අද වෙද්දී තාක්ෂණය කියන්නේ අපේ ජීවිතවලින් වෙන් කළ නොහැකි කොටසක්. පාසල් අධ්‍යාපනයේ සිට සමාජ සම්බන්ධතා දක්වා සෑම දෙයක්ම ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක සහ ලැප්ටොප් වැනි තිරගත උපකරණ වටා ගෙතී පවතිනවා. මෙම ඩිජිටල් විප්ලවය දරුවන්ට දැනුම හා නව අවස්ථා රැසක් ගෙන ආවත්, එහි අනවශ්‍ය භාවිතය හේතුවෙන් තිර කාලය කළමනාකරනය කිරීමේ ගැටලුව නමින් හැඳින්වෙන නව අභියෝගයක් දෙමාපියන් වෙතට එල්ල වී තිබෙනවා.
තිර කාලය වැඩි වීම නිසා දරුවන්ගේ නින්ද, අධ්‍යාපන සාර්ථකත්වය, මානසික සෞඛ්‍යය සහ ශාරීරික යහපැවැත්මට සෘණාත්මක බලපෑම් එල්ල කළ හැකියි. එ් නිසා ශ්‍රී ලාංකේය දෙමාපියන් තිරගත උපකරණ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වෙනුවට එහි භාවිතය සමතුලිතව, ඵලදායීව සහ ආරක්ෂිතව කළමනාකරණය කරන්නේ කොහොමද යන්න පිළිබඳව දැනුවත් විය යුතුයි.
තිර කාලය කියන්නේ රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකථනය හෝ වීඩියෝ ක්‍රීඩා වැනි තිරයක් ඉදිරිපිට ගත කරන කාලයයි. මෙම භාවිතය ප්‍රධාන වශයෙන් දෙවර්ගයක්.
- නිෂ්ක්‍රීය තිර කාලය (Passive Screen Time)
මෙය තොරතුරු උකහා ගැනීමක් හෝ අන්තර්ක්‍රියාවක් නොමැතිව රූපවාහිනී වැඩසටහන් හෝ අහඹු ලෙස වීඩියෝ නැරඹීම නිසා තිරය දෙස බලා සිටීම වන අතර අධික නිෂ්ක්‍රීය භාවිතය දරුවන්ගේ අවධානය සහ නිර්මාණශීලීත්වය අඩු කරයි.
- ක්‍රියාකාරී තිර කාලය (Active Screen Time)
මෙය දරුවා සක්‍රියව යෙදෙන, ගැටලු විසඳන හෝ නිර්මාණය කරන අධ්‍යාපනික යෙදුම්, කෝඩින් (Coding) වැඩසටහන් හෝ මිතුරන් සමඟ වීඩියෝ ඇමතුම් වැනි ක්‍රියාකාරකම්ය වන අතර මෙම භාවිතය ප්‍රවර්ධනය කළ යුතු වුවත් තිර කාලය වැඩි වීම නිසා දරුවන්ගේ සමාජ කුසලතා අඩුවීම, නින්ද බිඳ වැටීම සහ මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතී.
දරුවෙකුගේ තිර කාලය සීමා කිරීම ඔවුන්ගේ වයස සහ සංවර්ධන අවධිය මත රඳා පවතී.
උපතේ සිට වයස අවුරුදු 2 දක්වා මොළයේ වේගවත්ම වර්ධන අවධිය නිසා සෘජු අන්තර්ක්‍රියාව අත්‍යවශ්‍ය වන අතර මේ වයස් සීමාවේ දරුවන්ට වීඩියෝ ඇමතුම් හැර වෙනත් තිර කාලයක් භාවිතය නොකළ යුතුය.
වයස අවුරුදු 2 – 5 දක්වා දරුවන් දෙමාපියන් සමග දිනකට පැයක් හෝ ඊට අඩුවෙන් ක්‍රියාකාරී අධ්‍යාපනික අන්තර්ගතයන් පමණක් භාවිත කළ හැකිය.
වයස අවුරුදු 6 – 12 දක්වා දරුවන් අධ්‍යාපන හා නිර්මාණශීලී ක්‍රියාකාරකම්වලට යොමු කිරීම වැදගත් වන අතරම පැය 1 – 2ක් අතර කාලයක් ගුණාත්මක අන්තර්ගතයන් සඳහා පමණක් තිර කාලය යොදාගත හැක.
යොවුන් විය එනම් වයස 13 සිට පාසල් වැඩවලින් පසු අසීමිත ලෙස තිර භාවිතයට ඉඩ නොදිය යුතු අතරම නින්දට පැයකට පෙරත් තිරගත උපකරණ භාවිතය නතර කළ යුතුය. නිශ්චිත කාල සීමාවක් වෙනුවට සමතුලිතතාවය ඉලක්ක කළ යුතුය.
දරුවන්ගේ ඩිජිටල් භාවිතය කළමනාකරණය කිරීමේ සාර්ථකත්වය වන්නේ නීති පැනවීම නොව දරුවන් සමග එකඟතාවයකින් යුතුව පවුල තුළ පොදු නීති පද්ධතියක් සැකසීමයි. මෙහිදී කාලය සීමා කිරීමට වඩා භාවිත කරන අන්තර්ගතයේ ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. තවද තිර කාලය කළමනාකරණයට සහ ආරක්ෂාව තහවුරු කිරීමට ඇති මෙවලම් පිළිබඳව දැනුවත් වීම ද වැදගත් වේ.
