NT එනම් Nuchal Translucency නම් වන මෙම ස්කැන් පරික්සනය ගැබිනි සමයේ සති 11 සිට සති 13 සහ දින 6 අතර කාලය තුල සිදු කරන විශේෂ අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound) පරීක්ෂණයකි. මෙහිදී වෛද්‍යවරයා බිළිඳාගේ බෙල්ලේ පිටුපස සමට යටින් ඇති දියර තට්ටුවේ (Fluid-filled space) ඝනකම ඉතා නිවැරදිව මැන බලයි. මෙම දියර ස්ථරය සාමාන්‍යයෙන් සියලුම බිළිඳුන්ට තිබෙන නමුත්, එහි ඝනකම සාමාන්‍යයට වඩා වැඩි නම් සමහර ජානමය හෝ ව්‍යුහමය අසාමාන්‍යතා සඳහා අවදානම වැඩි විය හැකි බව පෙන්නුම් කළ හැකිය.
NT Scan එක කරන්නේ ඇයි?
NT Scan එකේ ප්‍රධාන අරමුණ වන්නේ,
බිළිඳාගේ වර්ධනය සාමාන්‍යදැයි පරීක්ෂා කිරීම
Down Syndrome වැනි ජානමය තත්ත්වයන් සඳහා ඇති අවදානම තක්සේරු කිරීම
බිළිඳාගේ හෘදය ඇතුළු මූලික අවයව නිසි ලෙස වර්ධනය වී තිබේදැයි නිරීක්ෂණය කිරීම
ගැබ් කාලය නිවැරදිව තහවුරු කිරීම
නිවුන් ගැබ්ද යන්න පරීක්ෂා කිරීම
NT Scan එක සිදු කළ යුතු හොඳම කාලය කුමක්ද?
මෙම පරීක්ෂණය සිදු කළ යුත්තේ ගැබිනි සමයේ සති 11 – සති 13 + දින 6 එනම් සති 11 සිට සති 14 සම්පුර්න විමට දිනකට පෙර යන කාලය තුළ පමණි. මෙම කාලයෙන් පසු NT මිනුම විශ්වාසදායක ලෙස ලබා ගැනීමට අපහසු වන බැවින් නියමිත කාලයේදී පරීක්ෂණය සිදු කිරීම ඉතා වැදගත් වේ.
NT Scan එකෙන් පරීක්ෂා කරන්නේ මොනවාද?
- බෙල්ලේ පිටුපස දියර තට්ටුව
මෙය NT Scan එකේ ප්‍රධාන මිනුමයි. NT අගය වැඩි වීමෙන්,
Down Syndrome
Edwards Syndrome
Patau Syndrome
සමහර හෘද දෝෂ
වෙනත් ජානමය තත්ත්වයන් සඳහා ඇති අවදානම වැඩි විය හැකිය.
2. බිළිඳාගේ වර්ධනය
බිළිඳාගේ දිග (CRL – Crown Rump Length) මැන ගැබ් කාලය නිවැරදිව තීරණය කරයි.
3. හෘද ස්පන්දනය
බිළිඳාගේ හෘදය නිසි ලෙස ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කරයි.
4. මොළය සහ හිස
මොළයේ මූලික වර්ධනය සාමාන්‍යදැයි බලයි.
5. අත් සහ පාද
අත් දෙක, පාද දෙක නිසි ලෙස වර්ධනය වී තිබෙනවාදැයි පරීක්ෂා කරයි.
6. උදරය සහ අනෙකුත් අවයව
උදර බිත්තිය, ආමාශය, මුත්‍රාශය වැනි මූලික ව්‍යුහයන් නිරීක්ෂණය කරයි.

NT Scan එකෙන් Down Syndrome තහවුරු වෙනවාද?
නැහැ. මෙය Screening Test එකකි. එනම්, අවදානම වැඩිද අඩුද යන්න පෙන්වයි. තහවුරු කරන පරීක්ෂණයක් නොවේ.
NT Scan එකට අමතරව කරන රුධිර පරීක්ෂණ මොනවාද?
බොහෝ අවස්ථාවල NT Scan එක සමඟ, PAPP-A, Free Beta hCG රුධිර පරීක්ෂණද සිදු කරයි.
මෙම ප්‍රතිඵල මවගේ වයස සමඟ එකතු කර අවදානම ගණනය කරයි. NT Scan එකේ සාමාන්‍ය අගය සාමාන්‍යයෙන් 3 mm ට අඩු NT අගයක් බොහෝ විට සාමාන්‍ය ලෙස සැලකේ.
නමුත්, මෙය බිළිඳාගේ CRL සහ ගැබ් සතිය අනුව වෙනස් විය හැකි බැවින් අවසාන තීරණය වෛද්‍යවරයා විසින් ලබා දෙයි.
NT අගය වැඩි නම් මොකද වෙන්නේ?
NT අගය වැඩි වීමෙන් අනිවාර්යයෙන්ම බිළිඳාට රෝගයක් ඇති බව අදහස් නොවේ. එයින් අදහස් වන්නේ, වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය විය හැකි බවයි.
වෛද්‍යවරයා නිර්දේශ කළ හැකි පරීක්ෂණ
NIPT – මවගේ රුධිරයෙන් කරන ඉතා නිවැරදි Screening Test එකකි.
