ඔක්තෝබර් 30, 2026
විශේෂී ලිපි

ලස්සන වෙන්න ස්වභාවික සත්කාර දැනගනිමු


ලස්සන වෙන්න කවුද අකමැති. ඒත් දැන් හැමදෙනාම ලස්සන වෙන්න රූපලාවන්‍යගාර වෙත යෑමටත් මුදල් වගේම කාලයත් ගැටලුවක්වි. ඒ විතරක් නොවෙයි, රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් යොදා ගන්නා නිෂ්පාදනයන්හි අන්තර්ගත රසදිය ගැන තිබෙන චෝදනාවන් නිසාත් දැන් පුංචි සැකයක් හැමදෙනාගේහ හිත්වල තිබෙනවා.
ඉතින් මේ සියල්ලටම විකල්ප ලෙසින් ඔබට ස්වභාවික රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවෙන් යොමු වීමට කිසිම බාධාවක් නැහැ.
■ නිරෝගි හිසකෙස්
ලොකු බී ළුෑණු ගෙඩි දෙකක් කුඩාවට කපා ගෙන බ්ලෙන්ඩ් කරන්න.දැන් එය පෙරා ගන්න. මේ මිශ්‍රණයට පොල් තෙල් මේස හැන්දක් එකතු කරන්න. හොඳින් මිශ්‍රණය කලවම් කර ගෙන පුළුන් කැබැල්ලක පොඟවමින් හිස ගල්වන්න.ඇඟිලි තුඩු ආධාරයෙන් සම්බාහනය කරන්න.මේ සම්බාහනය විනාඩි පහක පමණ කාලයක් කරන්න.එයින් පැය බාගයක් පමණ ගත වුනාම ඇල් වතුරෙන් හිස සෝදන්න.සතියකට තුන් වතාවක් පමණ බොම්බයි ලූණු ප්‍රතිකාරය කිරීමෙන් නිරෝගි කෙස් කලඹක් ඔබට ලැබේවි.
 දෙපා ලස්සනට තියන්න…
පාදවල හම දුර්වර්ණ වී තිබෙනවා නම් ගොරක තම්බා ගත් ජලයට සහිඳ ලුණු තේ හැඳි බාගයක්,ආමන්ඩ් තෙල් තේ හැඳි බාගයක්, ආමන්ඩ් ජෙල් තේ හැඳි බාගයක් සහ ලැවෙන්ඩර් තෙල් තේ හැඳි බාගයක් එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය පාද වල ආලේප කර විනාඩි 20 කට පමණ පසුව සෝදා හරින්න.
ඔලිව් තෙල් සහ විටමින් E කරලක් එකට මිශ්‍ර කර ගෙන නින්දට යෑමට පෙරාතුව මේ මිශ්‍රණය ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
 දෙපා වෙහෙසට
අතීතයේ වන්දනාවේ හෝ දුර ගමන් යෑමෙන් පසුව දෙපාවල ඇති වෙන වෙහෙස නිවා ගත්තේ මෙහෙමයි. උතුරන වතුරට ගොරක කැබලි කීපයක් දමා ඒ ජලයෙන් දෙපා සෝදා ගත්තා.ගමන නිසා දෙපයට ඇති වුන වෙහෙස නොදැනීම අඩු වුණා.
සිසිල් ජලයට සුදු හඳුන් කුඩු එකතු කර ඒ ජලයෙන් දෙපා සෝදා ගැනීමෙනුත් වෙහෙසට පිළියම් ලැබුණා.
 දත් මුල් දියවෙනවා නම්
කරුංකා,මූණමල් පොතු සහ පිලමුල් තම්බා ගත් ජලයට සීනක්කාරං පුළුස්සන අළු දමා කට සෝදන්න.
 ලස්සනට
කරවිල තිත්ත වුනත් බොහාම ගුණ ආහාරයක්.ඊටත් අමතරව ලස්සන වෙන්න කරවිල වලින් ලැබෙන වාසිය ඔබ දන්නවාද..?