- පවුලේ අය එකට කෑම ගන්නා විට කිසිවෙකු ජංගම දුරකථන භාවිත නොකළ යුතුය.
- විශේෂයෙන්ම නින්දට පැයකට පෙර සියලුම තිරගත උපකරණ නිදන කාමරවලින් ඉවත් කළ යුතුය. නිල් ආලෝකය, මෙලටොනින් නිෂ්පාදනයට බාධා කර නින්දට හානි කරයි.
- යොවුන් වියේ දරුවන් සමඟ තිර කාලය, භාවිත කළ යුතු යෙදුම් සහ මාර්ගගත හැසිරීම් පිළිබඳව සාකච්ඡා කර වගකීමෙන් යුතුව එය භාවිත කිරීමට එකඟතාවයකට පැමිණීම
- නිෂ්ක්රීයව වීඩියෝ නැරඹීමට වඩා කතන්දර ලිවීම, චිත්‍ර ඇඳීම, සංගීතය නිර්මාණය කිරීම වැනි නිර්මාණශීලී ක්‍රියාකාරකම් සඳහා තාක්ෂණය භාවිත කිරීමට දරුවන් දිරිමත් කරන්න.
- දෙමාපියන් ලෙස, දරුවන් සමඟ එකට වාඩි වී අධ්‍යාපනික වැඩසටහන් නැරඹීම, යෙදුම් භාවිත කිරීම සහ ඒවා සාකච්ඡා කිරීමෙන් ඉගෙනුම් ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න.
- දෙමාපිය පාලන යෙදුම් භාවිතයෙන් දිනකට භාවිත කළ හැකි කාලය සීමා කළ හැකිය.
- දරුවාට නුසුදුසු අන්තර්ගතයන් අවහිර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග වෙත යොමු වෙන්න
තිර කාලය සීමා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතරම දරුවා ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන බවට දෙමාපියන් වග බලා ගත යුතුය.
- කිසිවිටෙකත් තමන්ගේ සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය හෝ පාසල් විස්තර මාර්ගගතව නාඳුනන අය සමඟ බෙදා නොගත යුතු බවට දරුවාට උගන්වන්න.
- සමාජ මාධ්‍ය ගිණුම්වල සහ යෙදුම්වල රහස්‍යතා සැකසුම් (Privacy Settings) නිවැරදිව සකසා ඇත්දැයි පරීක්ෂා කරන්න.
- දරුවාට අන්තර්ජාලයේදී අපහසුතාවයක් හෝ බියක් දැනෙන ඕනෑම දෙයක් පිළිබඳව කිසිදු බියකින් තොරව ඔබ සමඟ කතා කළ හැකි බවට විශ්වාසයක් ඇති කරන්න. දරුවා විනිශ්චය නොකර සවන් දෙන්න.
- නුසුදුසු පණිවිඩයක් ලැබුණහොත් හෝ හිරිහැරයක් සිදුවුවහොත්, එම පුද්ගලයා වාර්තා කර (Report), අවහිර කර (Block), දෙමාපියන්ට පැවසිය යුතු බවට පුහුණු කරන්න.
තිර කාලය සීමා කිරීමේදී ඇතිවන හිඩැස පිරවීමට දරුවාගේ එදිනෙදා ජීවිතයට තිරයෙන් බැහැර ආකර්ෂණීය ක්‍රියාකාරකම් ඇතුළත් කළ යුතුය.
- මිතුරන් සමඟ එළිමහන් ක්‍රීඩා සඳහා දරුවා දිරිමත් කරන්න.
- පොත් කියවීම, පුවත්පත් හෝ සඟරා කියවීම සඳහා කාලය වෙන් කරන්න.
- පවුලේ අය සමඟ එක්ව ඉවුම් පිහුම්, ගෙවතු වගාව, හෝ කලාත්මක ක්‍රියාකාරකම් වැනි නව විනෝදාංශ ආරම්භ කරන්න.
ඩිජිටල් තාක්ෂණය තවදුරටත් ලස්සන විකල්පයක් නොව එය අපගේ ජීවිතයේ යථාර්ථයකි. දෙමාපියන් ලෙස අපගේ භූමිකාව විය යුත්තේ තාක්ෂණයට බිය වීම හෝ එය තහනම් කිරීම නොවන අතරම ඩිජිටල් පුරවැසිභාවය (Digital Citizenship) පිළිබඳව දරුවන්ට උගන්වා, ඔවුන් ආරක්ෂිතව සහ ඵලදායීව මෙහෙයවීමයි.
තිර කාලය කළමනාකරණය යනු දරුවාගේ ජීවිතයේ සමතුලිතතාවය සහ මානසික සුවතාවය තහවුරු කිරීමේ දිගු කාලීන ක්‍රියාවලියකි. පැහැදිලි නීති, ගුණාත්මක අන්තර්ගතයන් සහ විවෘත සන්නිවේදනය මඟින් ඔබට ඔබේ දරුවාට තාක්ෂණයේ හොඳම දේ භුක්ති විඳීමටත් එහි අවදානම් වළක්වා ගැනීමටත් මඟ පෙන්විය හැකිය.


Leave feedback about this