CVS – Placenta එකෙන් කුඩා සාම්පලයක් ලබාගෙන පරීක්ෂා කරයි.
Amniocentesis – Amniotic Fluid එකෙන් සාම්පලයක් ලබාගෙන Chromosome පරීක්ෂා කරයි.
NT Scan එක බිළිඳාට ආරක්ෂිතද?
ඔව්. මෙය සාමාන්‍ය Ultrasound පරීක්ෂණයකි. විකිරණ භාවිත නොකරයි. මවට ආරක්ෂිතයි. බිළිඳාට ආරක්ෂිතයි. ලොව පුරා භාවිතා කරන පරීක්ෂණයකි.
පරීක්ෂණය අතරතුර මොනවද වෙන්නේ?
මව ඇඳ මත වැතිර සිටියදී, උදරයට ජෙල් එකක් ගල්වා, Ultrasound Probe එක මඟින් බිළිඳා නිරීක්ෂණය කරයි.
සමහර විට බිළිඳා නිසි ඉරියව්වක නොසිටින්නේ නම්, ටිකක් ඇවිදින්න කහින්න කියා අපදෙස් ලබා දි නැවත පරීක්ෂා කරයි.
NT Scan එකට සූදානම් වන්නේ කොහොමද?
වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
කලින් Scan Reports රැගෙන යන්න.
ජලය පානය කළ යුතුද නැද්ද යන්න කලින් අසන්න.
නියමිත වේලාවට රෝහලට පැමිණෙන්න.
NT Scan එකේ ප්‍රතිඵල ලැබෙන්නේ කවදාද?
බොහෝ විට Scan එක අවසන් වූ වහාම වෛද්‍යවරයා මූලික වාර්තාව ලබා දෙයි. රුධිර පරීක්ෂණ සමඟ එක් කළ අවදානම් වාර්තාවට දින කිහිපයක් ගත විය හැක.
ගැබිනි මවක් NT Scan එක අතපසු කළොත්?
නියමිත කාලය ඉක්මවා ගිය පසු NT Scan එක නිවැරදිව සිදු කළ නොහැක. එවිට වෛද්‍යවරයා වෙනත් Screening හෝ Diagnostic පරීක්ෂණ නිර්දේශ කළ හැක.
NT Scan පිළිබඳ ඇති වැරදි මත
NT Scan එකෙන් රෝගයක් තහවුරු වෙනවා – මෙය වැරදි මතයකි
NT අගය වැඩි නම් බබා අනිවාර්යයෙන්ම අසනීපයි – නැත. බොහෝ ගැබ්වල NT අගය වැඩි වුවද පසුව සම්පූර්ණයෙන්ම නිරෝගී දරුවන් උපත ලබන අවස්ථා තිබේ.
NT Scan එක අනිවාර්ය නැහැ – නැත. මෙය බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඉතා වැදගත් පළමු ත්‍රෛමාසික Screening පරීක්ෂණයකි.
NT Scan සම්බන්දව නිතර අසන ප්‍රශ්න (FAQ)
NT Scan එක වේදනාකාරීද? නැහැ. මෙය සාමාන්‍ය Ultrasound පරීක්ෂණයකි.
කොච්චර වෙලාවක් යනවද? සාමාන්‍යයෙන් මිනිත්තු 20–30ක් පමණ ගතවේ.
නිවුන් ගැබ්වලත් NT Scan කරනවද? ඔව්. නිවුන් හෝ බහු ගැබ්වලද මෙම පරීක්ෂණය සිදු කරනු ලැබේ.
NT සාමාන්‍ය නම් තවත් පරීක්ෂණ අවශ්‍ය නැද්ද? අවශ්‍ය විය හැකිය. ගැබිනි සමයේ වෙනත් නිර්දේශිත පරීක්ෂණ (Anomaly Scan, Growth Scan, රුධිර පරීක්ෂණ ආදිය) නියමිත කාලයට සිදු කිරීම අත්‍යවශ්‍යය.
NT ස්කෑන් යනු ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකයේ සිදු කරන ඉතා වැදගත් Screening පරීක්ෂණයකි. මෙය බිළිඳාගේ බෙල්ලේ පිටුපස ඇති දියර තට්ටුව මැනීම පමණක් නොව, බිළිඳාගේ මුල් වර්ධනය, හෘද ස්පන්දනය, ගැබ් කාලය සහ ඇතැම් ජානමය තත්ත්වයන් සඳහා ඇති අවදානම තක්සේරු කිරීමටද උපකාරී වේ.
කෙසේ වෙතත්, NT ස්කෑන් ප්‍රතිඵලය සාමාන්‍ය නොවූ පමණින් බිය විය යුතු නැත. එය අවදානමක් පෙන්වන පරීක්ෂණයක් පමණක් වන අතර, අවශ්‍ය නම් වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කර නිවැරදි තක්සේරුවක් ලබා දෙනු ඇත. සෞඛ්‍ය සම්පන්න ගැබ් කාලයක් සඳහා, සියලුම නිර්දේශිත පරීක්ෂණ නියමිත කාලයට සිදු කිරීම සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.


Leave feedback about this