ජූලි 2, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

මාපිය දූ දරු සම්බන්ධයේ වැදගත්කම ගැන සිතුවාද?

දරුවන් සහ මව්පියන් අතර සහසම්බන්ධතාවය ගිලිහී යෑමේ ප්‍රවනතාවය දැන් දන් ඉතාම වේගයෙන් ඉහල යමින් තිබෙනවා. එදා හැන්දෑවට දරුවන් තමන්ගේ තාත්තා දැක්කේ මේ විදිහටයි.
මුහුනෙ පෙනෙන්නේ සිනහා රැල්ලයි
අතේ තිබෙන්නේ චොකලට් මල්ලයි
නමුත් අද තාත්තාලා අම්මලා ගෙට ගොඩ වදින්නෙත් ජංගම දුරකථනය සමග සංවාදයේ යෙදෙමින්. නිවසට පැමිණි පසුවත් එහි අවසානයක් නැහැ. දරුවන් දවස පුරාම කාලය ගෙවන්නේ තමන්ගේ අම්මා, තාත්තා සමග නොවෙයි. ඒ නිසා දවසේ ආගිය තොරතුරු ඔවුන්ට කතා බහ කරන්න අවස්තාව ලැබෙන්නේ රාත්‍රි කාලයේ තිබෙන කෙටි කාලසීමාවක විතරයි.
අම්මට තාත්තාට මේ ගැන අවබෝධයක් නොමැති නිසා දරුවන් හෙම්බත් වෙනවා. අතීතයේ මේ වගේ ජංගම දුරකථන සහ පරිගණකය, අන්තර්ජාලය සමාජගත තිබුනේ නැහැ. ඒ නිසාම හැන්දෑවට දරුවන් සමග කාලය ගෙවීමට ඕනෑ තරම් කාලය තිබුණා. එදා තාත්තා නිවස ගැන හිතුවේ මගේ නිවන මගේ පැල්පතයි… විදිහටයි. අද ඒ විදිහට සංකල්ප හිතේ නැහැ.
අම්මා හැන්දෑවට ගෙදර ආ වෙලාවේ පටන් කඩිමුඩියේ උයන පිහන කටයුතු අවසාන කරන්නේ ටෙලි නාට්‍ය බලන්න.

අපිට කියලත් විනෝදයක් එපායැ… දවස පුරාම නැහිල නැහිල ඒ වගේ හිතට විනෝදයක්වත් නැත්තං අපිට පිස්සු හැදෙයි…. අම්මා ඒ විදිහට නිදහසට කරුණු කියනවා. ඒ කතාවත් ඇත්ත. හැම දෙනෙකුටම මානසිකව සතුටක් ලබන්න කුමන හෝ විනෝදයක් ලබන දෙයක් තිබෙන්න ඕන. එය එක් එක් අයගෙන් වෙනස්. හැමෝම එක විදිහට නොහිතනවා වගේම සාධාරණත්වයක් එතැන තිබෙනවා.

හැබැයි ඉස්සර අම්මලා නම් කිව්වේ මෙහෙම,
අනේ දවස පුරාම තිබෙන මහන්සිය පොඩි එවුන්ගේ මුහුණ දැක්කාම ඉබේටම නිවෙනවා… තතන තතන කියන වචන අහගෙන ඉන්න ආසයි… සිඟිති සණ්ඩුත් ඉවරයක් නැහැ. ඒත් දරුවෝ එක්ක කාලය ගෙවනවා කියන්නේ දිව්‍ය ලෝකයේ ගියා වගෙයි.
සමහර අම්මලාට නම් දරුවෝ කතාබහට එන එකත් රුස්සන්නේ නැහැ. හ්ම්… දන්නේ නෑ… ඇති බලන්න… මේ වගේ කෙටි උත්තරවලින් දරුවන් සමග සංවාදයක් ගොඩ නැගෙන්නේම නැහැ. සමාජ ජීවින් විදිහට අපි හැම දෙනාම සමාගම් පවත්වන්න කැමැතියි. එහෙම වුනාම මානසික්ව ඇති වෙන වෙහෙස නොදැනම නැති වෙනවා. එද කාලයේ දරුවන්ටවත් අම්මලාටවත් අද කියන ස්ට්‍රස් ීඑරුි ගතිය ඇති වුනේ නැහැ. ඒ කාලයෙත් මේ හෝමෝනය ඔවුන්ගේ සිරුරේ නොතිබුනා නොවෙයි. එහෙත් මේ හෝමෝන නිදහස් වෙන තැනට සමාජය පත් වුනේ නැහැ. දරුවන් සමග කතා බහට වැඩිහිටියන් බොහොම කැමැත්තක් දැක්වුවා. මාස හතක් පමණ වෙද්දී දරුවන් කෙල පෙරන විටත් කිව්වේ ඕන්… අපිත් එක්ක කතා කරනවා… දරුවන්ට කතා බහ කරන ආසාව පහල වුනාම කටෙන් කෙළ වැගිරෙන බව වැඩිහිටියන් කියා සිටියා.
දරුවන් දොඩමළු වෙද්දී මව්පියන් විදිහට ඔබ ඒවා වගකට නොගන සිටින්න එපා. තමන් කතා බහ කරන දේ ගැන මව්පියයන්ගෙන් අවදානයක් ලැබෙනවා නම් දරුවන් ඉතාම සතුටුයි. තමාටත් වටිනාකමක් තිබෙනවාය යන සංකල්පය ඔහුගේ හිතේ ගොඩ නැගෙනවා.
කතා බහ සමග දරුවන්ගේ විනය ගොඩ නැගීම ඉතාම පහසුවෙන් සිදු වෙනවා. දෙදෙනකු කතා කරන අතරට මැදිහත් නොවෙන ලෙස දරුවාට කියා දීමට පුළුවන්. වැඩිමහල් අයට කතා කිරීමේදී වයසට ගැලපෙන ලෙසින් නැන්දා, මාමා, අක්කා, අයියා ලෙසින් ආමන්ත්‍රනය කිරීමට උපදෙස් දිය හැකියි. එසේ නොමැති විට ඔවුන් සමාජයෙන් අපහාසයට පත් වෙනවා.
එක්තරා කාර්යාලයක නිළධරියෙක් තමන්ගේ පුතා අත නිවාඩු ඉල්ලුම් පත්‍රයක් එවා ඔහුට දන්වා සිටියේ මේක ගිහින් සුජාතාට දෙන්න ලෙසින්ය. සුජාතා යනු වැඩිමහල් මෙන්ම වැදගත් නිළයක් දරණ කාන්තාවකි. පුතු පැමිණ මේක තාත්තා සුජාතාට දෙන්න කිව්වා කී සැනම බොහෝ දෙනා දරුවා දෙස බැලුවේ ඉතා අප්‍රසාදයෙන්ය. තැනට ගැලපෙන ලෙසින් කතා බහ කරන්නවත් උගන්නලා නැහැ… බොහෝ දෙනෙක් පියාට දොස් නැගූහ. ඒත් වරද ඇත්තේ කාගෙද…. පියා විසින් දරුවන්ට තම වයසට සාපේක්ෂ ලෙසින් එක් එක් අය ආමන්ත්‍රණය කරන අන්දම පහදා දීම ඉතා වැදගත් වේ.
මේ නිසා දරුවන් සහ දෙමව්පියන් අතර සම්බන්ධතාවය බාල කාලයේ පටන් ගොඩ නගා ගැනීම ඉතා වැදගත් වේ.

සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality