ඔක්තෝබර් 23, 2025
Walking Habit Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ඩිජිටල් ඇබ්බැහිට ඇවිදීමෙන් විසඳුමක්

ඩිජිටල් ඇබ්බැහි වීම සුව කිරීම සඳහා ඇවිදීම විසඳුමක් බව කොරියානු අධ්‍යයනයක් මගින් හෙලිවේ. අධික ලෙස ස්මාර්ට්ෆෝන් සහ අන්තර්ජාලය භාවිතය හේතුවෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපහසු වන ඩිජිටල් ඇබ්බැහිය (Digital Addiction) නම් තත්ත්වයට පත් වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් කොරියාවේ සිටිනට අතරම මෙයට පිළියමක් ලෙස, නිශ්චිත වේලාවක් වෙන් කරගෙන නිරතුරුව ඇවිදීම මගින් පමණක් වුවද, මෙම ඩිජිටල් ඇබ්බැහි වීම ලිහිල් කළ හැකි බවට කොරියානු පර්යේෂණ ප්‍රතිඵලයකින් පෙන්වා දී තිබේ.

මෙම අධ්‍යයනයට ලක් වූ එක් විශ්වවිද්‍යාල සිසුවෙකු දිනකට පැය 5කට වඩා වැඩි කාලයක් ස්මාර්ට්ෆෝන් භාවිත කරන අතර, භාවිත කරන කාලය පාලනය කර ගැනීමට අපහසු වී ඇත. ඔහු සඳහන් කළේ, Instagram Reels හෝ Shorts වැනි දේ බැලීමට පටන් ගත් විට දැඩි ලෙස අවධානය යොමු කරන බවත්, බොහෝ විට අලුයම වන තුරු නිදි නොලබා සිටීමට සිදු වන බවත්ය.

ස්මාර්ට්ෆෝනයට අධික ලෙස ඇබ්බැහි වීම නිසා එදිනෙදා ජීවිතයට බාධා ඇතිවීම හෝ භාවිතය නැවැත් වූ විට ඉවත්වීමේ රෝග ලක්ෂණ (withdrawal symptoms) පෙන්නුම් කරන්නේ නම්, ඩිජිටල් ඇබ්බැහි වීමක් ඇති බවට සැක කළ හැකිය. කොරියානු සෞඛ්‍ය කර්මාන්ත සංවර්ධන ආයතනය (Korea Health Industry Development Institute) විසින් පුද්ගලයන් 230,000 ක් විශ්ලේෂණය කිරීමෙන් පසු අනාවරණය කර ගත්තේ, අධික ඩිජිටල් උපාංග භාවිතය හේතුවෙන් සාමාන්‍ය ජීවිතයට බාධා ඇති වූ වැඩිහිටියන් සෑම අට දෙනෙකුගෙන් එක් අයෙකු බවයි. මෙය බොහෝ විට සිදුවන්නේ ස්මාර්ට්ෆෝන් භාවිතය පාලනය කිරීමට ඇති අපහසුව සහ උත්තේජක වීඩියෝ අන්තර්ගතයන් ඇබ්බැහි වීම වැඩි කරන බැවිනි.

කෙසේ වෙතත්, 50 හැවිරිදි පුද්ගලයන් ඩිජිටල් ඇබ්බැහි වීම වළක්වා ගැනීමට සෑම දිනකම ඇවිදීමේ ව්‍යායාමවල නිරත වන අතර, ඔහුගේ ස්මාර්ට්ෆෝන් භාවිත කාලය විශාල ලෙස අඩු වී තිබේ. පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව, නිතිපතා ඇවිදීමේ යෙදෙන 40 සහ 50 ගණන්වල මැදි වියේ වැඩිහිටියන්ගේ ඩිජිටල් ඇබ්බැහි වීමේ අවදානම 11% කින් අඩු වී ඇත. නිතිපතා ව්‍යායාම කිරීමෙන් විෂාදය, කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටලු වැඩිදියුණු වන බවත්, මොළයේ ක්‍රියාකාරිත්වය සක්‍රීය වී ඇබ්බැහිවීම් ජය ගැනීමට ශක්තියක් ලබා දෙන බවත් විශේෂඥයෝ පවසති. ව්‍යායාම කරන පුද්ගලයන්ගේ මොළයේ පෝෂක ද්‍රව්‍ය ස්‍රාවය වීම වැඩි වන අතර, එය මොළයේ නම්‍යශීලී බව (brain plasticity) වැඩි දියුණු කිරීමට උපකාරී වන බව ද විශේෂඥයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඇවිදින අතරතුර ස්මාර්ට්ෆෝන් බැලීමේ පුරුද්දක් ඇත්නම්, බැඩ්මින්ටන් හෝ ස්කිපිං රොප් වැනි අවධානය යොමු කිරීම අවශ්‍ය වන ව්‍යායාම සමඟ එය ඒකාබද්ධ කිරීම වඩාත් ඵලදායී බව යෝජනා කර ඇත. ඩිජිටල් ඇබ්බැහි වීම වළක්වා ගැනීමට නම්, ඩිජිටල් උපාංග භාවිත කරන කාලය සැලසුම් සහගතව කළමනාකරණය කිරීම මෙන්ම, නිත්‍ය ව්‍යායාම මගින් මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීම වැදගත් බව විශේෂඥයෝ අවධාරණය කරති.


KBS පුවත් ඇසුරෙනි.

Leave feedback about this

  • Quality