ඔක්තෝබර් 24, 2025
Family with Newborn Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

අලුත උපන් දරුවාටත් මවටත් තාත්තාගෙන් ඉටු විය යුතු යුතුකම් 10ක්

තම කුළුදුල් දරු පැටියාගේ මුහුණ දකින තාත්තෙක්ගේ සිත තම බිරිද හා දරුවා කෙරෙහි ඇතිවන ආදරයෙන් ඉදිරි ජීවිතය පිළිබදව තමා මත පැටවෙන වගකීම් සමුදායෙන් පිරුණු සිතිවිලිවලිනුත් පිරී යනු ඇත. එසේම අලුතෙන් ලද පිය පදවිය සමග තම දරු පැටියා හා පවුල සමග පවත්වාගත යුතු සම්බන්ධතාවය කුමනාකාර විය යුතු ද යන්න පිළිබඳවත් ගැටලු මතු විය හැක. ඒ සඳහා වැදගත් කරුණු 10ක් මේ ලිපියෙහි ඇතුළත් වේ.

  1. දරුවා සමග කාලය ගත කරන්න. දරුවාට ඔබ හඳුනාගැනීමටත් ඔබට දරුවා මෙන්ම පිය චරිතයෙහි ස්වභාවය හඳුනාගැනීමටත් කාලය අවශ්‍යයි. දරුවා සමග ගත කරන කාලය වැඩිවන තරමට ඔබ හා දරුවා අතර බැඳීම වර්ධනය වේ. දරුවා හට දයාවෙන් අනුකම්පාවෙන් සිටින්න.
  2. දරුවාට සමීපව හිඳින්න. දරුවා හා සිනාසෙන්න. ඔහුගේ/ඇයගේ දෑස් දෙස බලමින් කතා කරන්න.
  3. දරුවා මුලින් පිට කරන ශබ්ද අනුකරණය කරන්න. එය දරුවාගේ කථනය වර්ධනය කිරීමට ඔබ දෙන සහයෝගයයි.
  4. දරුවා වඩා ගන්න. ඔහුට / ඇයට සුවපහසුව හා ආරක්ෂාකාරී බව දැනෙන අයුරින් වඩාගෙන සිටින්න. දරුවා සෙමෙන් ඒ මේ අත සොළවමින් නළවන්න. දරුවාගේ ලොකුම සතුට මෙසේ ඔබ හා ගත කරන කාලයයි.
  5. දරුවාගේ කැතකුණු අතගෑම මවට පමණක් භාර නොදී අවශ්‍ය අවස්ථාවලදී ඒවා සිදුකරන්න
  6. මවට තමාගේ කාර්යයක් කරගන්නට හෝ විවේකයක් ලබාගන්නට සතියේ එක් දිනක් හෝ දරුවාගේ වගකීම භාර ගන්න. මව නිදහස් කරන්න.
  7. ඔබත් දරුවාත් මවත් එක් කණ්ඩායමක් බව හැඳිනගන්න. තිදෙනාගේම අවශ්‍යතාවයන් සලකමින් සැලසුම් සකස් කරන්න. බිරිඳ සමග වැඩකටයුතු බෙදාගන්න.
  8. බිරිදට හා දරුවාට ලබාදෙන පොරොන්දු රැකීම ඔබ හා පවුල ඇති අතර විශ්වාසයේ පදනමයි.
  9. දරුවාගේ බැල්මට හැඬුමට ප්‍රතිචාර දක්වන්න.
  10. බිරිදට හා දරුවාට ඔබේ ආදරය අවශ්‍ය බවත් ඒ මත පවුලේ පදනම ගොඩනැගෙන බවත් තරයේ මතක තබා ගන්න

Leave feedback about this

  • Quality