ඔක්තෝබර් 30, 2026
පෝෂණීය සුව දිවිය සුව දිවිය

කාට කාටත් නැතිවම බැරි පරිප්පු

lens esculenta යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පරිප්පු, කියමනට කියන්නා සේම අපේ ආහාරය වෙනුවෙන් විවිධාකාරව වැදගත් වේ. රනිල කුලයට අයත් අතර ඉතා පහසුවෙන් පෝෂණය උපයා ගත හැකි ප්‍රභවයකි. පහසුවෙන් පෝෂණය උපයා ගත හැකි අතර පහසුවෙන් පිස ගත හැකි වූද, අඩු වියදමකින් ලැබෙන නිසා මෙන්ම, ඕනෑම ආහාරයක් වෙනුවෙන් ගැලපෙන ආහාරයකි. පරිප්පු කිරට, මිරසට, තෙම්පරාදුවට මෙන්ම අවශ්‍ය නම් මැල්ලුමක් ලෙසින්ද පිලියෙල වේ. කුඩා දරුවන්ට සුදට පිසින විට ඒ වෙනුවෙන් මිරිස් නොදමා කහ, කරපිංචා, අමුමිරිස්, තුනපහ යොදා ගෙන දියකිරෙන් ලිප තබා මිටිකිරි පැසවා ගෙන පිලියෙළ කර ගත හැකිය. සුප් පිලියෙල කරන විටත් පරිප්පු එක් කර ගැනේ. ඊට අමතරව පතෝල, සාරන, නිවිති වැනි ව්‍යංජන පිසින විට පරිප්පු එක් කර ගැනීමෙන් පෝෂණීය ගුණය ලබා ගත හැකි අතර රසයේ විවිධත්වයක් ඇති වේ. බත් සමග මෙන්ම පාන්, ඉදිආප්ප, ආප්ප , පිට්ටු, ආප්ප වැනි ආහාර වෙනුවෙන්ද පරිප්පු ඉතා හොඳින් ගැලපෙන ආහාරයකි.

පරිප්පු රතු සහ කහ යනුවෙන් වර්ග දෙකකි. පරිප්පුවල ඉතිහාසය වේද යුගයෙන් පටන් ගැනෙන බව සිතිය හැක. චරක සංහිතාව වැනි ග්‍රන්ථවල පවා පරිප්පු ගැන සඳහන්ව ඇත.

මයිසූරයේ ද්‍රවිඩ වෙළෙන්දන් විසින් ලංකාවට එවන ලද රතු පරිප්පු විශේෂය අපි මයිසූර් යනුවෙන් ව්‍යවහාර කළත් එහි නියම උච්චාරනය මසූර් ලෙසින් වෙනස් විය යුතුය. ඉන්දියාව නිජබිම කරගත් මෙම පරිප්පු විශේෂය ග්‍රිසිය, ඉතාලිය, උතුරු අප්‍රිකාව වැනි රටවල වගා වේ.

මෙම පරිප්පු විශේෂය පැපොල ආදි රෝග කැලැල් මැකීමට අඹරා ගෙන එම ලප කැලැල් මත ආලේප කරනු ලැබේ.

පරිප්පු ග්‍රෑම් සියයක අඩංගු පෝෂනය

පෝෂණය                     ප්‍රතිශතය

ශක්තිය                         ග්‍රෑම් 343

තෙතමනය                    ග්‍රෑම් 12. 4

මේදය                           ග්‍රෑම් 0.7

කාබොහයිඩ්රේට           ග්‍රෑම් 59.0

ඛණිජ                           මිලිග්‍රෑම් 4.8

කෙඳි                                        1.0

කැල්සියම්                     මිලිග්‍රෑම් 69

පොස්පරස්                    මිලිග්‍රෑම් 295

කැරොටින්                    මයික්‍රොග්‍රෑම් 270

තයමින්                         මයික්‍රොග්‍රෑම් 450

රිබොක්පැක්ස්               මයික්‍රොග්‍රෑම් 200

නයසින්                         මිලිග්‍රෑම් 2.6

මීට අමතරව කහ පැහැයෙන් යුක්ත තෝර පරප්පු නිවර්තන අප්‍රිකාව නිජබිම කර ගත් අතර ඒවා වනාන්තරයේ ඉබේම වගා වී ඇත. මැඩගස්කරයේ පුරාණ කාලයේ පටන්ම පරිප්පු වගා කළ අතර ඊජිප්තු සොහොන්බිම්වල පවා තෝර පරිප්පු හමු වූ බවට සාක්ෂි ඇත. සාරාර්ථ සංග්‍රහථ භාව ප්‍රකාශ වැනි ග්‍රන්ථවල සඳහන් අන්දමට ක්‍රි. පු 2000 ටත් පෙර කාලයේ පටන් පරිප්පු වගා කළ බව අනුමාන කෙරේ.

නිවර්තන හා උප නිවර්තන කලාපයන්හි වැවෙන තෝර පරිප්පු ඉන්දියාව, බටහිර හා නැගෙනහිර අප්‍රිකාව, මලයාසියාව, පිලිපීනය, කැරිබියානු දූපත් මෙන්ම බටහිර සහ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්තව ඇත.

පෝෂණය                     ප්‍රමාණය

ශක්තිය                         කැලරි 335

තෙතමනය                    ග්‍රෑම් 12.4

ප්‍රෝටීන්                        ග්‍රෑම් 22.3

මේදය                           ග්‍රෑම් 1.7

කාබොහයිඩ්රේට           ග්‍රෑම් 57.6

කැල්සියම්                     මිලිග්‍රෑම් 73

පොස්පරස්                    මිලිග්‍රෑම් 304

යකඩ                            මිලිග්‍රෑම් 5.8

කැරොටින්                    මයික්‍රොග්‍රෑම් 270

තයමින්                         මයික්‍රොග්‍රෑම් 450

රයිබොප්ලේවින්           මයික්‍රොග්‍රැම් 2.6

තෝර පරිප්පු කොළ එලවලුවක් වශයෙන්ද, වියලි ඇට තම්බා ආහාරයටත් ගැනේ. පියලි කළ පසුව තෝර පරිප්ප ලෙසින් පිලියෙල වෙන අතර ඉනදියානුවන් කැබලි වූ පරිප්පු සත්ව ආහාර වෙනුවෙන් යොදා ගැනේ.

රතු පරිප්පු ඉක්මනින් තැම්බුනත් තෝර පරිප්පු තම්බා ගැනීමට කාලය ගත වේ. මේ නිසා පිසින්නට පෙරාතුව පොඟවා ගනී. එහෙත් අද පීඩන උඳුනෙන් ඉතා හොඳින් තෝර පරිප්පු තම්බා ගැනීමට කිසිම අපහසුවක් නැත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/