්‍ය සහ ඔරොත්තු දීමේ හැකියාවද වර්ධනය කරයි. එමනිසා ඔබගේ යහ පැවැත්ම මෙන්ම දෙමාපියන් ලෙස, ඔබේ දරුවාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සැමවිටම ඔබේ ඉහළම ප්‍රමුඛතාවය වන නිසා භෞත චිකිත්සාව ඒ වෙනුවෙන් ඔබට යොදා ගතහැකි ප්‍රභල මෙවලමකි.

දරුවන් නිරන්තරයෙන් වර්ධනය වන සහ වෙනස් වන අතර සමහර විට ඔවුන්ගේ ශරීරයට නිසි ලෙස වර්ධනය වීමට අමතර සහාය අවශ්‍ය වේ. දුර්වල ඉරියව් නිවැරදි කිරීම, වැටීම් , සීරීම් තුවාල වලට ප්‍රතිකාර කිරීම හෝ වෙනත් වර්ධන ප්‍රමාදයන් වැනි තත්වයන් කළමනාකරණය කිරීම භෞත චිකිත්සාව දරුවන්ට උපකාරී වන විසඳුම් සපයයි. විනෝදජනක, ආකර්ෂණීය ව්‍යායාම සහ අත්-මත ශිල්පීය ක්‍රම හරහා, භෞත චිකිත්සකයින් දරුවන්ට මඟ පෙන්වයි.

  • තුවාල ඉක්මන් සුවය : ඔබේ දරුවා වැටීමක්, ඉරිතැලීමක් හෝ අස්ථි බිඳීමක් නිසා වේදනාවට පත්ව සිටී නම් භෞත චිකිත්සාව එම තත්ත්වයන් සුව කිරීම වේගවත් කරන අතර ඔවුන් පෙරටත් වඩා ශක්තිමත්ව ක්‍රියාකාරකම් වෙත නැවත පැමිණීම සහතික කරයි.
  • විශේෂ අවශ්‍යතා සඳහා සහාය: ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රෝමය හෝ මාංෂ පේශීවල දුර්වලතා වැනි තත්වයන් ඇති දරුවන්ගේ සංචලතාව සහ ස්වාධීනත්වය වැඩි දියුණු කිරීම සඳහා භෞත චිකිත්සාව සහය වනු ඇත.

භෞත චිකිත්සාව ළදරු වියේ සිට වැඩිහිටි විය දක්වා පවුලේ සෑම සාමාජිකයෙකුගේම සහනදායී පිළිතුරක් වනු ඇත.


දැනුවත් කිරීම

රුවනි විජේවර්ධන
භෞතචිකිත්සක, නවලෝක රෝහල

Leave feedback about this

  • Quality