කුරුලෑ,දහඩිය බිබිලි තිබෙනවා නම් කරවිල ගෙඩි දෙකක් කැබලි කපා තම්බා ගන්න.මේ කැබලි සමගම වතුර නිවෙන්න තබා ඔබ ස්නානය කරන ජලයට එකතු කරන්න.
කරවිල ගෙඩි දෙකක් අරගෙන බ්ලෙන්ඩ් කරන්න.එය අඹරා තලපයක් සේ සාදා බෙල්ල,මුහුණ, ආදි තැන්හි ආලේප කර සෝදන්න.
කිහිලි ප්‍රදේශය කලු වීම හෙවත් අවපැහැ ගැන්වීම විවිධ හේතුන් බලපානවා.
■ කිහිලි ප්‍රදේශයේ කෙස් ඉවත් කිරීමට යොදා ගන්නා ආලේපන
■ අධික ලෙස දහඩිය දැමීම නිසා හොඳන් වාතාශ්‍රය නොලැබීම.
■ මද්‍යසාර අඩංගු deodorants වර්ග භාවිතය
මෙන්න ඒ වෙනුවෙන් ස්වභාවික සත්කාර
■ කිහිලි ප්‍රදේශයේ ලෙමන් යුෂ ආලේප කර තබා විනාඩි දහයකින් සෝදා හරින්න.ලෙමන් යුෂට සීනි ස්වල්පයක් එක් කර ගන්නත් පුලුවනි. මෙය සතියකට කීප වතාවක් කරන්න.
■ ඒ වගේම ලෙමන් යුෂ සමග යෝගට්, පැණි හෝ කහ ස්වල්පයක් එක් කර ගෙන සාදා ගත් මිශ්‍රණය විනාඩි දහයක් කිහිලි ප්‍රදේශය තවරා විනාඩි දහයකට පසුව සෝදන්න.
■ අර්තාපල් සිහින්ව පෙති කපා ගෙන හෝ සිහින්ව ලියා ගෙන කිහිලි අත්යට කළු පැහැ ගැනුන ප්‍රදේශයේ අතුල්ලා විනාඩි 15 කින් පසුව මද උණුසුම් ජලයෙන් සෝදන්න.
■ අත් යට කලු පැහැ ගැනුන ප්‍රදේශයේ පොල්තෙල් ආලේප කර හොඳාින් සම්බාහනය කරන්න. විනාඩි 15 කින් පමණ පසුව සෝදන්න.
■ සිහින්ව කපා ගත් පිපිඤ්ඥා පෙති හෝ යුෂ කිහිලි ප්‍රදේශයේ ආලේප කරන්න.ඊට අමතරව පිපිඤ්ඤා යුෂ සමග කහ කුඩු ස්වල්පයක් ගොරෝසු මිශ්‍රණයක් සේ තනා ගෙන කළු ගැනුන ප්‍රදේශයේ තවරා විනාඩි තිහකින් සෝදා හරින්න.
■ සෝඩා වතුර සමග බේකිං පවුඩර් මිශ්‍ර කර ගෙන සාදා ගන්නා පල්පය කිහිලි යට කළු පැහැ ගැනුන ප්‍රදේශයේ ආලේප කර තබා ටික වේලාවකින් සෝදා වියලා ගන්න. එය කිහිලි ප්‍රදේශයේ දුගඳටත් විසඳුමක්
■ ඉවත දමන දොඩම් ලෙලි අව්වේ වියලා කුඩු කර ගන්න.එයින් තේ හැඳි දෙකක් ගෙන රෝස වතුර සමග එක් කර පාප්පයක් සාදා ගෙන කිහිලි යට කළු ගැනුන ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩ් 10-15 කින පමණ පසුව සිසිල් ජලයෙන් සෝදන්න.

රූපලාවන්‍ය ආයුර්වේද වෛද්‍ය රුක්ෂි ජයතිස්ස, මහනුවර මුල්ගම්පොල ඓශ්චර්යා රූපලාවන්‍යාගාරයේ අධිපතිනිය

සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/